• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ ආණ්ඩුව ගේන්නෙත් කලින් තිබ්බ පනතමයි! මාලිමා ආණ්ඩුව PTA යකාට ලිප්ස්ටික් ගාලා! රංවලගේ උපාධිය අහන්නත් බෑ… ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් අහන්නත් බෑ… බාල බෙහෙත්වලින් මැරුණු මිනිස්සු ගැන අහන්නත් බෑ… උද්ඝෝෂණ බෑ… අරවා බෑ… මේවා… බෑ… බෑ… බෑ… බෑ…! Sri Lanka Latest News

December 27, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
මුදලිගේ ඇතුළේ හිටියට අන්තරේ 30 වැනිදා ආයෙත් කොළඹ එනවා!
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන මුවාවෙන් ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන නව පනත සම්බන්ධයෙන් ජන අරගල සන්ධානය පසුගියදා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, එහිදී එම සන්ධානයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා දැක්වූ අදහස් පහත පළවේ.Sri Lanka Latest News

‘මේ වෙද්දි රජය තීරණය කරලා තියෙනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක් එහෙමත් නැත්නම් ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරගැනීමේ පනත’ කියන නමින් නව පනතක් ගේන්න. බැලූ බැල්මට රජය මේකෙන් ඒත්තු ගන්වන්න උත්සාහ කරන්නේ පරණ තිබ්බ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තියෙන අඩුපාඩු ටික නිසා නැවත අපි අලුත් පනතක් ගෙනාවා කියන එකයි. හැබැයි අපි මේ රටේ ජනතාවට කියනවා පැහැදිලිවම මේක අලුත් පනතක් නෙමෙයි. මේක කලින් තිබුණු මර්දනයට පාවිච්චි කරපු, ඒ වගේම රඳවා තබාගැනීමට පාවිච්චි කරපු, ඒ වගේම විරුද්ධව කතාකරන අයගේ කට වහන්න පාවිච්චි කරපු, ඒ වගේම ආණ්ඩුවට විරුද්ධව මත දක්වන අයව අත්අඩංගුවට ගන්න පාවිච්චි කරපු ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතම තමයි මේ වෙන නමකින් පිට කවරය විතරක් වෙනස් කරලා ඇතුළේ අන්තර්ගතය එහෙම්මම වෙන වචනවලින් තියෙද්දි ගෙනල්ලා තියෙන්නේ කියන එක අපි මේ රටේ ජනතාවට අවධාරණය කරන්න ඕනෙ.

විශේෂයෙන්ම පසුගිය කාලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කළේ ‘ත්‍රස්තවාදය ත්‍රස්තවාදය’ කියන ලේබල් එක ඉස්සරහට පෙන්නලා මිනිස්සු බයකරවලා මෙන්න ත්‍රස්තවාදය කියන ගෝනිබිල්ලා මවලා ඉවර වෙලා ඒ ගෝනිබිල්ලව පාවිච්චි කරලා මුළු සමාජයකට මර්දනය දියත් කිරීම සඳහා මේ පනත පාවිච්චි කළා.

විශේෂයෙන්ම අසූව දශකයේ දහස් ගණනක් ඝාතනය කළේ ටයර් උඩ පුච්චලා දැම්මේ ඒ වගේම අතුරුදන් කළේ මේ පනත පාවිච්චි කරලා. ඒ වගේම මුස්ලිම් දෙමළ පිරිස් අතුරුදන් කරන්න මේ පනත පාවිච්චි කළා. අරගලයෙන් පස්සේ ඒකෙ හිටපු ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට විශේෂයෙන්ම අපව අත්අඩංගුවට ගැනීමට මේ පනත පාවිච්චි කළා. ඒ හැම වෙලාවකම සමාජයට පෙන්නපු වචනය තමයි ත්‍රස්තවාදය. ඒ නිසා අපි මේ දේ කරනවා කියලා ඒකට යම් සමාජ අනුමැතියක් ගන්න හැදුවා.

