• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ජෙෆ්රි බාවා භාරය පාරිසරික සහජීවනය වෙනුවෙන් කැපවන නිර්මාණයන් අගයයි! Sri Lanka Latest News

February 3, 2026
in Business
Reading Time: 5 mins read
A A
ජෙෆ්රි බාවා භාරය පාරිසරික සහජීවනය වෙනුවෙන් කැපවන නිර්මාණයන් අගයයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ස්වභාවික පරිසරයේ වටිනාකම් හා වැදගත්කම වෙනුවෙන් සිය කැපවීම ප්‍රදර්ශනය කරනු ලබන විශිෂ්ට නිර්මාණය අගයමින් නව සම්මානයක් තිළිණ කිරීමට ජෙෆ්රි බාවා භාරය සහ එහි හවුල්කරුවන් කටයුතු යොදා ඇත.  එම නව සම්මානය දියත් කිරීම පසුගියදා කොළඹදී සිදු විය.Sri Lanka Latest News

ජෙෆ්රි බාවා මූණමල් සම්මානය ලෙස නම් කර ඇති මෙම සම්මානය මානව බලපෑම අවම කරන හා සියලු ජීවී හා පාරිසරික සබඳතා මනාව ආරක්ෂා කරමින් පරිසරයේ යහපැවැත්ම පෝෂණය කරන ව්‍යාපෘති සඳහා පිරිනැමීමට මෙහිදී කටයුතු කරනු ඇත. ඒ ආකාරයේ සුවිශේෂී ව්‍යාපෘති හඳුනාගනිමින් ශ්‍රී ලාංකේය නිර්මාණකරණයේ නව මානයන් විවර කිරීමට ජෙෆ්රි බාවා භාරය මේ තුලින් බලාපොරොත්තු වේ.

සම්මානය නම් කිරීමේදී ද පාරිසරික වැදගත්කම හා සුවිශේෂීත්වය පිළිබඳ අවධානය යොමු කර ඇති ජෙෆ්රි බාවා පදනම ඒ සඳහා බෙන්තොට ජෙෆ්රි බාවා උද්‍යානයේ ලුණුගඟ හි පිහිටා ඇති ‘මූණ මල්’ ගසෙහි නම යොදා ගෙන ඇත. ස්වභාවික පරිසරයේ උරුමයක් ලෙස පිළිගැනෙන මූණමල් ගස යනු මානව අවශ්‍යතා සමබර කරමින් ඔවුන්ගේ සුවිශේෂී නිර්මාණ සඳහා යොදා ගනු ලබන දේශීය දැව වර්ගයකි. මූණමල් ශාකය පාරිසරික වශයෙන්ද ඉතා වැදගත් ශාකයක් ලෙස පිළිගනු ලබන අතර එම වැදගත්කම නිසාම මෙම නාමය සම්මානය සඳහා යොදා ගැනීමට ජෙෆ්රි බාවා භාරය කටයුතු කර ඇත.

සමකාලීන ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ජෙෆ්රි බාවා සම්මානය පිරිනැමීමේ අවස්ථා 5කට පසුව ජෙෆ්රි බාවා භාරය සහ එහි හවුල්කරුවන් විසින් නිර්මාණශීලීත්වය, උද්භිද විද්‍යාව හා පරිසරය සමඟ ඉහළ යමින් පවතින ආකර්ෂණය මූලික කර ගනිමින් මෙම සම්මානය පිරිනැමීමට පියවර ගෙන ඇත. මේ සඳහා වනජීවී හා සොබාදම් ආරක්ෂණ සංගමය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතනික හවුල්කරුවන් සමඟ එක් වෙමින් මෙම සම්මානය හා පාරිසරික සබඳතාව පිළිබඳ කතිකාවතක් ගොඩනැගීමටද ජෙෆ්රි බාවා භාරය කටයුතු කරමින් සිටියි.

නිර්මාණයන්හිදී බොහෝ විට ප්‍රමුඛත්වය දෙනු ලබන්නේ මානව අවශ්‍යතා සහ ඔවුන්ගේ සුවපහසුව වෙනුවෙනි. එසේ වීමේදී පරිසරයට සිදු වන හානිය ඉතා විශාලය. පරිසරයට හා ස්වභාවික අලංකාරයට හානියක් නොවන අයුරින් නිර්මාණකරණයේ යෙදීම තුලින් පරිසරය හා මිනිසා අතර පවතින සබඳතාව තව දුරටත් වර්ධනය කර ගැනීමට අවකාශ උදා වේ. එය ස්වභාවික ආපදා අවම කර ගැනීමට මහත් බලපෑමක් සිදු කරන අතරම ස්වභාවික පරිසරය සතු හැකියාවන්ද ඉහළ යාමට හේතුවක් වනු නිසැකය. එසේ හෙයින් මිනිසා විසින් පරිසරයට සිදු කරන හානිය අවම කිරීම සඳහා නිර්මාණකරුවන් දිරිමත් කිරීමට මෙම සම්මානය තුලින් හැකි වනු ඇත.

