• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මම යන්නම්….’ ඒකත් නාට්ටියක්…! Sri Lanka Latest News

December 27, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් එනවද-නැද්ද? මම දන්න රනිල් වික්‍රමසිංහගෙ තීරණය මේකයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘එජාප – සජබ එකතුවට බාධාව තමා නම් එය බධාවක් කරගන්න එපා…’ රනිල් වික්‍රමසිංහ, පසුගිය 17 වැනිදා මෙවැන්නක් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම්දී ඇති බවට වූ ප්‍රවෘත්තිය අපට අසන්නට ලැබිණි. ඒත් ඒ ප්‍රවෘත්තියට අනුරූපීව තවත් ප්‍රචාරක වැඩසටහනක් දියත් වන අයුරුද අපට දකින්නට තිබිණි. ‘රනිල් ඉන්න’ ඒ ප්‍රචාරක වැඩසටහන පසුගිය සති අන්තය පුරා සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අයුරු දකින්නට තිබිණි. ඒ, රනිල්ගේ ගේම් ප්ලෑන්වල හැටිය. විවෘතව එකක් කියන රනිල්, සංවෘතව තවත් ගේමක් ගැසීම 1994 සිට රනිල්ගේ ක්‍රීඩාවය.Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂය මෙරට හැඳින්වූයේ, ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදී තනි විශාලතම පක්ෂය ලෙසය. එහෙත් මේ තනි විශාලතම පක්ෂයේ ඡන්ද පදනමට 1994 සිට අත්වූ ඉරනම කුමක්ද යන්න මේ රටේ සබුද්ධික ජනතාවට මතක් කරදිය යුතුමය.

