වාර්ෂිකව අප රටට ගල් අගුරු නැව් දළ වශයෙන් 36-38ක් අවශ්‍ය බවත් දැනට රුසියානු ගල් අගුරු නැව් 11 පැමිණ ඇති බවත් මේ රුසියාන් ගල් අගුරුවල ගැටලුවක් නොමැති වුවත් අලුත් ටෙන්ඩරය යටතේ ගෙන ආ දකුණු අප්‍රිකාවෙන් නැව් 25ක් ඇනවුම් කර ඇති අතර මේ ගල් අගුරුවල ප්‍රමිතිය ගැන ගැටලුවක් ඇති බවත් මේ ගල් අගුරු ගොඩබෑ හැක්කේ සැප්තැම්බර් – අප්‍රේල් සිට වාරකන් නොවන කාලයේ බවත් අප්‍රේල් මාසයේ නිකුත් කර මේ ටෙන්ඩර් වැඩකටයුතු අවසන් වුවත් මෙවර ගල් අගුරු ටෙන්ඩරය අප්‍රේල් – සැප්තැම්බර් දක්වා ක්‍රියාත්මක කරන්න තිබූ මොහොතක කැබිනට්ටුව ඒ තීන්දුව ප්‍රමාද වී ගත් බවට ආංශික අධික්ෂණ කාරක සභාවේදී අනාවරණය වූ බවත් ඊට අමතරව ලියාපදිංචි සැපයුම්කරුවන්ගේ පිරිවිතර වසර 3ක කාලයක මිලියනයක ගල් අගුරු සැපයීම සුදුසුකම වුවත් එය ලක්ෂයකට අඩුකර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ලෝර්ඩ්පෝර්ට් රිපෝර්ට්, ඩිස්චාර්ජ්, නොරොච්චෝලේ රිපෝට් ගැන කිව්වත් හරියටම ප්‍රමිතියෙන් යුක්ත ගල් අගුරු ගෙනාවද නැද්ද යන්න බොයිලේරුවේ දහනයෙන් තත්‍යකාලීනව විදුලිය හරියට නිෂ්පාදනය වූවාද කියා දැනගත හැකි බවත් බොයිලේරුවේ දහන වාර්තාව කාටවත් හොරකම් කළ නොහැකි බවත් මෙය ස්වයංක්‍රීයව ජනනය වන දෙයක් බවත් මෙය කාටවත් වෙනස් කළ නොහැකි බවත් එක් යුනිට් එකකින් මෙගාවොට් 300 බැගින් යුනිට් 3කින් 900ක් නිපදවිය හැකි බවත් පසුගිය වසර 10 මේ සෑම එකකයක්ම මෙගාවොට් 300 ගානේ 900ක් නිපදවුවත් මේ බොයිලේරු දහන වාර්තාව අනුව ඇවිල්ල තිබෙන නැව් 8ම බාල ගල්අගුරුවලින් යුක්ත බවට වගකීමෙන් කියන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
පළමු නැව මෙගාවොට් 285, දෙවැනි නැව මෙගාවොට් 290, තුන්වැනි නැව මෙගාවොට් 260, හතරවැනි නැව මෙගාවොට් 295, පස්වැනි නැව මෙගාවොට් 285ක්, 6 වැනි නැව 270ක්, 7 වැනි නැව 275ක් සහ 8 වැනි නැව මෙගාවොට් 255ක් නිපදවා ඇති බවත් මේ මෙගාවොට් 300 නිපදවන්න විදුලි එකකයක් නිෂ්පාදනයක් කරන්න කිලෝවොට් පැයකට 0.37ක් වුවත් මේ නැව් 8ම මේ අගය ඉක්මවා ගොස් ප්‍රමිතියෙන් තොර බවත් මේ දත්ත අනුව නැව් 8ම බාල ගල් අගුරු ඇති බවට පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.මහතා
මේ පාඩුව ගෙවන්න වෙන්නේ විදුලි පාරිභෝගිකයාට
මේ බාල ගල් අගුරු නිසා අපේක්ෂිත ප්‍රමාාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඇනවුම් කරන්න සිදුවන බවත් මේ ඇතිවන හිගය නිසා වැඩිපුර ගල් අගුරු ගෙන්වීමට හො ඩීසල් විදුලිය ඇති කරන්නත් මේ නිසා ඩීසල් බලාගාර මාෆියාවට යටවීමත් විදුලි බිල වැඩි වීමත් සිදුව මේ පාඩුව පාරිභෝගිකයාට ගෙවීමට සිදුවන බවත් දැන් රජය විදුලි බිල වැඩි කරන්න යෝජනා