නාඩි ජ්‍යොතිෂයට අනුව මාර්තු මාසයේ උපන් ඔබට ඉදිරි සතිය (මාර්තු 08 සිට 15 දක්වා) කාලය කෙසේ ගතවේද යන්න සලකා බලමු.Sri Lanka Latest News
සෙනසුරු ග්‍රහයා මුල්ව උදාවන සතිය සිකුරු ග්‍රහයාගෙන් නිමාව දකී. ඉතින් මෙම සතිය ආධ්‍යාත්මය මෙන්ම භෞතිකය යන අන්ත දෙකෙහිම මිශ්‍රණයක් කිවහොත් නිවැරැදිය. එසේම මෙම සතිය ඔබට ඉතා සමබර සතියක් වනවා නොඅනුමානය.
ඔබගේ ආර්ථිකය සැලකීමේදී අස්ථානගතව තිබූ මුදලක් නැවත ඔබට ලැබීමේ භාග්‍යය උදාවේ. ආදායම් තත්ත්වය සමබරව පවතින අතර, අයවැය යන දෙකම සම සේ දෝලනය වේ. තවද ඔබට ලැබීම් මෙන්ම වියදම්ද, වියදම් කරන්නට මුදල්ද ලැබේ. ආර්ථික තත්ත්වය ඔබට සහනදායී අන්දමින් ගතවනවා මෙන්ම නව ව්‍යාපාර අදහස්ද ඔබට අන්‍යයන් ඔස්සේ ලැබේ.
රැකී රක්ෂාවලට තරමක බාධාකාරී ගති මෙන්ම තරගකාරී ගති ඉස්මතු වේ. රැකියාවට නැවත අලුතින් සම්බන්ධ වූ අයගෙන් සිත් රිදවීම් ඇතිවිය හැකිය. එසේම ඔවුන් ඔස්සේ නොසිතූ අලාභද ඇතිවීමේ ප්‍රවණතාවක්ද පවතී. තරගකාරීත්වයට නොබියව මුහුණ දීම උදෙසා තම චිත්ත ඒකාග්‍රතාව පවත්වා ගැනීම ඔබට වැදගත් වේ.
ගෘහ ජීවිතයේ ගලායෑම සතිය මුලදී ගැටලු ඇති කළද සතිය අවසානය ආදරය කරුණාව මුල් කරගෙන කටයුතු කිරීමට හැකියාව ලැබේ. ඉතා අලංකාර ලෙස වචන භාවිත කිරීම අන්‍යයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට තුඩුදේ. එය ඔබට සමාජය තුළ කැපීපෙනීමට අවස්ථාව උදාකර දේ. එසේම ආගමික කටයුතුවලට ඇරයුම් ලැබේ. නිතර ආගමික සිද්ධස්ථාන දැකීමට ඔබ තුළ සිත් පහළ වන සතියකි. එසේම සිතේ සාමකාමී බව පවත්වා ගැනීමට ඔබට මෙම සතිය මනා පිටිවහලකි.
අධ්‍යාපනය සම්බන්ධවද පැවැති බාධාකාරී ගති ස්වභාවයන් පවය යයි. නව අධ්‍යාපන කටයුතු ඇරඹීමට මෙන්ම පවත්නා අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යෑමට ඔබට මෙම සතිය මහෝපකාරී වේ. මනෝවිද්‍යාව, උපදේශනය වැනි විෂයන් ඉතා පහසුවෙන් ජයගත හැකි සතියකි මෙම සතිය.
එසේම ඔබ සිත තුළ කාලයක සිට යම් යම් ගැටලුකාරී ස්වභාවයන් පැවැතියේ නම් ඒවා විසඳා ගැනීමට ඉතා වටිනා කාලයකි මෙම උදාවන ඉදිරි සතිය.
රෝග පීඩා ආදිය පිළිබඳ බැලීමේදී දණහිස ආශ්‍රිත, සන්ධි ආශ්‍රිත ආබාධ මතුවීමට හෝ තිබූ එවැනි ආබාධ වැඩිවීමකට ලක්විය හැකිය. නිවැරැදි ඉරියව් අනුගමනය කිරීමට වගබලා ගන්න. එවිට ඔබට මෙම තත්ත්වයන් මගහරවාගත හැකිය.
ඔබට සුබදායී සතියක් වේවා.
මනෝලි බණ්ඩාර
නාඩි ජ්‍යොතිෂවේදිනී