ඒ නිසා මේ පනත සම්බන්ධව විරෝධයක් තිබුණා. ඒ නිසා මේ පනත සම්බන්ධයෙන් විවේචනයක් තිබුණා. ඒ නිසාම මේ පනත අහෝසි කරන්න ඕනේ කියලා ලොකු සමාජ මතයක් සමාජය ඇතුළේ තිබුණා. ඒ සමාජ මතයත් පාවිච්චි කළා. ජාතික ජන බලවේගය බලයට ඒම සඳහා ඒ මතයත් පාවිච්චි කරමින් තමයි බලයට ආවේ. දැන් ඒ මතයත් පාවිච්චි කරලා බලයට ආපු ජාතික ජන බලවේගය තෙපරබාලා තෙපරබාලා ගෙනල්ලා තියෙන පනතේ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරගැනීම කියන පිටකවරය වෙනස් කරලා ගෙනාපු පනත ඇතුළේ අර කලින් තිබුණු රඳවා ගැනීම් ටිකම ඒ වගේම පුනරුත්ථාපනය සඳහා යොදවන ටිකම ඒ වගේම ආණ්ඩුවට විරුද්ධව වැඩකරන අය මර්දනය කරන්න තියෙන සියලු වගන්ති ටික තියෙනවා මේ පනත ඇතුළේ.

එතකොට ඔවුන් කියනවා යම් කිසි ක්‍රියාවක් ආණ්ඩුවට කරන ලෙසත්, ඒ වගේම කරන දෙයක් නොකරන ලෙසත් බලපෑම් කිරීම ඉල්ලා සිටීම මේ පනත යටතේ වරදක් විදියට ගන්න පුළුවන් කියලා.

අපි අහනවා එහෙමනම් මේක යටතේ සමාජ මාධ්‍යයකවත් කිසිම දෙයක් ඔබට දාන්න බැහැ. රංවලගේ උපාධි සහතිකයවත් ඔබට ඉල්ලන්න බැහැ. ඒ මොකක්වත් ඉල්ලන්න බැහැ මොකද, ඒ සියල්ලක්ම මේ රාජ්‍යයකට විරුද්ධව ආණ්ඩුවකට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ග කියලා ඔබට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.

ඒ වගේම තමයි පසුගිය කාලේ ඉන්දියාවත් එක්ක ගිවිසුම් හතක් අස්සන් කළා. අදටත් ඒ ගිවිසුම් හත රහසක්. ඒක මොකක්ද කියලා දන්නේ නෑ. ඒ වගේම ඒ අස්සන් කරපු ගිවිසුම්වල ප්‍රතිඵල දැන් සමාජයක් භුක්ති විඳිනවා.

එතකොට හොඳම එක තමයි මේ දවස්වල සාකච්ඡාවට ගැනෙන සෞඛ්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉන්දියාවත් එක්ක අස්සන් කරපු සෞඛ්‍ය ගිවිසුම. ඒ සෞඛ්‍ය ගිවිසුමත් එක්ක ඖෂධ ගිවිසුමත් එක්ක ඉන්දියාවෙන් ගෙනාපු බාල බෙහෙත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩුව ගෙනාව බාල බෙහෙත් බීලා මිනිස්සු මැරිලා තියෙනවා මේ වෙද්දී. ඒ මැරුණු මිනිස්සු ගැන ඔබට අහන්න බෑ නැවත. ඒ බෙහෙත් ගෙනාවේ ඉන්දියාවෙන් අප්‍රේල් පස්වැනිදා අස්සන් කරපු ඉන්දියන් ගිවිසුමෙන් නේද කියලා ඔබට අහන්න බැහැ. රජයට පුළුවන් මේ පනත පාවිච්චි කරලා ආණ්ඩුව කරන දේවල්වලට ඇඟිලි ගහන්න එපා විරුද්ධ වෙන්න එපා ප්‍රශ්න කරන්න එපා කියන තැනින් අරගෙන ත්‍රස්තවාදියෙක් කියලා ඔබව ලේබල් කරලා ඔබේ කට වහන්න පුළුවන්.

