• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දඩබ්බර වැඩ කරන්න තමයි ආසා…! මම හෝම් වර්ක් හරියටම කරනවා…! නොකරපු චරිතයක් කියල දෙයක් නැහැ…! සමිත සුදීශ්වර I Sri Lanka Latest News

January 3, 2026
in Heart
Reading Time: 3 mins read
A A
දඩබ්බර වැඩ කරන්න තමයි ආසා…! මම හෝම් වර්ක් හරියටම කරනවා…! නොකරපු චරිතයක් කියල දෙයක් නැහැ…! සමිත සුදීශ්වර I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටෙලිනාට්‍ය කලාව පමණක් නොව වේදිකා නාට්‍ය කලාවට උපන් හපන් දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම මොහු වර්ණලත් වොලිබෝල් ක්‍රීඩකයෙකි. මේ දිනවල ටෙලි තිරය තුළ නිතරම සිටින ඔහු සමිත සුදීශ්වරයි. අද ‘හාට්’ අතිරේකයට ඔහුත් සමග කතාබහ ඇරඹෙන්නේ මේ විදිහටයි.Sri Lanka Latest News

ඉතින් සමිත මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල රූපවාහිනියේ නිර්මාණ තුනකට දායක වෙලා ඉන්නවා. ඒවායින් දෙකක්ම අසංක සායක්කාරගේ කොටු, සින්ටෝ ටෙලිනාට්‍යයි. රනිල් කුලසිංහගේ ලවර්ස් ලීප් ටෙලිනාට්‍යයටත් දායක වුණා. ඊට අමතරව වේදිකා නාට්‍ය ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිලෙති, පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුව කියන නාට්‍යයත් සමග මේ දිනවල කාර්යබහුලයි. ඒ වගේම අලුත් වේදිකා නාට්‍යයක පුහුණුවීම්ද මේ දිනවල කරගෙන යනවා.
මේ දිනවල ඔබ නිතර දක්නට ලැබෙන චරිතයක්?
ඔව්. ඇත්තටම ඒක හරිම භාග්‍යයක් රංගන ශිල්පියෙක්ට. යම්කිසි රූපවාහිනී නාලිකාවක ලාංඡනයක් විදිහට දකින්න ලැබෙන එක හොඳ දෙයක් නෙවෙයි. නමුත් විවිධ චරිත හරහා විවිධ පරාස හරහා චරිත කිහිපයක් කරන්න ලැබෙන එක රංගන ශිල්පියකුට හොඳ අවස්ථාවක් කුසලතා දක්වන්න. ඉතින් ඒ නිසා මම සතුටු වෙනවා.
ආගන්තුකයා ගැන ටිකක් කතා කරමු නේද?
ක්‍රිස්ටි ෂෙල්ටන් මහතාගේ ආගන්තුකයා ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට පෙර එතුමාගේම අම්මාවරුනේ නාට්‍යයටත් මම සම්බන්ධ වුණා. නළුවෙක්ට විවිධ අධ්‍යක්ෂවරුන් යටතේ අධ්‍යක්ෂණය වෙන්න ලැබීම භාග්‍යයක්. ආගන්තුකයා ටෙලිනාට්‍යයේ මාපා කියන පොලිස් නිලධාරියාගේ චරිතය තමයි මම නිරූපණය කළේ, ක්‍රිස්ටි ෂෙල්ටන් මහතාගේ රංගවිධානවලට මම අදටත් ගරු කරනවා.

සමිත කියන්නේ කොහොම චරිතයක්ද ඇහුවොත්?
සාමාන්‍ය ජීවිතයේ මම රජයේ සේවකයෙක් සහ සිවිල් පුරවැසියෙක්. එමෙන්ම රංගන ශිල්පියෙක් විදියට නිර්මාණකරුවෙක්. සාමාන්‍ය ජීවිතයේ රාජ්‍ය සේවකයෙක් විදියට හිටියට නිර්මාණ චාරිකාවේ මම හරි කැමැතියි දඩබ්බර වැඩ කරන්න. දඩබ්බර වැඩ කියන්නේ නරක වැඩ නෙමෙයි නිර්මාණයන්ට විවිධ උත්සාහයන් දරන්න කැමැතියි.
රංගන ශිල්පියෙක් විදිහට මෙතෙක් පැමිණි ගමනේ සම්මානයට හිමිකම් දැරුවේ කොහොමද?
මම මුලින්ම රඟපාන්නේ 1999 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළු වුණාට පසුවයි. පළමු නාට්‍යය වන රාජනී ගැබ්බරයි කියන නාට්‍යය. පළමු නාට්‍යයෙන්ම රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවාට නිර්දේශ වෙනවා. එතැන් පටන් මට තේරෙනවා මගේ මොනවා හරි විභවතාවක් ඇති කියලා. ඊට පස්සේ රංගනයට නැඹුරුවක් ඇතිවුණා. හොඳම නළුවාට නිර්දේශ වීමේ සිට වරින් වර හතර වතාවක් කෙටි නාට්‍ය සහ දිගු නාට්‍යවල හොඳම නළුවාට හිමි සම්මානය ලැබීමට රාජ්‍ය සම්මාන උළෙලේදී සුදුසුකම් ලබනවා. 2023 රාජ්‍ය නාට්‍ය උළෙලේදී කෙටි නාට්‍ය සඳහා හොඳම නළුවාට හිමි සම්මානය මට දිනාගන්න ලැබුණෙත් 2023 වසරේ නැවත රාජ්‍ය නාට්‍ය උළෙලේ දිගු නාට්‍ය අංශයෙන් හොඳම නළුවාට සම්මානය ලබාගැනීමටත් හැකි වුණේ අසංක සායක්කාරගේ නිර්මාණයන් මගින්. ප්‍රසාද් කළුපහන අධ්‍යක්ෂණය කළ ‘කම්බිලි’ මම දායක වූ ප්‍රධාන චිත්‍රපටයක් එය. එයට සරසවි සම්මාන උළෙලේදීත්, දෙරණ ලක්ස් සම්මාන උළෙලේදීත් හොඳම දුෂ්ට නළුවාට නිර්දේශ වීමට හැකියාව ලැබුණා.
රංගනයේදී තෝරා බේරා ගැනීමක් කරනවද?
අනිවාර්යයෙන්ම කරනවා. මාත් එක්ක වැඩ කරපු හැම අධ්‍යක්ෂවරයෙක්ම නිෂ්පාදකවරයෙක්ම මට ගැළපුණා. තව මම හුගාක් හෝම් වර්ක් කරනවා. මොන චරිතය කළත් දන්නවා මම ඊට සාධාරණයක් කරන බව අධ්‍යක්ෂවරුන් දන්නවා.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?
සිනමා නිර්මාණ දෙකකට කතා කරලා තියෙනවා. ජනවාරි සහ පෙබරවාරි මාසවල රූගත කිරීම් සිදුවීමටත් නියමිතයි. ඊට අමතරව නිරත වූ වේදිකා නාට්‍ය කිහිපයක දර්ශන වාර 15ක් පමණ පෙරදී කල් ගියා. ඒවා නැවත ජනවාරි සිට ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කරනවා.

හිමාෂි මධුවන්ති සේනාරත්න

SendShareShare
Previous Post

2026 ඔබට හරියටම වෙන දේ දැනගන්න! Sri Lanka Latest News

Next Post

SJB-UNP එකමුතුව කඩන්න ‘සූත්තර’ කුමන්ත්‍රණයක්! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.