• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වැඩ ඉල්ලගෙන පස්සෙන් ගියේ නෑ…! ඒ ගැන කතා නොකර ඉමු… ! කොහොමත් මම සම්මාන හඹායන නිළියක් නෙවෙයි…! සයනයිඩ් කියන්නේ ප්‍රබල නිර්මාණයක්…! ගීතා කාන්ති ජයකොඩි I Sri Lanka Latest News

December 21, 2025
in Heart
Reading Time: 3 mins read
A A
වැඩ ඉල්ලගෙන පස්සෙන් ගියේ නෑ…! ඒ ගැන කතා නොකර ඉමු… ! කොහොමත් මම සම්මාන හඹායන නිළියක් නෙවෙයි…! සයනයිඩ් කියන්නේ ප්‍රබල නිර්මාණයක්…! ගීතා කාන්ති ජයකොඩි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉතින් ආයුබෝවන් ඔබට…
ඔබටත් ඒ විදියටම ආයු බෝ වේවා කියල හද පතුළින්ම ප්‍රාර්ථනා කරනවා.Sri Lanka Latest News
මේ දවස්වල ඔබ ටිකක් බිසී. කතාබහට ගත්තේ බොහොම වෑයමින්?
ඔව්. ටිකක් බිසී වෙලා තමයි හිටියේ. ගුවන්විදුලියේ විකාශය වන මුවන් පැලැස්සේ හඬකවනවා. දෙරණ නාලිකාවේ විදෙස් නාට්‍යයක හඬකවනවා. තිරගත වීමට නියමිත චිත්‍රපට දෙකකම රූගත කිරීම් සහ අනෙකුත් කටයුතු අවසාන වුණේ මේ මෑත දිනයකදී. ඒ අතර හිරු නාලිකාවේ ‘හිරු කුමරු ගෙනල්ලා’ ටෙලිනාට්‍යයේ රඟපානවා.
වැඩ මහ ගොඩක්. කලාකාරියකට ලොකු සතුටක් එහෙම කාර්යබහුල වෙන එක?
ඔව්. ඇත්තටම ඒක සතුටක්. හැබැයි මම නිතරම එහෙම කාර්යබහුල වෙච්ච කෙනෙක් නෙවෙයි. මම හෙමින් ගමනක් ගිය කෙනෙක්. වැඩ ටිකක් කරපු කෙනෙක්. මහ ගොඩක් නිර්මාණ කවදාවත් මට එකවර එහෙම ලැබිලත් නෑ. හෙමින් හෙමින් තමයි මම ගීතා කාන්ති ජයකොඩි කියන නිළියව මෙතැනට ගෙනාවේ.
ඔබ ඒක කිව්වේ හිතේ අමාරුවෙන්ද?
අයියෝ නැහැ. එහෙම හිතේ අමාරු කවදාවත් මගේ ජීවිතේ තුළ තිබුණේ නැහැ. අදටත් ඒක එහෙමයි. මම වැඩ ඉල්ලගෙන ගියේ නැහැ. ලැබුණු වැඩ ටික වගකීමෙන් ඉටුකළා. තරගකාරී බව කියන්නේ මට වෙහෙසක්. මම ලද දේ තුළින් සතුටට පත්වෙනවා. නිස්කලංකව හුස්ම ගන්නවා. සතුටින් සහ සැනසිල්ලෙන් ජීවත් වෙනවා. එච්චරයි.

හැබැයි වේදිකාවට පැමිණි ආරම්භයේදී ඔබට උසස් නිර්මාණ කිහිපයකටම ආරාධනා ආවා?
මගේ පළමු වේදිකා නාට්‍යය ආර්.ආර්. සමරකෝන් මහත්මයාගේ විශිෂ්ට නිර්මාණයක් වූ ‘කැලණි පාලම’යි. ඒ රඟපාන අතරතුර ‘වැනීසියේ වෙළෙන්දා’ නාට්‍යයේ ‘පෝෂිය’ට ආරාධනා ලැබුණා. ඒත් කැලණි පාලම නාට්‍යයට පැමිණි දර්ශන වාර ගණන ඉතා අසීමිත වූ නිසා පෝෂියට සමුදෙන්න වුණා. ඒ අතර ‘නුඹ විතරක් තළඑළලුයි’ වැනි නාට්‍ය සඳහාද ආරාධනා ආවා. එහෙම බලනකොට ඉතින් වැඩි වැඩත් තිබුණු දවස් තිබුණා තමයි සමහර තැන්වල. කොහොමත් මම සීමාවක් නැතිව හෝගාලා රඟපාපු කෙනෙක්වත්, නිර්මාණ හරහා ඉලක්කවලට යන්න හිතපු කෙනෙක්වත් නෙවෙයි. හොඳම නිළිය හෝ වෙනත් සම්මාන ගැන හීන මට තිබුණේ නැහැ.
කොහොමත් ඔබ තවමත් වැඩ?
