අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව මෙම මස 13 වැනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය සිකුරාදා (06) ලිපියක් යවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.Sri Lanka Latest News
මෙම විමර්ශනයට අදාළව ම හිටපු අගවිනිසුරුවරයෙකු සහ නීතිපතිවරයෙකු වන මොහාන් පීරිස් මහතාට ද මෙම මස 16 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ලිඛිත දැනුම් දීමක් කර ඇති බවත් සඳහන්.
කොළඹට නුදුරු ප්‍රදේශයක නිවාස සංකීර්ණයක නිවාස ගණනාවක් නීත්‍යනුකූල නොවන ආකාරයට කිහිප දෙනෙකුට ලබාදීමට නිර්දේශය දෙමින් ලිපි නිකුත් කිරීමට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා සහ හිටපු නීතිපතිවරයා කොමිසම හමුවට කැඳවනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි වකවානුවේ සිදු වූ බව කියන සිද්ධියක් පදනම් කරගනිමින් ඔහු මෙලෙස කැඳවා ඇති බව වැඩිදුරටත් සඳහන්.











