• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මධුෂාන්ට ලොකු අලකලංචියක්… ! අන්තිමට යතුරු හිලෙන් බලන්න මට බැරිවුණා…! මට දැනුණේ කවුරු හරි ඇදලා ගත්තා වගේ…! මදුෂාන් නානායක්කාර I Sri Lanka Latest News

January 10, 2026
in Heart
Reading Time: 3 mins read
A A
මධුෂාන්ට ලොකු අලකලංචියක්… ! අන්තිමට යතුරු හිලෙන් බලන්න මට බැරිවුණා…! මට දැනුණේ කවුරු හරි ඇදලා ගත්තා වගේ…! මදුෂාන් නානායක්කාර I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වේදිකාවේ, පුංචි තිරයේ විතරක් නෙවෙයි සිනමාවෙත් සුවිශේෂ චරිත නිරූපණය කළ ජනප්‍රිය චරිතයක් වුණු මදුෂාන් නානායක්කාරට 2026 වසර ආරම්භයත් සමග හදිසි අනතුරකට මුහුණ දෙන්න සිදුවුණා. ඉතින් ඔහුගේ සුවදුක් විමසා බලන්න ‘හාට්’ අපි ඔහුව සම්බන්ධ කරගත්තේ මේ විදියට.Sri Lanka Latest News

දැන් කොහොමද මදුෂාන්?
දැන් නම් විවේකීව ගෙදරට වෙලා ඉන්නවා. මාස දෙකක්වත් ගෙදරට වෙලා ඉන්න වෙයි කියලා තමයි වෛද්‍යවරුන් උපදෙස් දුන්නේ.
ඇත්තටම මොකක්ද මේ සිදුවුණු අනතුර?
පසුගිය මාසේ අන්තිම එක දිගට ‘යතුරු හිල’ අලුත්ම වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කටයුතු යොදාගෙන තිබුණා. ‘යතුරු හිල’ වේදිකා නාට්‍යයේ සියලු දෙනාම ඒ වෙනුවෙන් උපරිම කාලය වෙන්කරලා තිබුණේ. ජනවාරි 01 වැනිදා දවසේ ‘යතුරු හිල’ නාට්‍යයේ පුහුණුවීම්වලට යන අතරතුර දවාලේ තමයි මේ අනතුර සිදුවුණේ. පාරේ තිබුණු ගලකට මම ගිය යතුරුපැදිය ලිස්සලා පෙරළුණා. ඒ වෙලාවෙ නම් මට දැනුණේ මාව කවුරු හරි ඇදලා ගත්තා වගේ. කොට්ටාව හරියෙදි තමයි මේ අනතුර සිදුවුණේ. ඒ වෙලාවෙම අවට සිටි සියලු දෙනා මට කළ හැකි උපරිම සත්කාර කරලා මාව කොළඹ ජාතික රෝහලට රැගෙන ගියා. වෛද්‍ය පරීක්ෂණවලින් දැනගන්න ලැබුණා දකුණු අතේ උරහිස කැඩිලා ඉල ඇට තුනක් විතර බිඳිලා කියලා.

මේ අනතුර නිසා ‘යතුරු හිල’ වේදිකා නාට්‍යයේ වැඩ කල් ගියාද?
මමත් ගොඩක් ආශාවෙන් තමයි පුහුණුවීම් සඳහා ගියේ. නාට්‍යය වේදිකාගත කරන්න තිබුණේ ජනවාරි 04 වැනිදා. මගේ වේදනාවට වඩා මට දැනුණු ලොකුම වේදනාව මේ නාට්‍යය ගැන. මොකද ඒ සඳහා දායක වුණු ශිල්පීන්ගේ කාලය, ධනය, කැපකිරීම මිල කරන්න බැහැ. අවසානයේ මගේ චරිතයට සසිත දියමන්ත තෝරාගෙන ඉතා අඩු කාලයක් තුළ ඔහු පුහුණුවීම් කරලා ඒ සියලු අභියෝග භාරගෙන සියලු දෙනා යතුරු හිල වේදිකාගත කරලා තියෙනවා. මට ඒ ගැන ගොඩක් සතුටුයි. කොහොම හරි අවසානයේ මට යතුරු හිලෙන් බලන්න බැරි වුණා.
භාරගත්ත අනෙකුත් නිර්මාණ කටයුතු?
මේ දවස්වල මම ඉන්න ඩ්‍රාමා එකක් විදියට බුද්ධික සේමසිංහගේ ‘හිතාගන්න බැරි කතාවක්’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සඳහා මම දින දීලා තිබුණේ. අවසානයේ බුද්ධික මට කිව්වේ උඹ මුලින් සනීප වෙලා වරෙන් පස්සේ ගේමක් ගහමු කියලා.
හිතවතුන් බොහෝ දෙනෙක් ඔබේ සුවදුක් බලන්න ආවා කියලා ආරංචියි?
අනේ ඔව්, වැල නොකැඩී ආවා. මට අනතුරක් වෙලා කියලා දැනගත්ත ගමන් මුලින්ම ආවේ සුදර්ශන බණ්ඩාර. දන්න කියන බොහෝ පිරිසක් ආවා. එන්න බැරි වුණත් හැමෝම දුරකතනයෙන් හරි කතා කරලා මගේ සුවදුක් සොයා බැලුවා. මම මුදල්වලට වඩා මිනිස්සු තමයි හම්බ කළේ. සම්මානවලට වඩා මේ විඳින ආදරණීය ජනතාවගේ සම්මානය මට බොහොම වටිනවා. අපි කරන රස්සාවේ වටිනාම දේ තමයි මේ ආදරය.
මුදල් තරම් වටිනා දෙයක් තවත් නැහැ නේද?
මට ජීවත් වෙන්න යම් මුදලක් තිබුණාම ඇති. මුදල් පසුපස හඹාගියා නම් මම අද කෝටිපතියෙක් වෙලා. මම රඟපාපු සමහර නිර්මාණවල මුදල් දෙන්නත් තියෙනවා මට. ඒ අය තේරුම් ගන්නේ නැහැ අපි ජීවත් වෙන්නේ මේ වෘත්තියෙන් කියලා. නිර්මාණ කළොත් විතරයි අපිට ජීවත් වෙන්න හරි කීයක් හරි හොයාගන්න පුළුවන්. ඒ දේවල් නැති වුණාම කලකිරීමක් නැතුවාම නෙවෙයි. කලකිරීමෙන් චරිතයක් කරනකොට කරන වැඩේවත් හරියට කරගන්න බැහැ.
බිරිඳගෙන් ඔබට ලැබෙන සහාය කොහොමද මේ දවස්වල?
මගේ බිරිඳ මට අම්මා කෙනෙක් වගේ. ඇය මේ වෙලාවේ මගේ හෙවණැල්ල වගේ මගේ ළඟ ඉඳගෙන මට නැගිටින්න දෙන ශක්තිය ගොඩක් වටිනවා. මගේ ජීවිතයේ වාසනාවකට ලැබුණු බිරිඳක්. මගේ කැත කුණු අතගාමින් මට මේ වෙලාවේ කරන උපකාරයට ඇය දේවතාවියක් කියලයි මට හිතෙන්නේ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලස්සන වැඩක් නිසා හිත හයිය කරන් හිටියා…! කැමැති මට වඩා වයසින් වැඩි චරිතවලට…! මම නිළියක් කියනවට ආස නැහැ… ! නිර්මලා නිශාන්ති I Sri Lanka Latest News

Next Post

අගමැතිකම ගැන අනුර ගත්ත තීන්දුව! විජිතට ලැබෙයිද? Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.