පරිසරය හා මානව ප්‍රජාව අතර සබඳතාව ගොඩැගීම සඳහා නිර්මාණය ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ඉහළ නැංවිය යුතු ය. ඒ සඳහා නිර්මාණ කර්මාන්තය වටා පාර්ශවකරුවන්ගේ ප්‍රජාව එක් කර ගැනීම හා ගෘහ නිර්මාණ ශිල්පය, උද්භිද විද්‍යාව, පාරිසරික සුරක්ෂිතතාව හා රාජ්‍ය ප්‍රතිපත්ති වැනි විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින් සමඟ එක්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වේ. සහයෝගීතාව හා සංවාදය තුලින් ශක්තිමත් නිර්මාණයක් බිහි කළ හැකි අතරම පාරිසරික සුරක්ෂිතතාව හා ස්ථාවර බවද තහවුරු කළ හැකි වේ.

ඒ අනුව ව්‍යාපෘතිය සිදු කරනු ලබන භූමිය පිළිබද මනා පාරිසරික හා සමාජ අවබෝධයක් සහිතව සිදු කරනු ලබන නිර්මාණයන් යොදා ගනිමින් මානව හා පාරිසරික අවශ්‍යතා පිළිබඳ එක හා සමාන උනන්දුවක් දක්වා ඇති නිර්මාණයන් වෙත මූණමල් සම්මානය පිරිනමනු ඇත.

මේ සඳහා උනන්දුවක් දක්වන හා සුදුසුකම් සපුරන හවුල්කරුවන්ට, අයදුම්කරුවන්ට හා මහජනතාවට පාරිසරික සහජීවනය හා සම්බන්ධ නිර්මාණ පිළිබඳ සම්මානයේ අරමුණු අවබෝධ කර දීම වෙනුවෙන් දිවයින පුරා වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමද මෙම දියත් කිරීම තුලින් සිදු කරනු ලැබීය. සම්මානය සඳහා වන නාම යෝජනා භාර ගැනීම හා හවුල්කාරීත්වයන් ප්‍රකාශයට පත් කිරීම 2026 අගෝස්තු මාසයේදී සිදු කිරීමට නියමිත අතර අවසන් ජයග්‍රාහී නිර්මාණ ලැයිස්තුව හා ජයග්‍රාහී නිර්මාණ 2027 මැද භාගයේදී ප්‍රකාශයට පත් කරනු ඇත.

මෙහිදී අදාල සම්මාන ක්‍රියාවලිය පිළිබඳව විශේෂ මෙහෙයුම් කමිටුවක් මඟින් අධීක්ෂණය කිරීමට නියමිතය. එම මෙහෙයුම් කමිටුවට ආර්ථික විද්‍යාඥයකු හා Centre for a Smart Future හි  අධ්‍යක්ෂවරයා වන අනුෂ්ක විජේසිංහ, ජෆ්රි බාවා සහ ලුණුගඟ භාරයේ සභාපති චන්න දාස්වත්ත, ජෙෆ්රි බාවා සහ ලුණුගඟ භාරයේ ජීවී එකතුවේ භාරකාර සොහාම් කකර්, පරිසරවේදී හා ඉඩම් සහ සොබා දහම සංරක්ෂණ කිරීමේ ආයතනයේ (PLANT) සභාපති ශ්‍රියාන් ද සිල්වා විජේරත්න සහ පාරිසරික සංවිධාන සම්මේලනයේ (FEOSL) නිර්මාතෘ සහ පාරිසරික ගෘහ නිර්මාණ ශිල්පිනී සුනෙලා ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළත් වේ.

සම්මානය පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට geoffreybawa.com/awards වෙත පිවිසෙන්න. 

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මහින්දගේ අත අල්ලලා ඇතුළට ගිය ශිරන්ති නම් එළියට ආවා! නාමල් තවම නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

ඔන්න නාමලුත් CID එකෙන් එළියට ආවා! එළියේ දෙදරන්න පොහොට්ටුවේ සද්දේ! I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.