• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිනමාවේ අහිංසක කෙල්ලගේ අලුත්ම ආදරය… I ශ්‍රියානි අමරසේන ! Sri Lanka Latest News

February 21, 2026
in Heart
Reading Time: 3 mins read
A A
සිනමාවේ අහිංසක කෙල්ලගේ අලුත්ම ආදරය… I ශ්‍රියානි අමරසේන ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රියානි අමරසේන නම් වූ සිනමා තාරකාව ගැන සම්මානනීය වූ ප්‍රවීණ රංගවේදිනිය ගැන අටුවා ටීකා ලියන්නට ගියහොත් එය කොතැනින් පටන්ගෙන කොතැනින් අවසන් කරන්නදැයි සිතාගැනීමට මඳක් අසීරුය. කෙටියෙන් යමක් කියන්නේ නම් වේදිකාව හරහා ‘නරි බෑණා’ සමග අත්වැල් බැඳගෙන ‘ගම දුව’ වී පැමිණි ඇය එයට පසු සිංහල සිනමාවේ අහිංසකාවිය ලෙසත්, කඳුළු බින්දුව ලෙසත් ප්‍රේක්ෂක සිත් තූළ නොමැකෙන මතකයක් නිධන්ගත කළාය. අසූ වැනි විය සපිරුණද තවමත් ඈ සිය රංගන කලාවට තිත තබන්නට හිත හදාගෙන නැතිවා සේය. හිටි අඩියේම ‘සෙලියුලොයිඩ් ප්‍රේමයක්’ ගැන අලංකාර කතාවක් කියන්න මේ ප්‍රවීණ කලාකාරිනිය වේදිකාවට ගොඩවූයේ ඒකය.

ඉතින් කියන්න මේ දවස්වල ඔබ බොහොම කාර්යබහුලයි?
ඔව්. ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ නිසා මේ දවස්වල වේදිකාව සමග හරි හරියට ගැටෙනවා. හැබැයි ඒ ගැටීම හරිම සුන්දරයි. මට වෙහෙසක් දැනෙන්නේ නැහැ.
‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ කියන ඔය අමුතු නමේ අදහස ගැන ඩිංගක් කියන්නකෝ?
‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ කියන නම තුළ හැමෝම අමුත්තක් දකිනවා. ඒක හිතට වදින නමක් කියලයි හැමෝම කියන්නේ. එහෙම නමක් දාන්න හේතු වෙච්ච කතාව සරලව කියනවා නම් මේ නිර්මාණය තුළින් කියැවෙන්නේ 70 දශකයේ ඉතා ජනප්‍රිය තාරකාවක් ලෙස හිටපු සිනමා නිළියක් එයින් විශ්‍රාම ගත් පසුව තමන් නිළියක ලෙස ප්‍රසිද්ධියට පත්ව ගතකළ අතීතයත්, එයට පසුව විශ්‍රාම ලබා ගෙවන වර්තමානයත් එකට තබා ඒ පිළිබඳ සංසන්දනයක යෙදෙන කතන්දරයක්.
තාක්ෂණය ඉතා දියුණු මට්ටමකට අද මේ විදියට ඇවිදින් තිබුණට 70 දශකය පුරාම චිත්‍රපට කලාව දිව්වේ ජයකෙහෙළි නැංවූයේ සෙලියුලොයිඩ් පට හරහානේ. අද කාලේ තරුණ පිරිස සෙලියුලොයිඩ් කියන නම දන්නෙත් නැති තරම්. ඒ හින්දම තමයි ඉතින් විශ්‍රාම ගිය ඒ සිනමා තාරකාවගේ සමාලෝචනය ගැන කියන මේ වේදිකා කතන්දරයට ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ කියලා නම දාන්න හිතුවේ.


