හොඳ මසාල තෝසයක් කකා ඉන්න අතරෙ නිව්ස් එකක් ආව? අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියල ගේන්න හදපු මොකක්ද එක අවුරුද්දකට කල් දාලා.
ජනාධිපති නම් කිව්වෙ කාගෙවත් කතා වැඩක් නෑ මේක කොරලමයි පස්ස බලන්නෙ කියලා. හැබැයි එයාටත් මේක හෝදල ඇතිවෙලා මගෙ හිතේ.
ලංකාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනෙ. ආයෙ ඒකෙ දෙකක් නෑ. හැබැයි ඒවා හදන්නෙ කවුද? අලුත් ඒවා හදන අයට ඒකට තියන සුදුසුකම් මොනවද? මේ කරන්න හදන වෙනස්කම් ලංකාවට ගැළපෙනවද?කවුද ඒවා තක්සේරු කරන්නෙ? කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව එක එක මනස්ගාත එක්ක කරන්න හදපු වෙනස්කම් හකුළා ගත්ත එක නම් හොඳයි.
හැබැයි දැන් දවස් කීපයකට කලින් කිව්ව කතාවත් නොකියා හිටියා නම් තමා වඩා හොඳ. මොකද ඔයාලගෙ ආණ්ඩුව හරි ළාමකයි, චූටියි. අර බෝක්කු යූටියුබ්කාරයට රිදුණෙ ඒකනෙ. එයාට චූටියි කියපු එක දරාගන්න බැරි වුණා.
ඔයාල කරන වැඩ ගැන ඔයාලටවත් අදහසක් නෑ. අවබෝධයක් නෑ. කොහොම වුණත් මේ වෙලාවෙ බක පණ්ඩිතකම් නොකියා අඩියක් පස්සට ගත්ත එක හොඳයි. ඒක මොළේ ඇති වැඩක්. ඔයාලගෙ සිඟිති වැඩ ගැන අපි කලින්ම කිව්වම ඩෝබියො අපේ පෝස්ට්වල රීච් වැඩිකරන්න පටන් ගත්‍තනෙ. දැන් තේරෙනව ඇති මොකද වුණේ කියලා. අම්මෝ අනුර සහෝගෙ රස්නෙ අරං කට්ටිය කිව්ව කතා.
ඒකෙන් මේකෙන් වෙන්න ගිය විනාසයක් නතර වුණා. ඔය කියන ලින්ක් එක ගැන ඔය පොත් හදපු උන්දැලවත් දැනන් හිටියෙ නැති වෙලාවක සංඝරත්නයට පින් සිද්ධවෙන්න ඔය ලින්ක් එක ගැන දැනගත්තා. රටම ලෝකෙම දැනගත්තෙ එහෙම. එහෙම නොවෙන්න පුහුණු කළා කියන ගුරුවරුවත් දන්නෙ නෑනෙ.
පුදුම වැඩේ කියන්නෙ එතකොට පුහුණු කළේ මොනවද කියන එක. ඒක එහෙම නොවෙන්න ඔය වෙබ් අඩවිය…. ආ සොරි සොරි වෙබ් අඩවියක් නෑ වෙබ් අඩවියක ලින්ක් එක විතරනෙ තිබ්බෙ. අනික ඒකට යන්න කියලා තිබ්බෙත් නෑනෙ. මේ කිසිවක් සමාජය දන්නෙම නෑ.
දැන් 2027 ඕක ආයෙම ගේනකොටවත් හරියට හොයලා බලන්න සුදුසු මිනිස්සු ටිකකට භාරදෙන්න වෙයි. මොකද ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ඒක අස්සෙ වෙන වැඩක් කරන්න දඟලන එකයි ප්‍රශ්නෙ.
මෙයාල ගිවිසුම් එහෙමත් හොරෙන් තියාගෙන ඉන්නෙ එළියට දැම්මොත් කන්න වෙන බව දන්න නිසා.
එහෙනම් ඩෝබි සහෝදරවරුන්ට ජය වේවා. මේ ටිකේම ඔය හයේ පොතේ ලින්ක් එක හෝදල හෝදලා මහන්සිත් ඇතිනෙ. දැන් සැනසීමෙන් නිදාගන්න. 2027දි ආයෙම බලමු.
ආ කියන්න අමතක වුණා. හෝදන වැඩේ අවුල් වුණාට කමක් නෑ. අපිට කමෙන්ට් කොටලා රීච් වැඩිකරල දෙන එක නතර කරන්න එපා හරිද?
ඩිල්කා සමන්මලී










