ඉරානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ප්‍රධාන පෙළේ ද්‍රව ස්වාභාවික වායු (LNG) අපනයනකරුවෙකු වන කටාර් එනර්ජි (Qatar Energy) ආයතනය සිය නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගැනීමත් සමග ලෝක වෙළඳපොළේ, විශේෂයෙන්ම යුරෝපයේ සහ බ්‍රිතාන්‍යයේ තොග ගෑස් මිල සියයට 50 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.Sri Lanka Latest News
යුරෝපයේ මිණුම්දණ්ඩ ලෙස සැලකෙන ලන්දේසි TTF මධ්‍යස්ථානයේ ගෑස් මිල මෙගාවොට් පැයකට (MWh) යුරෝ 14.56 කින් ඉහළ ගොස් යුරෝ 46.52 ($54.45) දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද උදෑසන වන විට ආසියානු LNG මිල ගණන් ද සියයට 39 කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ජපන්-කොරියානු මාකර් (JKM) දර්ශකයට අනුව එය බ්‍රිතාන්‍ය තාප ඒකක මිලියනයකට (mmBtu) ඇමරිකානු ඩොලර් 15.068 ක් ලෙස සටහන්ව ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
බ්‍රිතාන්‍යයේ අප්‍රේල් මාසය සඳහා වන ගෑස් කොන්ත්‍රාත් මිල ද පෙන්ස් 40.83 කින් ඉහළ ගොස් පෙන්ස් 119.40 ක් ලෙස වාර්තා වී තිබෙනවා.
කටාර් රාජ්‍යයෙන් ලැබෙන වායු සැපයුම දීර්ඝ කාලීනව අත්හිටුවීමට සිදුවුවහොත්, ගෑස් මිල මෙගාවොට් පැයකට යුරෝ 80-100 ($28-35/mmBtu) දක්වා තවදුරටත් ඉහළ යා හැකි බව ING ආයතනයේ භාණ්ඩ උපාය මාර්ගික අංශ ප්‍රධානී වොරන් පැටර්සන් පෙන්වා දුන් බවත් එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
මූලාශය | අල්ජසීරා










