• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හැමෝම කිව්වේ ගිය ආත්මෙක ඝණ්ටාර පූජාවක් කරලා කියලා…! ඒ කාලේ කටහඬ නිකං සීනුවක් වගේ හරි සද්දෙට තිබුණා…! දිත්තලා නළවලා එනකොට කට්ටිය ෆුල් හොල්මන්…! පුදුම දර්ශන වාර ගණනක්ගේ තිබුණේ. ඉස්පාසුවක් ඇත්තෙම නැහැ….! මැණිකේ අත්තනායක I Sri Lanka Latest News

January 4, 2026
in Heart
Reading Time: 4 mins read
A A
හැමෝම කිව්වේ ගිය ආත්මෙක ඝණ්ටාර පූජාවක් කරලා කියලා…! ඒ කාලේ කටහඬ නිකං සීනුවක් වගේ හරි සද්දෙට තිබුණා…! දිත්තලා නළවලා එනකොට කට්ටිය ෆුල් හොල්මන්…! පුදුම දර්ශන වාර ගණනක්ගේ තිබුණේ. ඉස්පාසුවක් ඇත්තෙම නැහැ….! මැණිකේ අත්තනායක I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විශිෂ්ටත්වයට පත් සම්මානනීය නිළියක වූ ඈ දැන් මා හමුවේය. ඈ ගැන කතාබහ පටන්ගන්නේ කොතැනින්දැයි සිතමින් ඊට කොනක් සොයන්නට වූයෙමි. අසුරු සැණින් සිතට ආවේ ‘දික්තල-කාලගෝල’ වේදිකා නාටකයේ දික්තලාගේ ඔමල කොමළ රංගනයයි. එය ඈ කළ අපූරුව කෙතරම්ද? පළිඟු මැණිකේ ටෙලියෙ පට් පට් ගා සම්තිං හොයන්නට තනපු සූරසේනට රැවැටුණු පළිඟු ලෙස කළ චරිතයද ඈ රඟදැක්වූයේ මනමෝහනීය ලෙසිනි. තව කියන්නට කරන්නට එවැනි වර්ණනා බොහෝ ඇත. අත්තනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ හෙවත් කාලානුරූපීව ගතහොත් මැණිකේ අත්තනායක කියන්නේ ඒ තරමට ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ඉතින් අපි ඈ ගැන ඈ සමග කතාකරන්නට පැමිණි මොහොතයි මේ.Sri Lanka Latest News

ඉතින් කියන්න කොහොමද ඔබේ සුව දුක්?
වරදක් නැහැ. මම හොඳින් ඉන්නවා. මේ දවස්වල ටෙලානාට්‍ය දෙක තුනක ෂූටින්වලට ඉඳහිට සහභාගි වෙනවා. නිවේදන කලාවටත් ආරාධනා ලැබෙනවා. ඉතින් ජීවිතයේ සැඳෑ සමයත් එක්ක මගේ දරු මුණුබුරෝ එක්ක සතුටින් දවස ගෙවනවා.
ඔබ තවමත් රංගන කලාවේ නිරතව සිටීම ආඩම්බරයක්?
කලාව රංගනය ලේවල හෝ ඇඟේ තියෙන කෙනෙකුට ඒ තරම් ලෙහෙසියෙන් රංගනයෙන් ඈත් වෙන්න බැහැනෙ. ඒ හින්දා ඉතින් ආරාධනා ආවම භාර නොගෙන ඉන්නේ නැහැ.
කටත් තවම සැරයි නේ. එහෙම නේද?
මොනවට කියනවද? මතකයිනේ තරුණ කාලේ ‘දික්තල කාලගෝල’ නාට්‍යයෙයි, ‘කැලණි පාලමෙයි’ කරපු රංගනය. කටහඬ නිකං සීනුවක් වගේ හරි සද්දෙට තිබුණා. හැමෝම වගේ ඒ දවස්වල කියනවා ගිය ආත්මෙක ඝාණ්ටාර පූජාවක් කරලා කියලා.
දික්තලා ලෙස රඟමින් ගයමින් ඔබ වේදිකාවට එනකොට පිරිමි උදවිය තුෂ්ණිම්භූතව බලාන හිටියා?
පිරිමි විතරක් නෙවෙයි. ගැහැනු උදවියත් එහෙමයි. මම ස්ටේජ් එකට නළවලා එනකොට හොඳ අත්පොළසන් නාදයක් දෙනවා. ඔන්න ඉතින් හිතුවටත් වැඩිය අපූරුවට දික්තලාගේ රංගනය ඉස්මතු වෙනවා. ගයන ගැයුම් රඟන රැඟුම්. කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා. ඒවා හැබැයි ඕවර් ඇක්ටිනුත් නෙවෙයි. හරි ගානට සරලව ඕඩියන්ස් එක පිනවනවා.
ලෙහෙසියෙන් ඔබට එදා දික්තලාගෙන් මිදෙන්න බැරිව ගියා?
මොනවට කියනවද? පුදුම දර්ශන වාර ගණනක්ගේ තිබුණේ. ඉස්පාසුවක් ඇත්තෙම නැහැ. රූපවාහිනිය ලංකාවට ආවට පස්සේ ‘දික්තල කාලගෝල’ කොටස් වශයෙන් පෙන්වනකොට ආයෙම නාට්‍ය දර්ශන තව තව වැඩි වෙන්න ගත්තා. ඕඩියන්ස් එක අතුරු සිදුරු නැතුව හැම දර්ශන වාරයකම පිරිලා ඉතිරිලා ගියා. චිත්‍රපට කලාවට වැඩිය නාට්‍ය කලාව හරි වෙනස්. මොකද කියනවා නම්, වේදිකාවට අපි එනකොට තිරය ඇරෙනකොට ඕඩියන්ස් එකේ හැම පුටුවක්ම පිරිලා තියෙනවා දකිනකොට හිතට එන ගැම්ම වචනවලින් කියන්න බැහැ. ඒක අමුතුම හැඟීමක්.


