මින් ඉදිරියටත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත්, පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා බවත් හැගවෙන ආකාරයේ නිවේදනයක් අද දිනයේදී එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කොට ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ අන්ත පරාජයෙන් පසු එජාපය නිකුත් කළ පළමු නිවේදනය මෙය වීමය.
කෙසේවෙතත් ඉදිරියේදී පක්ෂය ප්‍රතිසංවිධාන කිරීමට පියවර ගන්නා බවද එම නිවේදනය අවසානයේ සදහන් කොට ඇත.











