අමාත්‍ය රවුප් හකීම් මහතා හදිසියේම ඊයේ (29) පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවෙසට ගොස් ඇත.
හකීම් මහතා මෙසේ ගොස් ඇත්තේ සිය දියණියගේ විවාහ මංගල උත්සවයට පැමිණෙන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කිරීම සදහාය.
ලබන සැප්තැම්බර් 17 වැනි දින මෙම මංගල උත්සවය පැවැත්වීමට නියමිතය.
කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කර ඇත්තේ 17 වැනි දින නාමල් රාජපක්ෂ මහතාගේද විවාහය සිදුවන බැවින් තමන්ට ඊට සහභාගි වීමට සිදුව ඇති නිසා නියත වශයෙන්ම දෙවැනි දින උත්සවයට පැමිණෙනවා යැයි කියාය.