ඔබ කරපු තරම් අපූරුවට ‘දික්තලා’ව වේදිකාවට ගේන්න කාටවත් බැරිවුණා?
අනේ… මම කොහොමද එහෙම කියන්නේ. ඒවා පාරට්ටු නොවැ. මට ලැබුණු චරිතය මම යහමින් කළා. දික්තලා විතරක් නෙවෙයි. හැම චරිතයක්ම එහෙමයි.
ඔබ තරමට අපූරුවට කිසිවකු දික්තලාට ඇන්දෙ නැති බව ඒ දවස්වල බොහෝ විචාරකයන්ගේ මතය වුණා?
එහෙම කතාවක් තිබුණා මතකයි. අදටත් හුඟක් දෙනා ඔබ ඔය කිව්වා වගේ එය එලෙස කිව්වා. ඉතින් මට ඒ ගැන හරිම ආඩම්බරයි.
සූරසේනට රැවැටුණු පළිඟු ගැනත් ඒ වගේම ආඩම්බර ඇති?
පළිඟු මැණිකේ ටෙලිනාට්‍යය කියන්නේ වේදිකාවේ කැලණි පාලම, දික්තල කාලගෝල වගේ මගේ රංගන කලාවේ හැරවුම් ලක්ෂ්‍යයක්. ඒ කාලෙ ටෙලි කලාවෙ දැන් වගේ විකාර නැහැ. දවසටම එක නාට්‍යයයි. වැඩිම වුණොත් කොටස් පනහයි.
ප්‍රේක්ෂකයෝ ගේ දොර වැඩපළ ඉවර කරලා සාලේ මැද පුටු තියාගෙන ඒවා බැලුවේ ලොකු සතුටකින්. අන්න ඒ ටෙලි වසන්තය මැද විකාශය වුණු ‘පළිඟු මැණිකේ’ට හිතාගන්න බැරි තරමේ ඩිමාන්ඩ් එකක් තිබුණා.

