• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලංකාවේ හොඳම මියුසික් ක්ලාස් එක කියන්නේ මගේ හීනයක්….! මම පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්…! ප්‍රසිද්ධියයි ජනප්‍රියත්වයයි කියන්නේ අහසයි පොළොවයි වගේ…! මහේෂා සඳමාලි I Sri Lanka Latest News

January 24, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ලංකාවේ හොඳම මියුසික් ක්ලාස් එක කියන්නේ මගේ හීනයක්….! මම පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්…! ප්‍රසිද්ධියයි  ජනප්‍රියත්වයයි කියන්නේ අහසයි පොළොවයි වගේ…!  මහේෂා සඳමාලි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ මියුරු හඬකින් සහ නිහතමානී ගතිගුණවලින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඇය මහේෂා සඳමාලියි. රියලිටි වේදිකාවෙන් ඇරඹි ඇගේ ගමන අද වනවිට සම්මානනීය පසුබිම් ගායිකාවක සහ දක්ෂ හඬ උපදේශිකාවක දක්වා දුරක් පැමිණ තිබේ. ඇගේ කලා ජීවිතය සහ පෞද්ගලික තොරතුරු පිළිබඳ ‘හාට්’ අපි සමග කළ කතාබහ මෙසේ පෙළගස්වන්නෙමු. Sri Lanka Latest News

මුළන්ම රියලිටි වේදිකාවෙන් පසුව ඔබ ගොඩනගාගත් මේ සංගීත ගමන් මග ගැන කතා කරමු…
මගේ ආරම්භය දෙරණ ඩී්‍රම්ස්ටාර් තරගය. එහි තෙවැනි ස්ථානය දිනාගැනීමත් එක්ක මට ක්ෂේත්‍රයට එන්න මාවත විවර වුණා. විශේෂම දේ තමයි මගේම නිර්මාණයක් එළිදක්වන්න කලින් මට අවස්ථාව ලැබුණා ලලිත් රත්නායක මහත්මයාගේ ‘විෂම භාග’ චිත්‍රපටයට පසුබිම් ගායනයෙන් දායක වෙන්න. ඒ ගීතය වෙනුවෙන් මම සෑම සම්මාන උළෙලකම පාහේ නිර්දේශ වුණා වගේම සිග්නීස් සම්මානයෙන් පිදුම් ලැබුවා. අද වනවිට මගේම ගීත රාශියක් මම නිර්මාණය කරලා තියෙනවා. ඉදිරියටත් අලුත් නිර්මාණ රැසක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ගායනයට අමතරව ඔබ අද වනවිට ගුරුවරියක්?
මම පාසල් ගුරුවරියක් නෙවෙයි. නමුත් මම කටහඬ පුහුණු කරන උපදේශිකාවක් ලෙස කටයුතු කරනවා. පසුගිය දවසක මගේ පන්තියක් අතරතුර ‘සඳකඩ පහණක’ ගීතය පුහුණු කරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල ගොඩක් ජනප්‍රිය වුණා. මම මේ වෘත්තියට ගොඩක් ආදරය කරනවා. කුඩා කාලයේ ඉඳලම මම දන්න දේ තව කෙනෙකුට කියලා දෙන්න මම ආසා කළා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳ විශේෂවේදී උපාධිය වගේම ශාස්ත්‍රපති උපාධියත් මම ලබාගත්තේ මේ විෂය පිළිබඳ තියෙන කැපවීම නිසයි.
මහේෂිගේ මේ ගමනට පවුලෙන් ලැබෙන සහයෝගය?
පවුලෙන් ලැබෙන සහයෝගය අතිමහත්. මගේ අම්මා, තාත්තා, මල්ලි වගේම මගේ සැමියා මගේ ලොකුම ශක්තියයි. මගේ මහත්තයා බොහෝ වෙලාවට ලංකාවෙන් බැහැරව හිටියත් ඔහු මගේ හැම වැඩක් ගැනම නිරන්තර අවධානයෙන් ඉන්නවා. අපේ වගේ ක්ෂේත්‍රයක සැමියා සහ බිරිඳ අතර හොඳ අවබෝධයක් තියෙන්නම ඕනේ. මට ලැබුණු ඒ හොඳ ජීවන සහකරු නිසා මගේ මේ ගමන ගොඩක් පහසු වෙලා තියෙනවා.

මේ ගමනේදී මහේෂිට නතර වෙන්න ඕනේ කියලා හිතුණු තැනුත් ඇති?
ඔව්. මම විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉන්නකොට රියලිටි තරගයේ අවසන් අදියරයි මගේ අවසන් වසරේ විභාගයයි දෙකම එකවර ආවා. ඒත් මම ඒ අභියෝගය ජයගත්තා පමණක් නෙවෙයි සංගීත අධ්‍යයන අංශයේ වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යාව බවට පත්වෙන්නත් මට හැකි වුණා. අදටත් මගේ ගායන වෘත්තියයි, ගුරු වෘත්තියයි සමබරව කරගෙන යාම මම දකින්නේ සුන්දර දෙයක් විදිහටයි.
මහේෂිට හොඳ රසික පිරිසක් ඉන්නවා නේද?
‘මගේ මගේම දෝ’ නිර්මාණයට රසිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර ඇත්තටම පුදුමසහගතයි. ඉතිං මගේ හඬට ආදරය කරන විශාල පිරිසක් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මොකද අද වෙනකම් මගේ ගීතවලට කිසිම නරක ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. ඒක මට ලොකු සතුටක් වගේම ලොකු නිහතමානී ආඩම්බරයක්.
ඔබේ හෙට දවසේ සැලසුම් මොනවාද?
මගේ මූලිකම බලාපොරොත්තුව මගේ සංගීත පන්තියේ දරුවන්ව ඉදිරි විශාරද විභාග සඳහා හොඳින් සූදානම් කිරීමයි. ලංකාවේ විශාලතම සහ සාර්ථකම සංගීත පන්තිය බවට මගේ පන්තිය පත්කිරීම මගේ සිහිනයක්. ඒ වගේම මගේ මල්ලි නිර්මාණය කරපු ගීත කිහිපයක්ම මේ වසරේදී එළිදක්වන්න නියමිතයි. මගේ නිර්මාණ කටයුතුත් ඒ විදිහටම ගුණාත්මකව ඉදිරියට කරගෙන යාම තමයි මගේ ඉදිරි බලාපොරොත්තු.

සඳුනි මුණසිංහ

SendShareShare
Previous Post

වියදම් වැඩි වුණත් ලැබීම්වලින් අඩුවක් නැති සතියක්! Sri Lanka Latest News

Next Post

‘පවන්සිරි’ නිසා මගේ ඇත්ත නමත් අමතක වෙලා…! වැටුණු තැන් ගොඩක් තිබුණා…! හෂාන් රත්නායක I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.