• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගේමක් ගහලා තමයි මේ තැනට ආවේ…! මොනවා කලත් හිතන තරම් සුන්දර නැහැ…! හෙමින් ගමන ආවොත් ඉතින් කාටත් වැරදීම් අඩුයි…! කාපු කට්ට! චාමර සමරතුංග I Sri Lanka Latest News

February 28, 2026
in Heart
Reading Time: 2 mins read
A A
ගේමක් ගහලා තමයි මේ තැනට ආවේ…! මොනවා කලත් හිතන තරම් සුන්දර නැහැ…! හෙමින් ගමන ආවොත් ඉතින් කාටත් වැරදීම් අඩුයි…! කාපු කට්ට! චාමර සමරතුංග I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ ‘මව්රට’ ‘හාට්’ තුළින් ‘කාපු කට්ට’ විශේෂාංගයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසාම මේ සතියේ අපි තවත් සුවිශේෂ කාර්මික ශිල්පියෙක් ගැන ඔබට කියන්න හිතුවා. රැයක් දවාලක් නැතිව නිර්මාණ වෙනුවෙන් කැපවෙන ඔහු, පසුකාලීනව හොඳම ශබ්ද විකාශන ශිල්පියා ලෙසත් රයිගම් සම්මාන හිමිකර ගත්තා. ඔහු චාමර සමරතුංග. මේ කතාබහ ඔහු සමගයි.Sri Lanka Latest News

‘යොවුන් වසන්තය’ සමග ගෙවෙන ජීවිතය කොහොමද චාමර?
ගෙවන ජීවිතය නම් ඉතා සුන්දරයි. මොන බාධක ප්‍රශ්න ආවත් ඒ දේවල් දැනෙන්නේ නැති තරමට නිර්මාණය සමග සම්බන්ධ වෙලා වැඩ කරනවා. සුන්දර පවුලක් විදියට මේ දවස්වල නිර්මාණ කිහිපයකම මම එක දිගටම වැඩ. යොවුන් වසන්තය, කළු අයස, ආලේ, මන්දාරා, මේ ටෙලිනාට්‍ය සියල්ලම ඉන්දික ධර්මතිලක තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් එකම කණ්ඩායමක් විදියට එක දිගට නිර්මාණවල වැඩ කරනකොට ගොඩක් සතුටින් කටයුතු කරගෙන යනවා.
චාමරගේ රාජකාරිය මොන වගේද කියලා දැනගන්න කැමැතියි?
කෙටියෙන්ම කිව්වොත් සවුන්ඩ් රෙකෝඩින් ශිල්පියෙක් විදියට තමයි මම කටයුතු කරන්නේ.
එතකොට චාමර මේ වෘත්තියට සම්බන්ධ වුණේ කොහොමද?
මගේ සීයා චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. මගේ මාමා අජජිත් ශාන්ත. ඔහු හරහා තමයි මම මුලින්ම සී පික්සල් මීඩියා ආයතනයට සම්බන්ධ වෙන්නේ 2006 වර්ෂයේ. මට නුහුරු දෙයක් වුණාට මගේ පවුලේ හිතවතුන් කිහිපදෙනකුම කලාවට සම්බන්ධ නිසා ඒ ආභාෂයත් සමග පොඩි ආශාවක් තිබුණා මේ වෘත්තියට සම්බන්ධ වෙලා වැඩ කරන්න. ඉතින් මම කාර්මික ශිල්පියෙක් විදියට හැම දේම ඉගෙන ගත්තා.
හිතන තරම් සුන්දරද?
අපි මොන රාජකාරිය කළත් හිතන තරම් සුන්දර නැහැ. කට්ටක් කන්නම ඕනෙ ඒ ප්‍රතිඵල අත්විඳින්න. එහෙම හිතලා හෙමින් ගමන ආවොත් ඉතින් කාටවත් වරදින්න විදියක් නැහැ. මමත් එහෙම හිතලා ගේමක් ගහලා තමයි මේ තැනට ආවේ. අද ඉතින් බලනකොට සුන්දරයි. සෑහෙන්න මහන්සි වෙන්න ඕනේ. හැබැයි මට ගුරුහරුකම් ලබාදුන්න අය හරියටම මේ වෘත්තිය ගැන කියලා දුන්නා. මමත් ඉතින් ඒ හැම දේම හොඳට ඉගෙනගෙන උත්සාහයෙන් කැපවීමෙන් අවබෝධ කරගෙන වැඩ කරගෙන යනවා තවමත්.
ආවාට ගියාට සවුන්ඩ් පටිගත කරන්න බැහැ නේද?
එහෙම කරන්න පුළුවන් වෘත්තියක් නෙවෙයි මේක. හොඳ අවබෝධයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. රූගත කිරීම් කරන දර්ශන තලය අනුව තමයි සවුන්ඩ් රෙකෝඩ් එක කරන්නේ. නවීන තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණයට හොඳ සාධාරණයක් කිරීමට තමයි මම නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ. අනෙකුත් ශිල්පීන්ගේ වගකීම එහෙන් හරියටම කරනකොට මම මගේ වගකීම 100%ක් උපරිමව කරනවා.
හාපුරා කියලා ඔබේ වගකීම අකුරට කිරීමට මුල් වුණු නිර්මාණය?
මුල් කාලවල සහාය සවුන්ඩ් පටිගත කිරීම් ශිල්පියෙක් විදියට මම වැඩ කළා. ගිහාන් රෝහණ අධ්‍යක්ෂණය කළ ‘සඳට නුඹ ආදරෙයි’ ටෙලිනාට්‍යයේ තමයි මම මුලින්ම වැඩ කරන්න සම්බන්ධ වුණේ.
මෙගා ටෙලිනාට්‍යවල වැඩ කිරීමට ඔබ ඒ තරම් කැමැත්තක් නැහැ වගෙයි?
ඇත්තටම කිව්වොත් දීර්ඝ නිර්මාණ සඳහා වැඩකිරීමට මම ඒ තරම් කැමැති නැහැ. ගුණාත්මක නිර්මාණ සඳහා තමයි මම කැමැති. සවුන්ඩ් එක පටිගත කිරීම වුණත් ලොකු පහසුවක් තියෙනවා. ඒ බාහිර ගැමි පරිසරය අනුව. උදාහරණයක් විදියට රූපරාමුවට අවශ්‍ය මූසල හැන්දෑවක් වුණොත් සවුන්ඩ් පැත්තෙන් වුණත් එයට රහක් එකතු කරන්න පුළුවන්. හැබැයි ඉතින් ජීවන රටාවත් එක්ක එහෙම තෝරා බේරාගෙන වැඩ කරන්න අමාරුයි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

නැව් නවයේම ගල්අඟුරු බාලයි! පාඩුව මිලියන 7700යි! කව්ද ගේම ගහපු මහමොළකාරයා? VIDEO I Sri Lanka Latest News

Next Post

අතීත පුස්කොළ පොත්වල සැඟවූ අන්තරාය නිවාරණ මහා රහස් කෙම! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

ලබන 27 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත මහා සංඝ සම්මේලනය සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශ්වයන් දැනුවත් කිරීමට භික්ෂූන් වහන්සේලා ඊයේ දින කටයුතු කොට...

Read more
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.