යුද ගැටුම් පවතින මැදපෙරදිග කලාපයේ රටවල ගුවන් අවකාශයන් වසා දමා ඇති නිසා ඊයේ (02 වැනිදා) අලුයම 12.00 පැයේ සිට එදින රාත්‍රි 12.00 දක්වා කාලය තුළ මැදපෙරදිග කලාපයේ රටවල් වල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා 33 ක ගුවන් ගමන් වාර අවලංගු වී ඇත. මෙම කාලය තුළ කටුනායක ගුවන් තොටුපොළෙන් මැදපෙරදිග කලාපයේ රටවල් වෙත පිටත්වීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 32 ක්ද අවලංගු වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේය.Sri Lanka Latest News
මේ නිසා මැදපෙරදිග කලාපයේ සිට මෙරටට පැමිණි ගල්ෆ්, එයාර් ඇරේබියා, ෆ්ලයි ඩුබායි සහ කටාර් ගුවන් සේවාවල ගුවන් යානා 04 ක් යළිත් එම රටවල් වෙත යෑමට නොහැකිව කටුනායක ගුවන් තොටුපොළේ නවතා දමා තිබෙන බව ද ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
එහෙත් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය යන මධ්‍යම ආසියානු රටවලට, රුසියාව, එංගලන්තය, ප්‍රංශය සහ ජර්මනිය යන යුරෝපා රටවලට සහ චීනය, සිංගප්පූරුව, මැලේසියාව, ජපානය, දකුණු කොරියාව යන ඈත පෙරදිග රටවල් කරා ගුවන් ගන්නා ගුවන් යානා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙරට වීසා කාලය ඉක්මවා රැඳී සිටින විදේශීය සංචාරකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව තවත් දින 14 ක කාලයක් සඳහා වීසා දිගු කර දීමට රජය පියවර ගෙන ඇති අතර, ඔවුන් මව් රටවල් වෙත යාමට විකල්ප ගුවන් ගමන් සේවා සංවිධානය කරලීමට ද රජය පියවර ගනිමින් සිටිති.
ඉකුත් සෙනසුරාදා සහ ඉරිදා යන දින දෙක තුළදී පමණක් ගුවන් ගමන් වාර 115 ක් අවලංගුවී ඇති බව ගුවන් තොටුපොළ ආරංචිමාර්ග කියයි.
මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් සිය රටවල් බලා යාමට නොහැකිව සංචාරකෙයා් 10,000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිති.










