• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිගරට් අරක්කු බුලත්විට සේරටම ආයුබෝවන් කිව්වා…! මම තමයි පොර කියලා හිතන අය හැමතැනම ඉන්නවා…! සම්මාන 11ක් ලැබුණා…! ඒක ඉතිහාසගත වාර්තාවක්…! මම චාතූර්යාට උමතු වුණා…! තට්ටෙටත් හොඳ ඉල්ලුමක් තියෙනවා…! රොජර් I Sri Lanka Latest News

December 28, 2025
in Heart
Reading Time: 4 mins read
A A
සිගරට් අරක්කු බුලත්විට සේරටම ආයුබෝවන් කිව්වා…! මම තමයි පොර කියලා හිතන අය හැමතැනම ඉන්නවා…! සම්මාන 11ක් ලැබුණා…! ඒක ඉතිහාසගත වාර්තාවක්…! මම චාතූර්යාට උමතු වුණා…! තට්ටෙටත් හොඳ ඉල්ලුමක් තියෙනවා…! රොජර් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔහු වරෙක ටෙලි තරුවක ලෙස ආලින්දයේ සිනමාව වටා එක්රොක් වන ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත්කළේය. ඒ, චාතුර්යා සහ සෙනුරි වැනි සුන්දර ටෙලිනාට්‍ය හරහාය. තවත් වරෙක ඔහු ඇට, ලේ, මස් නහර කකියවන චරිතාංග ලෙස රංගනයෙන් දායක වන චරිත හරහා ප්‍රේක්ෂක සිත් තිගැස්මට පත්කොට තැබුවේය. ඒ, නාඳුනන පුත්තු සහ තත්පරයක් දෙන්න වැනි ටෙලි කතා හරහාය. රන්මිණි තැන්නද එවැනි සංකීර්ණ ටෙලියකි.Sri Lanka Latest News

දශක ගණනක් පුරා ටෙලි තිරය සමගින් ප්‍රේක්ෂකයන් හා සිත්කලු ගනුදෙනුවක නිරතව සිටින මේ ජනප්‍රිය ප්‍රවීණ සම්මානනීය රංගවේදියා තවමත් ඒ ගනුදෙනුව අතහැර නැත.
ඔහු කවුද? ඔහු ගැන ඔබට වැඩි විස්තර අවැසි වන්නේ නැත. ඔහු රොජර් සෙනෙවිරත්නය.

ඉතින් කොහොමද ඔබට? කොතැනින්ද අපි කතාව පටන් ගන්නේ?
ඉතින් කොහොමදැයි කියන ප්‍රශ්නෙට උත්තරේ, සුපුරුදු කලා කටයුතු අතර දවස ගෙවනවා කියන එකයි. දෙවැන්නට උත්තරේ ඕනෑම තැනකින් කතාවට අවශ්‍ය ආරම්භය ගනිමු කියන එකයි.