කර ඇති බවත් මේ යන විදිහට ඉදිරියේදීත් විදුලි බිල වැඩි කිරිමට සිදුවන බවත් බාල ගල් අගුරු උපයෝගී කර ගැනීම නිසා උපකරණවලටද හානි සිදුවන කවුරු මොන වාර්තා කරුණාකර මේ නැව් 8න් මෙගාවොට් 300 නිපදවූවාද නැද්ද කියා රජය පැහැදිලි කළ යුතු බවත් මේවා විද්‍යාත්මක දත්ත බවත් මේ දූෂණය ගැන පැහැදිලි විවෘත පර්යේෂණයක් අවශ්‍ය බවත් මේ පාඩුව පාරිභෝගිකයාට විතැන් කරන්න ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විදුලි බල මණ්ඩලය ආරක්ෂා කරනවා කියා බලයට පැමිණි අය අද හොයාගන්නත් නෑ
විදුලි බල මණ්ඩලය සහ එහි සේවකයන් ආරක්ෂා කරනවා කියා බලයට පැමිණි ආණ්ඩුවේ වෘත්තීය සමිති නායකයා අද පළාත් පාලන ආයතනයක සභාපතීත්වය දරන විට විදුලි බල මණ්ඩලයේ 23000ක් සේවකයන් අනාථ වී ඇති බවත් 550කට අධික පිරිසක් අභ්‍යන්තර විභාගවලට මුහුණ දී උසස්වීම් ලැබුවත් ඒ උසස්වීම් පවා මේ රජය ලබා නොදෙන බවත් 2025.8.25 දිනැති ලිපියක් උපයෝගී කර ගෙන නව බඳවා ගැනීම් සිදු නොකරන බව පවසා මේ 550කට අධික විභාගය සමත් අයට උසස්වීම් නොදෙන බවත් මේ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව පවා නිර්දේශ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විදුලි සේවක අයිතිවාසිකම් සුරක්ෂා විය යුතුයි
එදා විපක්ෂයේ සිටින විට මහපාරට බැස IMF එකට විරුද්ධව ප්‍රතිසංස්කරණවලට විරුද්ධව මේ 23000 මෙහයවලා බලය ලබා ගෙන අද මේ අය ගැන නොසලකා හරින බවත් මේ නිසා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන්ට දෙවියන්ගේම පිහිට බවත් මේ ප්‍රතිසංස්කරණ ප්‍රතිව්‍යුහගතකරණ අවශය වුවත් මෙහි දී ආයතනයේ දීර්ඝ කාලයක් සේවය කළ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත විය යුතු බවත් බැවින් 27 වැනිදාට පෙර මේ 550 දෙනාගේ උසස්වීම් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
දැන් පාරේ ලයිට් බිලත් ජනතාවට පටවන්න හදනවා
වත්මන් රජය පොරොන්දු වූයේ 33%කින් විදුලි බිල අඩු කර 9000 බිල 6000ත් 3000 බිල 2000ත් බවට පත් කරනවා කිව්වත් මේ වන විට වීදි සහ පොදු ස්ථාන ආලෝකකරණය සඳහා වූ ආයෝජන හා නඩත්තු වියදම් සඳහා පාරිභෝගික අයකරණයක් යටතේ අමතර බද්දක් ලබා ගන්න රජය කටයුතු කරන බවත් ජනාධිපතිවරණ මැතිවරණ සමයේ මේවා නොකිව්වත් වීදි සහ පොදු ස්ථාන ආලෝකකරණය සඳහා යන වියදමද 2.2%ක මුදලක් ලෙස අය කර ගන්න රජය කටයුතු කරන බවත් දැන් දෙවැනි වතාවටත් ජාතික විදුලි බල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මහජන අදහස් දක්වන්න ලබා දී ඇත්තේ දින 7ක් බවත් අවම දින 14ක් හෝ 21ක් ලබා දීම සාධාරණ වුවත් එය ද සිදු නොවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










