දින ගණනාවක් පුරා ගෑස් හිගයක් ඇති නිසා පාරිභෝගිකයා අසරණ වීම නිසා ගෑස් පෝලිම් නිර්මාණය වී ඇති නිසා මේ ගෑස් හිගයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
ගෑස් අහිමි වීම රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය විමක් බවත් එය ජීවත් වීමේ අයිතිය පවා ආරක්ෂා කිරීමට සම්බන්ධ බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම සමාජ මාධ්‍ය හරහා තොරතුරු ලබා ගැනීම වරදක් නොවන බවත් මේ ගෑස් පොලිම් නිර්මාණය කළේ විපක්ෂය නොවන බවත් මේ අවස්ථාවේ හිගයක් තිබෙන නිසා මේ සඳහා විසඳුමක් ලබා දෙන ලෙසත් පාරිභෝගිකයන්ගේ මේ ගැටලුව විසදා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










