• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ හීනෙට තව ගොඩක් දුරයි…! හිතේ හයිය තියෙනව ඒ ගමන යන්න පුළුවන්…! රංගනය සම්පූර්ණයෙන්ම අහම්බයක්…! තිනෙරු විජේසිංහ I Sri Lanka Latest News

January 18, 2026
in Heart
Reading Time: 2 mins read
A A
මගේ හීනෙට තව ගොඩක් දුරයි…! හිතේ හයිය තියෙනව ඒ ගමන යන්න පුළුවන්…! රංගනය සම්පූර්ණයෙන්ම අහම්බයක්…! තිනෙරු විජේසිංහ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හුණු කූරෙන් දැයේ දරුවන්ගේ නැණැස පාදන ගුරු පියෙක් ලෙසත්, රූපවාහිනී තිරයේ ප්‍රේක්ෂක හදවත් දිනූ රංගන ශිල්පියකු ලෙසත් තිනෙරු විජේසිංහ අද ජනප්‍රිය තරුවක්. කුලියාපිටියෙන් ඇරඹි ඒ නිහතමානී ගමන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර උපාධිය දක්වා අධ්‍යාපනයෙන් ඔපවත්ව නොසැලෙන ආත්ම ශක්තියෙන් ඉදිරියට යන මේ තරුණයාගේ ජයග්‍රාහී මාවත ගැන කතාකරන්න ‘හාට්’ අපි ඔහුත් එක්ක කතාබහක යෙදුණා.Sri Lanka Latest News

තිනෙරු, කවුද ඇත්තටම මේ තිනෙරු විජේසිංහ කියන්නේ?
ජීවිතයේ ආත්ම ශක්තිය පෙරදැරිව ඉතා දුර ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිහතමානී පුද්ගලයෙක්.
ඔබ හැදීවැඩුණු පරිසරය සහ පාසල් ජීවිතය ගැන මතකය අවදි කළොත්?
මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුලියාපිටියට අයත් මොරගනය කියන හරිම ලස්සන ගමක තමයි හැදුණේ. 5 වසර දක්වා ඉගෙන ගත්තේ මොරගනය ගමේ පාසලේ. 2008 වසරේ ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා මම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. මම එතනින් එහාට වැඩිදුර අධ්‍යාපනය ලබා ගත්තේ ඒ පාසලෙන්. ගමේ තිබුණ නිදහස සහ සුන්දරත්වය මගේ ජීවිතයට ලොකු බලපෑමක් කළා. අදටත් විවේකයක් ලැබුණු ගමන් මම දුවන්නේ ගමට.
එදා පුංචි කාලේ දැකපු හීනය අද ඔබ ඉන්න තැනයි ගැන මොකද හිතෙන්නේ?
මගේ හීනය නම් තව ගොඩක් ඈතයි. නමුත් මම දැන් ඒ පාරේ නිවැරදිව ගමන් කරමින් ඉන්නවා. මගේ ඉලක්කවලින් මේ වෙද්දී 40% – 50% වගේ ප්‍රමාණයක් මම සම්පූර්ණ කරලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම්, මේ වයස වෙද්දී මම ඉන්න ඕනෙ කියලා හිතපු තැනට වඩා ඉහළ තැනකට එන්න මට පුළුවන් වෙලා තියෙනවා.
පාසල් කාලයේ තිනෙරු කියන්නේ මොන වගේ චරිතයක්ද? එදත් ඔබ ජනප්‍රියද?
එදත් මම පාසලේ ජනප්‍රිය චරිතයක්. ඒකට නම් විවිධ හේතු තිබ්බා. මම පාසල් කාලේ හොඳට ක්‍රීඩා කළා. මම දක්ෂ කෙටි දුර ධාවන ශූරයෙක්. මීටර් 100 ධාවන තරගයෙන් මම කලාප වාර්තා පවා තියලා තියෙනවා. ඒ වගේම පාසල් කාලයේ ප්‍රේම සම්බන්ධතා කිහිපයකුත් තිබුණා. පොඩි කාලේ ඉඳන්ම ටිකක් කැපීපෙනුණා මා තුළ තිබුණ දක්ෂතා නිසා.
රංගනයට අවස්ථාව තිබියදී ‘ගුරු වෘත්තිය’ තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණාද?
මගේ අම්මා සහ තාත්තා දෙන්නම විශ්‍රාමික විදුහල්පතිවරු. මගේ පවුලේ බොහෝ දෙනෙක් ගුරුවරු. ඒ නිසා මට ගුරු වෘත්තියට සහජයෙන්ම ආභාෂය සහ ආසාව තිබුණා. ළමයි එක්ක ඉන්නකොට දැනෙන සතුට, ඔවුන්ගෙන් ලැබෙන අලුත් තොරතුරු මගේ මුහුණේ හිනාව හැමදාම රඳවලා තබනවා. ඒ නිදහසට මම ගොඩක් ආදරෙයි.
රංගනය කියන්නේ හීනයක්ද? නැත්නම් අහම්බයක්ද?
රංගනය සම්පූර්ණයෙන්ම අහම්බයක්. මම උසස් පෙළට හැදෑරුවේ ගණිත අංශය. පාසල් කාලයේවත් රංගනය ඉගෙනගෙන තිබුණේ නැහැ. නමුත් මට ආසාවක් තිබ්බා රංගනයට එන්න. ඒ නිසා මම රංගනයට සම්බන්ධ වුණා.
අද ඔබ වටා ඉන්න මේ රසිකයන්ගේ ආදරය හෙට නැති වෙයි කියලා බයක් නැද්ද?
නැහැ. මොකද අපි ජීවත් වෙන්නේ ආදරය මතම නෙවෙයි. අපිට ආත්ම ශක්තිය තියෙනවා නම්, ආදරය තිබුණත් නැතත් අපිට අපේ ගමන යන්න පුළුවන්. ඒ නිසා මට එහෙම බයක් දැනෙන්නේ නැහැ.

පවන් උමේෂා

SendShareShare
Previous Post

සජිත් විපක්ෂයේ ඉඳගෙන රෝහල්වලට කෝටි ගණන් වටිනා සෞඛ්‍ය උපකරණ දෙද්දී සමහරු හිනාවෙන්නේ ඇයි? මාධ්‍යවේදියෙක් සජිත්ගේ මුහුණටම අහයි! සජිත් රෝහල්වලට සෞඛ්‍ය උපකරණ දෙන එක නවත්වන්නද යන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාවට ආ චීන විදේශ ඇමැති විජිත විතරක් හමුවෙලා අනුරව හමුනොවුණේ ඇයි? සාකච්ඡා තිබ්බ සුපිරි හෝටලය හැංගුවේ ඇයි! ‘මව්රට’ හෝටලය හොයාගත්තා! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.