ජනතා විමුක්ති පෙරමුණෙත්, ජාතික ජන බලවේගයේත් මන්ත්‍රීවරුන්ගේ වැටුප් පක්ෂ අරමුදලට යන බවත් එය රටේ ජනතාව දන්නා බවත් තම දේශපාලන ව්‍යාපාරයේ සංස්කෘතිය එය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.Sri Lanka Latest News
අග්‍රමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
මේ ප්‍රශ්නය ඇසීම ගැන මන්ත්‍රීතුමාට ස්තූතිවන්ත වෙනවා. අපේ එකවුන්ට්වල විනිවිදභාවය පවත්වාගෙන යන ආකාරය රටට පෙන්නලා දෙන්න හැකිවුණා.
මම යෝජනා කරනවා යූඇන්පියටත්, සජබයටත් පොහොට්ටුවටත් පක්ෂවල අරමුදල් ගැන මෙහෙම කටයුතු කරන්න කියලා.
එතකොට අපිට සන්සදනාත්මකව බලාගන්න පුළුවන් පක්ෂ අරමුදල්වලට මොකද වෙන්නේ , කොහොමද කටයුතු කරන්න කියලා.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කාලයක් තිස්සේ පක්ෂ අරමුදලට තමයි වැටුප් යවන්නේ. ඒ වගේම තමයි ජාතික ජන බලවේගය එම සංස්කෘතියමයි අනුගමනය කරන්නේ.
පෞද්ගලිකව කවුරුවත් කිසි දෙයක් ගන්නේ නැහැ. ඒක නිසා අපි ඒ ආදර්ශය ලබාදීලා තියෙනවා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි හැමෝම එහෙමයි.
අපි 159 දෙනා එකිනෙකාට වෙනස්. 159 දෙනාගේම ජීවිත කතා මෙතන කියන්න බැහැ. නමුත් අපි එකසිය පනස් නව දෙනා කොහොම හරි ජීවත් වෙනවා. යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා.
ඊට පිළිතුරු ලබා දෙමින් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ සංස්කෘතියක් වන්නේ බොරු කීම බවයි.
විශ්‍රාම වැටුප අහෝසි කරලා හිටියට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටම ඔවුන්ගේ විශ්‍රාම වැටුපට ගැටලුවක් නොවෙන්න අරමුදලෙන් අවශ්‍ය දේවල් කර ගන්නවා. ඔවුන්ගේ සියලුම අවශ්‍යතා එමඟින් සපුරනවා. වැටුප් නොගෙන ඉන්නේ නැහැ. තවත් කතාවක් මන්ත්‍රීවරුන් ගැන මම කියන්නම්. මේ මන්ත්‍රීවරුන්ගේ නමට තමයි එකවුන්ට් තියෙන්නේ. ඒකවුන්ට් එකෙන් එකෙන් කොටසක් තමයි පක්ෂ අරමුදලට යවන්නේ. ඉතිරි කොටස මේ මන්ත්‍රීවරුන් තියාගන්නවා යනුවෙන්ද චමින්ද විජේසිරි ප්‍රකාශ කළා.
චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වීම නිසා මැතිසබය තුළ යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණා.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සියලුම මුදල් පක්ෂ අරමුදලට දාන්නේ නෑ. මං ඒක ඔප්පු කරලා පෙන්නන්නම්.
ජනතා විමුක්ති පෙරමුණයි, මාලිමාවයි එකතුවෙලා බොරු කියලා ජනතාව රවට්ටලා තියෙන්නේ. මේගොල්ලන් වැටුප් නොගෙන දීමනා නොගෙන ඉන්නේ නෑ. ඒ සේරම පක්ෂ අරමුදලට යවනවා.
මන්ත්‍රීවරුන් වැටුපෙන් කොටසක් ලබා ගන්නවා. ඒක අද වෙනකොට ඔප්පු වෙලා ඉවරයි. යනුවෙන්ද චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
මේ පසුගිය කාලය පුරාම ඔප්පු කර තිබෙනවා ජනතාවගේ මුදල් අවභාවිතා කරලා තියෙන්නේ කවුද කියලා .
ඒ වගේම ජනතාවගේ මුදල්වලට නිසි වගකීමක් ලබා දෙන්නේ කවුද කියලත් ඔප්පු කර තිබෙනවා. ඒ නිසා ඒක ජනතාව දන්නවා. මේගොල්ලන් හදන්නේ එකසිය පනස් නම දෙනාගේ මොකක් හරි වැරැද්දක් හොයාගන්න තමයි මේ දඟලන්නේ යනුවෙන්ද අග්‍රමාත්‍යවරිය ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවා.