සෝමවීර සේනානායක මහත්තයා, ධම්ම ජාගොඩ මහත්තයට තිර පිටපත අතට දෙනකොට එයාගේ හිතේ සුටුස් ගාලා පළිඟුගේ චරිතෙට ඇවිදින් තියෙන්නේ මගේ රූපය තමයි. ඒ ඇසිල්ලෙම මාව හොයාගෙන ආවා. දෙපාරක් හිතන්න ඕනෙ වුණේ නැහැ. පළිඟු ගැන ආසා හිතුණා. ධම්ම හිනාවෙලා එවෙලෙම කිව්වා ‘ඔයා අකැමැති වුණා නම් මම ඔයාව බලෙන් හරි මේ චරිතෙට ගන්නවා. මොකද පළිඟුට ඔයා තරමට හරියන වෙන කවුරුවත්ම නැහැ’ය කියලා.
ලොකු ආඩම්බරයක් දැනෙන්න ඇති නේද මැණිකේ…?
ආඩම්බර වැඩිපුර දැනුණේ ප්‍රේක්ෂකයෝ පළිඟු මැණිකෙත් එක්ක අත්වැල් බැඳගන්නකොටයි. මගතොටකවත් යන්න බැරිවුණා. කියන්නකෝ මගේ අම්මෝ එහෙම ප්‍රතිචාරයක්. මටවත් ඒක දරාගන්න බැරි වුණා. මැණික් හාමිගේ කැටයම් මුහුණු ටික ටුවරිස්ට් ගයිඩ් කෙනකුට විකුණුවා කියලාවත් ප්‍රේක්ෂකයො මට වෛර කළේ නැහැ. සූරසේන පට් පට් ගාලා සම්තින් හොයනවා වාගෙම පළිඟු මැණිකේ පට් පට් ගාලා එක රැයින්ම ප්‍රේක්ෂකයන්ව බැඳලා තියාගත්තා.
ජනප්‍රිය වුණා කියලා කොටස් ගණන වැඩි වුණෙත් නැහැ?
අද වාගේ ඒ කාලේ නිර්මාණකරණය සහ නිර්මාණ ශිල්පීන් චැනල්වලට ඕනෙ ඕනෙ විදියට විකිණුනේ නැහැ. ටෙලි කලාව කියන එක හරි ලස්සනට වටිනාකම අනුව තියෙන්න ඕනෙ තැන තිබුණා.
අපි ‘සුදු නෝනේ’ සින්දුවට යමු. ඒකත් පළිඟු මැණිකේ වගේම හිට් වුණා?
මොනවට කියනවද? සුනිල් පෙරේරාටවත් හිතාගන්න බැරි වුණා සංගීත සංදර්ශනවල සුදු නෝනේ සින්දුවට තිබුණු ඩිමාන්ඩ් එක ගැන. හැත්තෑ ගණන්වල ආපු සින්දුව ඒ විදියට ඉදිරිපත් වුණේ ජාතික රූපවාහිනියේ පළමු සංවත්සරයටයි. සුදු නෝනේ විදියට මාව තේරාගෙන කරපු ඒ නිර්මාණය එතැනින් එච්චරයි. ඉවරයි කියලයි හිතාගෙන හිටියෙ.
මෙන්න වදේ සුනිල් මට කතාකරනවා සංගීත සංදර්ශනවල ඒක දිගටම කරන්න. පුදුම ඉල්ලීමක් තිබුණේ. ස්ටේජ් එකට එනකොටම ප්‍රේක්ෂකයෝ සුදු නෝනෙ සුදු නෝනෙ කියලා එක සීරුවට කෑගහන්න ගත්තා. ඇත්තටම අද ඒවා මතක් කරනකොට හිතට දැනෙන සතුට අප්‍රමාණයි.
වැඩ වැඩිකමට සුදු නෝනෙගෙන් සමුගන්න හැදුවත් සුනිල් පෙරේරා ඔබව අතහැරියෙ නැහැ.
අනේ මැණිකේ දාලා නම් යන්න එපා. මට හරියටම හරියන සුදු නෝනා ඔයාම තමයි කියලා කිවවා. මමත් ඒ චරිතය රඟපෑවේ බොහොම සතුටින්.
ඔය හැමදේම අතර ඔබට වේදිකාව මගහැරුණු තැන් තිබුණා නේද?
ටෙලි සිනමාව මාව බැඳලා තියාගත්තා. වේදිකාවේ සමහර අවස්ථා යම් විටක මගහැරුණා වෙන්න පුළුවන්. ඒත් මම වේදිකාව අතහැරියෙ නැහැ. සමහර නිර්මාණ භාරගත්තා. වේදිකාව, ටෙලි සිනමාව, ගුවන්විදුලිය, ප්‍රසංග කලාව සහ සිනමාව යන හැම ඉසව්වක් තුළම මම මගේ හැකියාවන් ප්‍රදර්ශනය කළා.
ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කියන කියමන ඔබ බොරු කළා?
එය බොරුවක් කළ බොහෝ ප්‍රවීණයන් ඉන්නවා. මමත් ඒ අතර කෙනෙක්.
අධ්‍යක්ෂණයට යොමුවන හීනයක ඔබ හිටියා?
ඔව්. අලංකාර තිර පිටපතක්ද ලියා අවසන්. නමුත් ඊට අවැසි පසුබිම සැකසුණේ නැති නිසා ඒ හීනය යට ගියා. කාලයට ඉඩ දීලා බලන් ඉන්නවා. බලමු ඉස්සරහට ඊට අවස්ථාවක් එයිද කියලා.
අවසාන වශයෙන් මේ කතාබහ තුළ කියන්න යමක් තියෙනවද?
බොහෝ දේ තියෙනවා. එක දෙයක් කෙටියෙන් කියන්නම්. ටෙලිනාට්‍ය කලාව අභාවයට ගිහින්. කලාත්මක සහ ගුණාත්මක අගය නැත්තටම නැතිවෙලා. අන්න ඒ වෙනුවෙන් යමක් කරන්න පුළුවන් වගකිව යුතු පිරිසක් එයට මැදි වෙනවා නම් හොඳයි.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

සජබ-එජාප එකතු කරමින් සජිත් ගහපු ‘කලම්බෝ ක්ලබ්’ ගේමට ‘භූත’ බැල්ම වැටෙයි! රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Next Post

ආපදාවට සහන දීමේ ඉන්දු-චීන යුද්ධය! අනුර S. Jaishankar හමුව! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.