ප්‍රවීණයන් පිරිසක් එකතු කරගෙනයි මේ සොඳුරු මෙහෙවරට අතගැහුවේ?
ඔව්. වේදිකාවෙන්ම පැමිණි ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ රත්නා ලාලනී ජයකොඩි සමග රොෂාන් පිලපිටිය, ගිහාන් ප්‍රනාන්දු, රුවන් වික්‍රමසිංහ, දේවින්ද වික්‍රමසිංහ, කීර්ති රංග, යශෝදරා මානගේ මේ ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ ගැන කියන්න වේදිකාවට ගොඩවෙනවා. පෙබරවාරි 21 එල්ෆින්ස්ටන්හි සවස 3.30ට ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ වේදිකාගත වීමට නියමිතයි. මේ දවස්වල දුවන්නේ පනින්නේ ඒ වෙනුවෙන් තමයි. පළමු දර්ශනය 3.30ට. දෙවැන්න ප.ව. 7.00ට වේදිකාගත වෙනවා. ඊට පළමුව පෙරහුරුවක් ලෙස පසුගිය නොවැම්බර් මස ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේදී ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ වේදිකාගත කළා. එයට පසු දෙසැම්බර් මාසයේ බොරැල්ල වයි.එම්.බී.ඒ. ශාලාවේ දෙවැනියට ප්‍රදර්ශනය කළා. ලොකු ප්‍රසිද්ධියක් එක්ක කරන තුන්වැනි දැක්ම තමයි පෙබරවාරි 21 වේදිකාවට ගෙන එන්නේ.
ඔබ ඉන්නේ අලුතින්ම රංගනයට ආවා වගේ ප්‍රබෝධයකින්?
සත්තකින්ම ඔව්. මම විතරක් නෙවෙයි නාට්‍ය කණ්ඩායමේ හැමෝම ඉන්නේ පුදුම ප්‍රබෝධයකින් සහ සතුටකින්. ඒ වගේම ඔවුන් මට දෙන සහාය ගැන කියන්න වචන නැහැ. එකාවන්ව ඉතා සංයමයෙන් සුහදව ඒ හැමෝම මා සමග කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරනවා. අනෙක මේ ප්‍රබෝධය වෙනුවෙන් මූලික වන තවත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ, මම නැවත වේදිකාව මතට පැමිණීමයි. මගේ ගමන ආරම්භ වුණේ වේදිකාවෙන්. තම්මැන්නාව නාට්‍යය හරහායි. එයිට පස්සේ දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ ‘නරි බෑණා’ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මට ලබාදුන්නා නරි බෑණාහි ගම දුවගේ චරිතයෙන්. අද වගේ මතකයි නව යෞවනියක කාලේ ‘නරි බෑණා’ නාට්‍ය කණ්ඩායමත් එක්ක මම රට වටේම ගියා. ඒ සොඳුරු මතකයන් කවදාවත් අමතක වෙන්නේ නැහැ.
ඔය තරම් සොඳුරු මතක සටහන් ඇති වේදිකාව හරි ඉක්මනින් අතහැරියේ ඇයි?
මම වේදිකාවට හුඟක් ආදරෙයි. ශ්‍රියානි අමරසේන නම් කලා ශිල්පිනිය අද කොතැනද ඉන්නේ, එතැනට ඇයට එන්න ආරම්භය දුන්නේ වටිනාකම දුන්නේ වේදිකාවයි. හිතාමතා මම එය අතහැර දැමුවේ නැහැ. ‘ගොළු හදවත’ චිත්‍රපටයෙන් පස්සේ හිතපු නැති විදියට එක දිගට මට චිත්‍රපට ලැබෙන්න ගත්තා. ප්‍රවීණ නිර්මාණකරුවන්ගෙන් ලැබුණා. ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න බැරිව ගියා. නොසිතූ ජනප්‍රියත්වයක් ඒ විදියට අහඹුවක් වගේ මාව හොයාගෙන එනකොට වේදිකාව වෙනුවෙන් කාලය දෙන්න මම අපොහොසත් වුණා.
දුක් වෙනවද ඒ අතහැරුණු කාලය ගැන?
සිනමාව තුළ මා ලද, අදටත් තවමත් ප්‍රේක්ෂකයන් මට දක්වන ළෙන්ගතුකම සහ පිළිගැනීම ගැන මම අසීමිතව සතුටු වෙනවා. ඒ වගේම අතහැරුණු දේ ගැන පසුතැවෙනවට වැඩිය නැවත ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ හරහා මම වේදිකාවට පැමිණීම ගැන මා අතිශයින් සතුටට පත්වෙනවා. අනෙක ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ වේදිකා නාට්‍යයේ තිරපිටපතට, අධ්‍යක්ෂණයට, නිෂ්පාදනයට වගේම ප්‍රධාන චරිතයෙනුත් මගේ දායකත්වය දෙනවා. ඒ හැම දේකින්ම මා ලබන ආත්ම ශක්තිය අතිවිශාලයි.
ධනාත්මක උත්තරයක් ඔබ දුන්නේ?
මම කොහොමත් ධනාත්මකව හිතන්න කැමැති කෙනෙක්.
හිටි අඩියේ ටෙලි නිර්මාණ කලාවට තිත තැබුවේ ඇයි කියලා ඇහුවොත්?
ඒ ගැන කතා කරන්නවත් කැමැති නැති තරම් කලකිරීමක ඉන්නේ. ඒ තරමට අද ටෙලිනාට්‍ය කලාව අභාවයට ගිහින්. නිර්මාණශීලී නාට්‍ය කලාවට වැඩිය වාණිජ රැල්ලටයි දැන් ආලින්දයේ සිනමාව දුවන්නේ. ඉතින් එහෙම තැනක අපිට කරන්න යමක් ඉතිරිව නැහැ. බොහෝ විට වේදිකාවට යළි එන්න මගේ හිත පෙලඹුණෙත් ඔය කාරණාව නිසයි.
නැවත වේදිකාවට පය තැබීම ඔස්සේ දිගු ගමනක් යමින් තව තව නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවද?
කාලයට ඉඩ දීලා බලමු. ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ බලන්න එන්න. රසවිඳින්න. සතුටු වෙන්න වගේම එහි අඩුපාඩු සහ හරි වැරැදිත් පෙන්වන්න කියා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

දවස් 26යි! කෝටි 30යි! ධර්ම යුද්ධය යුද්ධය දිනයි! Sri Lanka Latest News

Next Post

විපක්ෂයේ අනාවැකිය හරි! ගම්පහ ලොකු ඇඟලුම් කම්හලක් වහයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.