1994 – 44%
2000 – 40%
2001 – 46%
2004 – 38%
2010 – 29%
2018 – 32%

1994 වසරේ පොදුජන පෙරමුණ හමුවේ පරාජයට පත්වූ එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවට 2000 වසරේ පළමුවෙන්ම හඬ නැගුවේ ගාමිණි අතුකෝරළය. ඉන් පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතුකෝරළට නියෝජ්‍ය නායක පදවියක් දී එම හඬ යටපත් කරගත්තේය. යළි 2004 වසරේ කරළියට ආ පක්ෂ ප්‍රතිසංස්කරණ, පණ්ඩිතරත්න කමිටු වාර්තාව හරහා සුළු, සුළු වෙනස්කම්වලට භාජනය කළ රනිල්, එස්.බී. දිසානායකට ජාතික සංවිධායක ධුරය සහ තිස්ස අත්තනායකට නියෝජ්‍ය මහලේකම් තනතුර පිරිනමමින් පැලැස්තර විසඳුමක් දැමුවේය.
පරාජයන් හමුවේ යළිත් 2009දී පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා විජේදාස රාජපක්ෂ – ජෝසප් මයිකල් පෙරේරාගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කළ රනිල්ට, ඔවුන් යෝජනා කළේ, වසරින් වසරට පක්ෂ නායකත්වය වෙනස් වියයුතු බවය. ඒත් එම යෝජනාව හමස් පෙට්ටියට දැමූ රනිල්, වසර 3 නිදහසේ සිටිද්දී යළිත් පක්ෂ ප්‍රතිසංවිධාන කරළියට ආවේ පාක්ෂිකයන්ගේ නැගිටීම් සමගය. ඒ අනුව, 2012 වසරේ එජාප ප්‍රතිසංවිධාන අරබයා නැගුණු හඬ යටපත් කරගැනුණේ කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පත්කෙරුණු නායකත්ව මණ්ඩලයක් හරහාය.
සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට එන ජනතා විරෝධය නතර කරන්නට, මාර්ග සංවර්ධනය කරන බව කියමින්, කෝට්ටේ මාර්ගය වසා ගන්නට රාජපක්ෂවරුන්ගේ පිහිටින් රනිල් කටයුතු කළ ඉතිහාසයක්ද අපට මතකය.
පක්ෂ ප්‍රතිසංවිධාන නොවූ පසුබිමක ඡන්ද පදනම බිඳවැටෙමින් පසුබෑමට ලක්වූ එක්සත් ජාතික පක්ෂය හැරදා 1994 සිට 2014 දක්වා වෙනත් දේශපාලන පක්ෂ වෙත ගිය එජාපය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 40කට අධිකය.
1994 සිට 2025 දක්වා වසර 31ක් එජාප ප්‍රතිසංවිධාන කටයුත්ත හරියට, කැක්කුම් දෙන දතක සිදුර පුරවමින් තාවකාලික සුවයක් ලබාගැනීම වැනිය.
2024 ජනාධිපතිවරණය ජයගත් අනුර කුමාර 42.31%ක් ලබාගනිද්දී දෙවැන්නා වූ සජිත් ප්‍රේමදාස 32.76%ක් ලබාගෙන තිබුණේය. දක්ෂිණාංෂික කඳවුර සතුව තිබූ තවත් 17.27%ක් ලබාගෙන තුන්වැනි තැනට පත්ව සිටියේ රනිල්ය. සජිත් සහ රනිල් ලබාගත් ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතාත්මකව 50.03%ක්ය.
සැබවින්ම රනිල් ඉවත්ව සජිත්⁣ට නායකත්වයට ඉඩ සලසනවා නම්, නිසැකවම එජාප – සජබ එකතුවක් සමගින් දැනට වෙන් වෙන්ව සිටින ඡන්ද පදනම් එක් තැනකට එක්කිරීමට හැකිවනු ඇත. ඒ තුළින් දක්ෂිණාංශික ඡන්ද පදනම හරහා ප්‍රබලම ආණ්ඩු විරෝධී බලවේගයක් ගොඩනැගෙනු ඇත. එහෙත් රනිල් එජාප නායකත්වය සජිත්ට හෝ වෙනත් අනුප්‍රාප්තිකයකුට ලබාදීම මේ කප තියෙන තුරා සිදුවන්නක් නොවනු ඇත. ඊට හේතුව එජාපයේ නායකත්ව වෙනසකට එරෙහිව බහිරවයන් පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානය තුළ අරක්ගෙන සිටීමය.
එක්සත් ජාතික පක්ෂයට ආදරය කළ අපවත්වී වදාළ පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් වරෙක ලියා තිබූ ලිපියක සඳහන් කර තිබූ අදහසකින් මේ සටහන අවසන් කරමි. උන්වහන්සේ පවසා තිබුණේ, 27 වතාවක් තමන් පක්ෂ නායකයා අමතන්නට උත්සාහ කළත් ඊට අවස්ථාවක් නොලැබුණු නිසා එම ලිපිය ලිවීමට අදහස් කළ බවය.
ජනතාව අතරට ගොස්, ජනතා ගැටලු හඳුනාගත්, ජනතාවාදී නායකත්වයක් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය බවත්, ඒ සඳහා කඩිනමින් කටයුතු කරනු ඇති බවට තමන් වහන්සේ බලාපොරොත්තු වන බවත් එහි සඳහන් කර තිබිණි.
1994 සිට මහජන ඡන්දයෙන් නායකයකු බිහිකරන්නට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වුණේ ඇයි? මේ ඔබටම සිතන්නට කාලයයි.

අසේල දාබරේ

SendShareShare
Previous Post

මේ ආණ්ඩුව ගේන්නෙත් කලින් තිබ්බ පනතමයි! මාලිමා ආණ්ඩුව PTA යකාට ලිප්ස්ටික් ගාලා! රංවලගේ උපාධිය අහන්නත් බෑ… ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් අහන්නත් බෑ… බාල බෙහෙත්වලින් මැරුණු මිනිස්සු ගැන අහන්නත් බෑ… උද්ඝෝෂණ බෑ… අරවා බෑ… මේවා… බෑ… බෑ… බෑ… බෑ…! Sri Lanka Latest News

Next Post

පාර තොටේ හතර වටේ – නටන නැටුං දැක දපනෙ වැටේ…! ආපදාවලින් පස්සෙ මාලිමාවේ අලුත් නැටුමක්…! Sri Lanka Latest News

MORE NEWS

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

Load More
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක මහතාට පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු සතු සුවිශේෂ සන්නිවේදන කුසලතාව හේතු වූ බව ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයකු...

Read more
අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.