• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගෙට එන සතුන් ගෙන එන පණිවුඩ

August 15, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
ගෙට එන සතුන් ගෙන එන පණිවුඩ
Share on WhatsAppShare on Facebook

මිනිසාත් සතුනුත් දෙවර්ගයක ජීවීන් වුවද මේ දෙපිරිස අතර එකිනෙකාට සමීපව බැඳුණු කරුණු කාරණා පවතින්නේය. සත්ව කොට්ඨාස කිහිපයක් එහිදී විශේෂ කොට දැක්විය හැක. ඒ අතර බල්ලා, පූසා, ගවයා ආදීන්ට හිමිවන්නේ ප්‍රධාන තැනකි. බල්ලා යනු සත වර්ෂ ගණනාවක සිට මිනිසාට ඉතා සමීපව කටයුතු කළ සතෙකි. අතීතයේ විසූ මිනිසාට දඩයම් කරදීමටත් ආරක්ෂාව සැපයීමට බල්ලා අසීමිත සේවාවක් ඉටුකොට ඇති අතර අදද බහුතරයක් නිවාස සඳහා ආරක්ෂාව සැපයීමේ ප්‍රධාන වගකීම්කරුවා වී ඇත්තේ බල්ලාය. වර්තමානය වෙද්දී ගවයින් වැනි සතුන්ගෙන් මිනිසා ලබාගන්නා ප්‍රයෝජන යම් තරමකට අඩුව ඇතත් අතීතයේ ගවයා යනු මිනිසාගේ ජීවන බර 75%කින් අඩු කරන්නට හැකි ප්‍රබල දායකත්වයක් දුන් සතෙකි. එදා ගොවිතැන් කටයුතුවලින් 50% කළේ ගවයාය. බර ඇද්දේ ගවයාය. ඊට අමතරව පිරිපුන් ජවයෙන් පිරි මිනිස් පරපුරක් උදෙසා සිය සිරුරේ රුධිරය කිරිකර දුන්නේ ගවයාය. එනිසා සතුන් සහ මිනිසා අතර ඇති සබැඳියාව කිසිවකු දෙවැනිකොට නොසලකා හැරිය හැක්කක් නොවේ.

