මෙවර මහමැතිවරණයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වාර්තාගත ජයග්‍රහණයක් ලබමින් ඉතිහාසයේ පළමු වතාවට තුනෙන් දෙකක ආසන සංඛ්‍යාවක් ලබාගැනීමේ අබියස සිටින බව තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කරයි.
බොහෝදුරට එම ආසන සංඛ්‍යාව 151ක් වනු ඇති බවද එම ආරංචිමාර්ග සදහන් කරයි.
යම් හෙයකින් මෙම ආරංචිමාර්ගයන්ට අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආසන 150 ඉක්මවා ගතහොත් එය 1978 ජේ.ආර්. ජයවර්ධන මහතා නිර්මාණය කළ සමානුපාතික ජන්ද ක්‍රමය යටතේ තුනෙන් දෙකක අතිවිශේෂ බහුතරයක් ලබාගන්නා පළමු අවස්ථාව මෙය වනු ඇත.