ඔබ අවේ වේදිකාවෙන්?
ඔව්. වේදිකාව බොහෝ කලාකරුවන්ව ටෙලි සිනමාවට දායාද කළා. මමත් එයින් එක් අයකු වෙනවා.
වේදිකාවෙන් පැමිණි කලා ශිල්පීන්ගේ රංගන හරඹයන් තුළ අමුතු ගැම්මක් තිබුණා. එහෙම නේද?
බොහෝ විට ඒ මතය හරියටම හරි. එයට නිදසුන්ද ඕනෑ තරම් තියෙනවා. කියන්න ගියොත් සීමාවක් නැති වේවි. වේදිකාව කියන්නේ බොහොමයක් වූ නිර්මාණකරුවන්ව තත්පරයෙන් තත්පරය අලුත් කරන, වැරැදි අඩුපාඩු හදාගන්න අවස්ථාව දෙන අපූරුම තෝතැන්නක්. 2.30 දර්ශන වාරයට රඟපාන නළුවා හෝ නිළිය නෙවෙයි 6.30 දර්ශන වාරයට ඉන්නේ. එතැන ඉන්නේ වැරැදි අඩුපාඩු හදාගත්ත නළුවා හෝ නිළියයි. ඉතින් අඩුපාඩු වැරැදි තැන් හදාගෙන යන ඒ ගමන අතිසාර්ථක ගමනක්. ඒ ගමන තුළ හොඳ ප්‍රවීණයන් පිරිසක් සම්මානනීය පසුබිමක කලා කෙතට පිවිසුණා.
‘බොහොමයක් නිර්මාණකරුවන්’ කියා කිව්වේ, වේදිකාවෙන් බිහිවන ඇතැමුන් දක්ෂයන් නොවන නිසාද?
මෙහෙමයි, වේදිකා නාට්‍යකරණයේදී යමක් ඉගෙනගන්නට වගේම තව තව මම හැදෙන්නම ඕනා කියන පිරිස දිගු සාර්ථක ගමනකට ප්‍රවිෂ්ට වෙනවා. ‘මම තමයි පොර’ කියලා හිතන පිරිසකුත් හැම තැනකම වගේ එතැනත් ඉන්න නිසා 2.30 දර්ශන වාරය තුළ තමා අතින් සිදුවුණු අඩුපාඩු සහ වැරැදි හදා නොගන්න පිරිසකුත් ඉන්නවා. ඔවුන් 2.30 දර්ශනයේදී කරපු හරියවත් 6.30දී කරන්නේ නැහැ. අන්න එහෙම අය ඇනගත්ත සහ ඇනගන්න අවස්ථා අපමණයි.
අඩුපාඩු හදාගන්න අවස්ථාව තියෙද්දී ‘මම 2.30 හරියටම කළා’ කියලා අධිමානසිකත්වයක ඉන්න අයට ඒ අවස්ථාවෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසයි මම ‘බොහොමයක්’ කියන වචනය පාවිච්චි කෙරුවේ.
වේදිකා නාට්‍ය කලාව තුළ ඔබ සුවිශේෂ වාර්තාවක් තැබුවා?
‘පස්වැන්නා’ නාට්‍යයට යෞවන සම්මාන උළෙලෙහි සම්මාන 11ක් ලැබුණා. එය අදටත් කිසිවකුට හෝ බිඳින්නට බැරිවූ ඉතිහාසගත වාර්තාවක්.
ඔබ හරි ආඩම්බරයෙන් ඒක කිව්වේ?
ඇත්තෙන්ම මම අදටත් ඒ ගැන ආඩම්බර වෙනවා. සතුටු වෙනවා.
‘රුවන් වැස්ස’ හරහා ඔබ ටෙලි කලාවට ප්‍රවිෂ්ට වෙනවා?
සුගතපාල සෙනරත් යාපා මහතා කළ වාර්තාමය ටෙලිනාට්‍යයක්. 1987 තරුණ සේවා සභාව සංවිධාන කළ සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවා ලෙස මම ඊට සම්මාන ලැබුවා.
ටෙලි කලාවට මැදිවීමෙන් ඔබට වේදිකාව මගහැරුණා?
ටෙලි කලාවට මැදිවුණේ නැහැ. මැදි කරගත්තා කිව්වොත් හරි. මට යන්න ඉඩක් දුන්නේ නැහැ. ඒ අල්ලා ගැනීම මත මමද ටෙලි අසිරිය තුළ අතරමං වුණා. අනෙක අද වගේ නෙවෙයි එදා ටෙලිනාට්‍ය කලාව හරිම පිළිවෙළයි. හැමදේම මැනැවින් යම් සීමාවක තිබුණා.
ටෙලි කලාව තුළ ඔබව අල්ලලා තියාගත්තේ චාතූර්යා ටෙලිනාට්‍යයද?
ඒ කතාවත් හරිම රසවත්. හැබැයි ඊට කලින් මට අපේ ප්‍රවීණ නිර්මාණකරු ධර්මසේන පතිරාජ මහත්මයාගේ ‘නාඳුනන පුත්තු’ ටෙලියට ආරාධනා ලැබෙනවා. එය විශිෂ්ට ගණයේ චරිතයක්. චරිතයේ සත්‍ය නම ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා. මම ඒ චරිතය තුළ ජීවත් වුණේ පුදුමාකාර ගැම්මකින්.
චාතූර්යා තුළින් ඔබ වයස් භේදයක් නැතිව රසික සිත් ඇද බැඳගත්තා?
ටෙලි නිර්මාණය සඳහා පොත හොයලා ගත්තේ මගේ බිරිඳයි. පළමු කොටස කියෙව්වා. දෙවැන්නත් කියෙව්වා. අන්තිමට එය නිමවුණේ පස්වැනියට ආ අවසාන පොතෙන්.
ටෙලි නිර්මාණයක් කරන්නට තරම් ඔබ චාතූර්යාට උමතු වුණා?