තත්ත්වය එසේ වෙද්දී ඇතැම් සතුන් විවිධ අනාවැකි හරහා මිනිසාට සමීප විය. එවැනි අනාවැකි පවසන සතුන් අතර හූනා, කපුටා, බල්ලා ප්‍රධාන වෙයි. එම සතුන්ගේ විවිධ ක්‍රියාකාරකම් අනුව පැරැන්නන් ඇතැම් අනතුරුදායක ගමන් කලින්ම හඳුනාගෙන ඒවා මඟහැර සිටියේය. එමඟින් සිය ජීවිත ආරක්ෂා කරගත්තේය. මේ අයුරින් සතුන් ගැන කතා කරද්දී විවිධ සතුන් නිවාස තුළට පැමිණීම ගැනත්, පුරාණ පොත පතෙහි මනාව සඳහන් වේ. ඒ අනුව ඒ ඒ සතා ගැන කියැවෙන අනාවැකි පහත පරිදි හඳුනාගත හැකිය.
තලගොයෙක් නිවෙසට පැමිණීම
යම් නිවෙසකට තලගොයකු පැමිණීම සුබ සලකුණක් සේ සලකයි. තලගොයා පැමිණි දිනයේ සිට නිවෙසේ සතුට සැනසුම වර්ධනයට හේතු යෙදේ. නිවැසියන්ගේ බලාපොරොත්තු ඉටුවීමට හේතු යෙදෙන අතර ධන ධාන්‍ය ලැබීමද මෙමඟින් පෙන්නුම් කරයි.
කබරගොයෙක් පැමිණීම
අසුබ පල ගෙනදෙන කාරණාවක් ලෙසින් සලකන කබරගොයකුගේ පැමිණීමෙන් පසු එම නිවෙස තුළ පාළු මූසල තත්ත්වයක් ඇතිවන බවත්, පවුලේ සාමාජිකයන් අතර සමගියට බාධා යෙදෙන බවත් පැවසෙයි. නිවැසියන්ට නිවෙසෙහි රැඳීමට සිත් නොදේ. ඔවුන් නිවෙසින් පිටව සිටීමට පෙලඹෙයි.
නාගයකු පැමිණීම
අසුබ කරදර රැසකට පෙරනිමිති ඇති බව අඟවන්නට නයකුගේ පැමිණීමට හැකියාව ඇත. නීතියෙන් ප්‍රශ්න රජයෙන් බාධා මෙන්ම නඩුහබ ආදියට නිවැසියන් පැටලෙන බවට පෙර දැනුම්දීමක් ලෙස නාගයකුගේ පැමිණීම හඳුන්වාදිය හැක.
මීමැස්සන් පැමිණ වද බැඳීම
නිවසේ කොහේ හෝ තැනක මී මැස්සන් වද බැඳ ඇත්නම් වාසනාවේ සංකේතයකි. නිවැසියන්ට සෞභාග්‍යය උදාවෙයි. හදිසි ධන ලාභ, ලොතරැයි දිනුම්, මුතු මැණික් ආදිය ලැබීමට හේතු යෙදේ.
දෙබරුන්ගේ පැමිණීම
දෙබරාද නිවෙසට එන්නේ අසුබ පණිවුඩ රැගෙනය. එතැන් පටන් නිවැසියන් අතර අඬදබර කලකෝලාහල ඇතිවීමට හේතු යෙදේ.
ගේ කුරුල්ලාගේ පැමිණීම
ගේ කුරුල්ලකු නිවෙසට පැමිණීමෙන් එහි ජීවත් වෙන අඹු සැමියන්ගේ ප්‍රීතියට කරුණු යෙදේ. දෙදෙනා අතර බැඳීම් වර්ධනය වේ. දරු සම්පත් ලැබීම පවුලට අලුත් සාමාජිකයන් සම්බන්ධ වීම වැනි කාරණා ගැන ඉඟි පළකරයි.
පරවියන් පැමිණීම
නිවෙසට පරවියකු පැමිණීමෙන් පසු එම නිවෙසේ ජීවත් වන අයට තිබූ සතුරු කරදර දුරුවෙයි. සතුරන් මිතුරන් වෙයි. හිතේ සහනය සතුට වර්ධනය වෙයි. අසල්වැසියන්ගෙන් සහයෝගය ලැබෙයි.
ගැරඬියකුගේ පැමිණීම
මෙය සුබ දෙයක් නොවේ. නිවැසියන්ට නින්දා අපහාස විඳින්ට සිදුවේ. පහත් අයගෙන් කරදර සිදුවේ. කලක සිට කරගෙන ආ කටයුත්තක් කඩාකප්පල් විය හැක.
උකුස්සකු නිවෙස තුළට පැමිණීම
යම් නිවෙසකට උකුස්සකු පැමිණියහොත් එම නිවෙසේ ජීවත් වන අයට රජයෙන් ගෞරව හෝ නිලතල නම්බුනාම ආදිය ලැබිය හැකිය. විශේෂ වරප්‍රසාදවලට හිමිකම් ලැබේ. අන් අය අතර ප්‍රසිද්ධියට හේතු යෙදේ. වාසනාවේ සංකේතයක් ලෙසද හඳුන්වාදිය හැකිය.
බස්සකු පැමිණීම
නිවෙස තුළ ජීවත් වන අයකුගේ මරණයක් සිදුවිය හැකි බවට ඉඟියක් රැගෙන බස්සකු නිවෙස තුළට පැමිණෙන බව පැවසේ. එසේම විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීමටද නිවැසියන්ට සිදුවනු ඇත.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

SLIC ලංකා හොස්පිට්ල්ස් පරිශ්‍රයට

Next Post

ජාතියේ මහා පහන්ටැඹ ඉදිරි සහශ්‍රයට

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News
Astrology

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

Load More
මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

පොහොර නැතිව වී අස්වැන්න අවදානමේ: ප්‍රශ්න මැද ලබා ගත් අස්වැන්නටත් නිසි මිලක් නෑ! - "නිදහස ගත්තට පස්සෙ මොනම ආණ්ඩුවක්වත් කෙලියෙ...

Read more
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.