• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

වෙළෙඳ සේවා E කාණ්ඩයේ ක්‍රිකට් තරඟාවලියට 23 වන වරටත් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය! I Sri Lanka Latest News

December 20, 2025
in Business
Reading Time: 2 mins read
A A
වෙළෙඳ සේවා E කාණ්ඩයේ ක්‍රිකට් තරඟාවලියට 23 වන වරටත් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වෙළෙඳ සේවා ඊ කාණ්ඩයේ ක්‍රිකට් තරඟාවලියට 23 වන වරටත් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය අනුග්‍රහය දක්වන බව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ අනුග්‍රාහකත්වයන් අතර දෙවෙනි පැරණිතම අනුග්‍රාහකත්වය ලෙස මෙය හැඳින්විය හැකිය.Sri Lanka Latest News

ක්‍රීඩාව සදහා ඇති කැපවීම අවධාරණය කරමින්, ඩේවිඩ් පීරිස් සමූහය ක්‍රීඩා සංවර්ධනය සදහා පමණක් නොව වෙළෙද සේවා අංශයේ ක්‍රීඩා සදහා තම සේවක මහත්ම මහත්මීන්ද ක්‍රියාකාරීව යොමු කිරීම සම්බන්ධයෙන්ද උනන්දු වේ. ඒ අනුව වෙළෙද සේවා ක්‍රිකට් තරගාවලි සදහා ඩේවිඩ් පීරිස් පීරිස් සමූහ කණ්ඩායම් 02ක් පිළිවෙළින් සී කාණ්ඩයේ සහ ඊ කාණ්ඩයේ ක්‍රීඩා කරන අතර සී කාණ්ඩයේ ශුරයින් බවට පත්වීමට ඩේවිඩ් පීරිස් සමූහ ඒ කණ්ඩායමට 2025 තරගාවලියේදී හැකි වීම සුවිශේෂත්වයකි.

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සහ එහි ලීග් තරඟාවලිය මේ වන විට මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ ඉමහත් සේවයක් ඉටු කිරීමට සමත් වී ඇත. ඒ හරහා ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන ආයතනික ක්ෂේත්‍රයේ තරුණ ක්‍රීඩකයින්ට එම හැකියාවන් පවත්වාගෙන යාම සඳහා මහඟු අත්වැලක් සපයයි.

පසුගියදා වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඩේවිඩ් පීරිස් සමූහ අනුග්‍රාහක චෙක්පත ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි ප්‍රධාන නිළධාරී (අමතර කොටස් හා උපාංග ) මංජුල ද අල්විස් මහතා අතින් වෙළෙද සේවා ක්‍රිකට් සංගමය වෙත ප්‍රදානය කළ අතර මෙම අවස්ථාවට ඩේවිඩ් පීරිස් හෝල්ඩිංග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි සමූහ ආයතනික සන්නිවේදන ප්‍රධානී කේතීස්වරන් වරවේස්වරන්, ඩේවිඩ් පීරිස් හෝල්ඩිංග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි සමූහ ව්‍යාපාර ප්‍රධානී ෂෙනූක් හදුන්ගේ, වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේෂ් ද අල්විස්, ලේකම් රොහාන් සෝමවංශ, උප සභාපති සිරෝෂ ගුණතිලක යන මහත්වරුන් මෙන්ම කණ්ඩායම් නායකයින්, මාධ්‍යවේදීන් ඇතුලු මහත්ම මහත්මීන් සහභාගී විය.

මේ වන විට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙළෙඳ සේවා ක්‍රිකට්, මළල ක්‍රීඩා, වොලිබෝල්, හොකී, පැසි පන්දු, දැල්පන්දු, පිහිණුම් සහ බැඩ්මින්ටන් යන ක්‍රීඩාවන්හි නියැලේ.

දශක තුනකට අධික අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය අද වන විට මෙරට විශාලතම සහ මූල්‍යමය වශයෙන් වඩාත්ම ශක්තිමත් සමූහ ව්‍යාපාර අතර එකක් බවට පත් වී ඇත. ඩේවිඩ් පීරිස් සමූහය වාහන විකුණුම් හා සේවා, මූල්‍ය සේවා, ලොජිස්ටික්ස් සහ ගබඩා පහසුකම් සේවා, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, දේපළ වෙළෙදාම් සහ දේපළ අයෝජන, රේසිං, විනෝදාත්මක ක්‍රියාකාරකම්, නාවුක සහ සමුද්‍රීය සේවා සහ සූර්ය බල ශක්ති ක්ෂේත්‍රයන් නියෝජනය කරන සමාගම් 30කට අධික ප්‍රමාණයකින් සමන්විත වේ.

මාධ්‍ය විමසීම් – දසුන් එදිරිසිංහ (0777587839)

SendShareShare
Previous Post

මට බොරු කරන්න බෑ! බෙල්ල මිරිකලා මිනිස්සුන්ගෙන් ගත්ත සල්ලිවලින් භාණ්ඩාගාරය පිරිලා තියෙන්නේ! පැලවත්තෙන් පත්කරපු පුද්ගලයා මිනිස්සුන්ට සල්ලි බෙදනකොට නිලධාරීන්ට ඉහළින් බලය පාවිච්චි කරනවා.. -හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

Next Post

අතමිට සරුවෙන තෑගිබෝග ලැබෙන සුපිරි සතියක්! Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.