ඒ නිසා නැවත මේ පනත සම්මත වුණාට පස්සේ ඉන්දියන් ගිවිසුම් ඔබට ඉල්ලන්න බැහැ. ඒ වගේම ජපානයත් එක්ක ගහපු ගිවිසුම් ටික ඉල්ලන්න බැහැ. පසුගිය දවස්වල ජූලි චන්ග් එක්ක එකතුවෙලා ගහපු ගිවිසුම් ටික මේ රටේ ජනතාවට නැවත ඉල්ලන්න බැහැ. ඒ සියල්ල මේ පනත යටතේ ආණ්ඩුවට විරුද්ධව කතා කළා කියන එකෙන් ගන්න පුළුවන්.

ඒ වගේම තමයි එතැනින් එහාට ගිහිල්ලා අපි අහනවා දැන් මේ රටේ මිනිස්සුන්ට ඉස්සරහට ප්‍රශ්න ගොඩක් එන්න නියමිතව තියෙන්නේ. ආර්ථික අර්බුදය එන්න නියමිතව තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවල පීඩාවට පත්වුණු ජනතාවට හඬ නැගීම හැර කිසිවක් ඉදිරියේදී ඉතිරි වෙන්නේ නෑ.

ඒ වගේම එතැනින් එහාට ගිහිල්ලා වෘත්තිකයන්ට වෙනවා තමන්ගේ වැටුප් ටික ඉල්ලන්න. ඒ වගේම කම්කරුවන්ට වෙනවා තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලන්න. ශිෂ්‍යයන්ට වෙනවා නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන්න එපා කියලා කියන්න. ඒ වගේම ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ට වෙනවා අපේ බෙල්ල මිරිකලා මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතනවලින් අපේ බෙල්ල මිරිකලා තියෙන්නේ, ඒක අපිට ගෙවන්න බැහැ කියලා කියන්න.

විදුලි බිල වැඩි වුණාම ඒක අඩු කරන්න කියන්න වෙනවා. ඒ වගේම වතු කම්කරුවන්ට වෙනවා තමන්ගේ අයිතිවාසිකම්වලට වැටුප දෙන්න කියලා කියන්න. නිවාසයක් දෙන්න කියලා මේ ගංවතුරෙන් පීඩාවට පත්වූ දහස් ගණන් ජනතාවට වෙනවා තමන්ගේ ජීවිතය දෙන්න කියලා ඉල්ලන්න. මේ ඉල්ලන සියල්ලක්ම ත්‍රස්තවාදී ලේබල් එක ගහලා ආණ්ඩුවට පුළුවන් යටගහලා දාන්න.

ඒ නිසා මේ ගොනා හැරෙන්නේ පොල් පැළයට. අපි ජනතාවට කියනවා මේ ගොනා හැරෙන්න යන්නේ පොල් පැළයට. ඒ වෙන මොකක්වත් නෙමෙයි ආණ්ඩුවට විරුද්ධව මත දක්වන ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වන සියල්ලන් මර්දනය කිරීමේ දිශාවට තමයි ආණ්ඩුව යන්නේ.

ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ පනත අහෝසි වෙන්න ඕනෙ. මේ පනත වහාම අහෝසි වෙන්න ඕනෙ කියන එක අපි බලපෑම් කරනවා. ඒ වගේම එතැනින් එහාට අපි කියනවා දැන් රජය කියන්නේ කලින් තිබුණු පනත අපි වෙනස් කළා දැන් ඒක හොඳයි කියලා. හැබැයි අපි ජනතාවට අවධාරණය කරන්නේ මේ පනත වෙනස් කරලා නැහැ මේ කලින් තිබුණු අර පී.ටී.ඒ. යකාම තමයි. ඒ තිබුණු දත් ටික එහෙම්මම තියෙනවා උල්වෙලා. ඒ තියෙන නියපොතු ටික එහෙම්මම තියෙනවා. මේ පනතේ තියෙන මර්දනීය අවලස්සන එහෙම්මම මේ පනතේ තියෙනවා.