මම චාතූර්යාට උමතු වුණා. නරඹන්නන් ටෙලි කතාවට ඊටත් වැඩිය උමතු වුණා. හිතාගන්න බැරි විදියට ප්‍රේක්ෂකයන් චාතූර්යා වටා අසුන් ගත්තා. ඔබ අර කිව්වා වගේ පාසල් යන යෞවන යෞවනියන්ගේ සිට වැඩිහිටියන් සහ මහලු වයසේ අය පවා චාතූර්යාට වශී වුණා.
සෙනුරි ආවෙත් ඒ උණුසුමේමයි?
හරියටම හරි. සෙනුරි කතාවට චරිතවලට වගේ තේමා ගීතයටත් ප්‍රේක්ෂකයන් චාතූර්යාට වගේම ආදරය කළා.
ඉන් පස්සේ ටෙලිනාට්‍යවලට එන ආරාධනා අසීමිතව තිබුණා?
ඒකනේ කියන්නේ. අන්න ඒ වාතාවරණය තුළ තමයි මට වේදිකාව මගහැරුණේ. හැබැයි මම වේදිකාවට ආදරෙයි. කතාබහකට ආවොත් මම එය පටන් ගන්නේ වේදිකාවෙන්. රොජර් සෙනෙවිරත්න කියන කලාකාමී මනුස්සයව නිර්මාණය කළේ වේදිකාවයි. කවදාවත් මට වේදිකාව අමතක කරන්න බැහැ. අමතක වෙන්නෙත් නැහැ.
ඔබ දැන් වැඩිපුරම රඟපාන්නේ දුෂ්ටයට?
එකම චරිත කිහිපයකට කොටුවෙන්න එපාය කියන පාඩම මට කියා දුන්නේ මගේ ගුරුවරු. චරිතය ප්‍රේමණීයද, ශුද්ධවත්ද, දුෂ්ටයගෙද කියන කාරණය චරිතාංග නළුවකුට අදාළ නැහැ. කළ යුත්තේ එකී චරිතයට සාධාරණය ඉටුකිරීමයි. පෙම්වතා වුණත් සාන්තුවරයා හෝ දුෂ්ටයා වුණත් ඒ චරිතය හරියට කරනවා නම් තමයි අවධානය සහ අභිමානය ලැබෙන්නේ.
අධ්‍යක්ෂණයෙන් වගේම නිෂ්පාදනයෙනුත් ඔබ හිටි අඩියේ බැහැර වුණා?
බැහැර වුණා ටික කාලෙකට. මොකද කියනවා නම් නිර්මාණ කිහිපයකටම අත ගහලයි තිබුණේ මීට වසර කීපයකට පෙර. කොරෝනා අගුළු දැමීම තුළ ඒ සියලු සැලසුම් ව්‍යර්ථ වී ගියා. ආයෙම ඒ සැලසුම් ගොඩනගන්න තවම අවස්ථාවක් හෝ සිතක් ආවේ නැහැ. ඉදිරියට බලමු.
දිගටම තට්ටේ ගාලා ඉන්නද කල්පනාව?
මුලින්ම තට්ටේ ගෑවේ මං හිතන්නේ රන්මිණිතැන්නට. එයට පසු ජුරාලියා. තත්පරයක් දෙන්න චරිත ආවෙත් තට්ටෙත් එක්ක රඟපාන්නයි. ඉතින් ඔහොම යනකොට රන්මිණිතැන්න දෙවැනි පියවරත් ආවා. ඔය විදියට කොණ්ඩේ වවන්නම බැරුව ගියා. ඒ වගේම තට්ටෙටත් හොඳ ඉල්ලුමක් තියෙනවා.
ඔබ සියලු මතින් මිදෙන්න උත්සාහ ගන්නවා කියලා ආරංචියි?
උත්සාහ ගන්න දෙයක් නැහැ. මතට තිත තියලා ඉවරයි. සිගරට්, අරක්කු, බුලත්විට සේරටම ආයුබෝවන් කියලා ඉවරයි.
එකපාරටම හිත හදාගන්න අමාරු වුණේ නැද්ද?
හැම දේටම තමන්ගෙම හිත තමයි. තමාට තමාව පාලනය කරගන්න පුළුවන් නම් එච්චරයි. කවුරු මොනවා කිව්වත් මතෙන් මිදෙන එක හිතන තරම් කජ්ජක් නෙවෙයි.
දේශපාලනයෙන් ඔබ ඈත් වුණේ ඇයි?
කවුද එහෙම කියන්නේ? දේශපාලනය කියන්නේ මම බොහොම සමීප විෂයක්. හැබැයි එයට සාර්ථකව යොමුවෙන්න හොඳ පසුබිමක් ඕනෙ. ඒ වගේම දේශපාලනය කියන්නේ විප්ලවීය යමක් කරන්න පුළුවන් මිනිහෙක්ව හදන තැනක්. දේශපාලනයට ප්‍රවිෂ්ට වෙන්න නම් හොඳ ගමනක් යන්න පුළුවන් දැක්මක් ඕනෙ. වැඩදායක පක්ෂයක් ඕනෙ. හැබැයි ලංකාවේ දේශපාලනය තුළ තවම එහෙම පසුබිමක් හැදිලා නැහැ.
මාලිමා ආණ්ඩුව ගැන ඔබේ අදහස කොහොමද?
ඔවුන්ට තව කාලය දිය යුතුයි. බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා..

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

බිමල්-වසන්ත-කුමාර ජයකොඩි-හඳුන්නෙත්ති-නලින්ද-සුනිල් වටගලගේ වත්කම් ගැන මුදල් විශුද්ධිකරණ පනත යටතේ අල්ලස් කොමිසම හොයන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

31 ඡන්දය තීරණාත්මකයි! කොළඹ නගරාධිපතිනි බල්තසාර් ෆේස්බුක් එකේ සටහනක් තබයි! I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.