රට ගොඩනැගීමේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාටද එක්වන ලෙස තමන් ආරාධනා කරන බව 78 වන ජාතික නිදහස් දින උලෙළ අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
සදහන් කළේය.Sri Lanka Latest News
මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයෝද, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්, මැති ඇමතිවරුන්, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.