හැබැයි රජය කියන්නේ නෑ, ඒ නියපොතු ටික අපි කැපුවා, දත් ටික අපි කැපුවා, ඒ මර්දනීය අවලස්සන අපි නැති කළා. දැන් මේ යකාට බය වෙන්න එපා කියලා කියන්නේ. හැබැයි අපි ජනතාවට කියනවා මේ නියපොතු ටික කපලත් නෑ, නියපොතු ටික ටිකක් පාට කරලා මේක ටික කාලෙකට යනකන්. ඒ වගේම දත් ටික ගලවලත් නෑ, දත් ටික ටිකක් වැහෙන්න ඇරලා. ඒ වගේම මර්දනීය අවලස්සන නැති කරලත් නෑ, ඒක චුට්ටක් මේකප් කරලා.

දැන් කියනවා අර පරණ පී.ටී.ඒ. යකාම ඒ මර්දනීය පනතම ගෙනල්ලා දැන් මේක අපි හොඳ ලස්සන විදිහට හදලා තියෙන්නේ බය වෙන්න එපා කියලා. අපි ජනතාවට කියනවා නෑ මේක අර පරණ පනතම තමයි වෙනස් විදිහකට පිටුවක් වෙනස් කරලා මුල් පිටුව වෙනස් කරලා ගෙනාවට. ඒ නිසා මේකට විරුද්ධ වෙන්න ඕනෙ.

ඒ වගේම අපි මේ රටේ ප්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලන්නේ මේ පනතට වහාම විරුද්ධ වෙන්න. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සදාචාරාත්මක අයිතියක් තියෙනවා මේ පනත ගේන්නේ නැතුව ඉන්නත් මේකට විරුද්ධ වෙන්නත්. මොකද ජනතා විමුක්ති පෙරමුණේ දහස් ගණනක් මැරුවේ අතුරුදන් කළේ මේ පනත පාවිච්චි කරලා. එතකොට ඒ අතුරුදන් කරපු සහෝදරයන්ගේ පවුල්වල අයත් තාම ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ ජාතික ජන බලවේගය ආණ්ඩුව ඇතුළේ වැඩ කරනවා දරදිය අදිනවා.

එතකොට අපි අහනවා ඔබෙන් ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟවද ඔබ බලයට ගෙනාපු ආණ්ඩුවට මේක කරන්න ඉඩ දීලා බලන් ඉන්නේ කියලා. ඒ නිසා අපි හරිම ආදරණීයව ඒ සහෝදරයන්ගෙන් ඉල්ලන්නේ මේකට විරුද්ධ වෙන්න. ඔබේ නායකයන්ට කියන්න මේ පනත ගේන්න එපා කියලා. අපි කොහොමත් සමාජ මතයක් මේ වෙනුවෙන් නිර්මාණය කරනවා විතරක් නෙමෙයි මේ පනත අහෝසි කිරීම සඳහා වූ සමාජ කතිකාව අපි ආරම්භ කරනවා.

ඒ නිසා අපි මේ රටේ ප්‍රගතිශීලී ජනතාවට ආරාධනා කරන්නේ මේ පනතට විරුද්ධව නැගීසිටින්න මේක මර්දනීය පනතක් මේක රජය අනාගතය දිහා බලලා තමන්ගේ ආරක්ෂාවට මර්දනය වෙනුවෙන් ගෙනාපු පනතක් කියන එක අපි මේ වෙලාවේදී අවධාරණය කරනවා.’

SendShareShare
Previous Post

මාලිමා කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් හැංගිලා? පළවෙනි දවසෙ එන්න බෑ කියලා! දෙවැනි දවසෙත් ඇවිත් නෑ! තර්ජනයට ලක්වූ නීතීඥවරිය උසාවි යන්න ලෑස්ති වෙයි! නීතීඥ සංගමයත් වැඩේ අතට ගන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

Next Post

‘මම යන්නම්….’ ඒකත් නාට්ටියක්…! Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.