ඒකට හේතුව මට ආරාධනා ලැබුණේ හිතවත්කම් හෝ දැනහැඳුනුම්කම්වලට නෙවෙයි. මට වැඩ ලැබුණේ චරිත මාව හොයාගෙන ආවේ මම කලින් කරපු නිර්මාණ නිසයි. මගේ රඟපෑම් දැකලා එයින් යම් ගැම්මක් ලබපු නිර්මාණකරුවන් තව තව චරිතවලට මට ආරාධනා කළා.අලුතෙන් මම රංගනයෙන් දායක වන තවමත් නමක් තබා නැති එක් චිත්‍රපටයක චරිතයක් වෙනුවෙන් මට ආරාධනා කළ මනීෂා නම් තරුණිය කිව්වේ මම රඟපෑ ටෙලිඩ්‍රාමා කිහිපයකම මා කළ රංගනයන් තුළින් ඈ සතුටට පත්වූ බවයි. ඈ එහෙම කියනකොට සතුටක් දැනුණා. ඊට හේතුව වුණේ මාව සහ මා කළ චරිතයන් ඒ තරමට ඔවුන්ට මතක තිබීමයි.
අපි ඒ අලුත් නිර්මාණ ගැන කතා කරමු?
ධනුෂ්ක රත්නායකගේ චිත්‍රපටයක මම කරනවා අම්මා කෙනකුගේ චරිතයක්. එහි යෂ් වීරසිංහ මගේ පුතා ලෙස රංගනයෙහි යෙදෙනවා. ‘වන්දි’ කියන චිත්‍රපටයද මම අලුතින්ම දායක වන නිර්මාණයක්. ‘සයනයිඩ්’ කියන්නේ ළඟදි තිරගත වීමට නියමිත තවත් එක් චිත්‍රපටයක්.
බොහෝ දෙනා ‘සයනයිඩ්’ ගැන කතාබහ කරනවා?
ඔව් ‘සයනයිඩ්’ කියන්නේ ප්‍රබල නිර්මාණයක්. නලින් රාජපක්ෂගේ තුන්වැනි සිනමා නිර්මාණය. සත්‍ය සිදුවීම් කිහිපයක් වටා ගෙතුණු සයනයිඩ් චිත්‍රපටයේ උතුරු – නැගෙනහිර හිටපු මහඇමැති වර්ධරාජා පෙරුමාල්ගේ චරිතයද කේන්ද්‍ර කොටගෙන තියෙනවා. මම එහි රඟපාන්නේ දෙමළ කාන්තාවකගේ චරිතයක්. වෙනත් විදියක ආසාවෙන් කළ චරිතයක්. තිස් අවුරුද්දක් පුරා මේ රට ගිලගෙන තිබුණු උතුරු නැගෙනහිර යුද්ධය තමයි ඊට පසුබිම් වෙලා තියෙන්නේ. යුද්ධයෙහි අවසාන කාලය තුළ සිදුවූ සත්‍ය සිදුවීම් රැසක්ද මාධ්‍යවේදීන් කිහිප දෙනකුට මුහුණපාන්නට සිදුවූ කටුක අත්දැකීම් රැසක්ද මීට පාදක කරගෙන තියෙනවා ඉතාම අපූරුවට. රූගත කිරීම් යාපනයේ ප්‍රදේශ කිහිපයකම සිදුවුණා. ඇත්තටම කියනවා නම් කවදාවත්ම අමතක නොවන අපූරු අත්දැකීම් රැසක් එහිදී අත්වින්දා. තෘප්තියෙන් කළ චරිත නිරූපණයක් කියලා කියන්න පුළුවන්. අනෙක උතුරු නැගෙනහිර යුද්ධය තේමා කරගෙන කලක් එක දිගට නිර්මාණ රැසක් බිහිවුණා. එයට පසු එය ඉබේම නතර වෙලා ගියා. ඒ විරාමයෙන් කලකට පසුව කළ ‘සයනයිඩ්’ චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට වෙනසක් වෙයි කියලා හිතනවා. අනෙක මට මෙහි ලැබුණු චරිතය ප්‍රධාන එකක් නොවුණත් ඒ චරිතය හරහා මා කළ මෙහෙවර මට හුඟක් වටිනවා. මම හිතන්නේ ඒ විදියටයි. ‘මහපොළොව’ ටෙලිනාට්‍යයේ මා දායක වුණේ සහාය චරිතයකටයි. ඒත් මට හැකි උපරිමයෙන් ඊට දායක වුණා. බොහොමයක් දෙනා ඒ ගැන සතුටින් කතා කළා. ඒ වගේම හොඳම සහාය නිළියට හිමි සම්මානය මට ලැබුණා. නිළියකට හෝ නළුවකුට යමක් කරන්න ප්‍රධාන චරිතයක්ම අවශ්‍ය නැහැ කියන එකයි මම මේ කියන්නේ.
1984 තිරගත වූ ‘පූජා’ චිත්‍රපටය වෙනුවෙන් ඔබට හොඳම නිළියට හිමි සම්මානය ලැබෙන්න තිබුණා?
ඒ සිදුවීම් ගැන අපි කතා නොකර ඉන්නවා නම් හොඳයි මම හිතන්නේ.
අතිවිශිෂ්ට රංගනයක් වෙනුවෙන් හිමිවෙන්නට තිබූ සම්මානය ගිලිහී ගියේ අසාධාරණ හේතුවක් නිසාද?
මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ. අපි ජූරියේ තීරණවලට ගරු කළ යුතුයි. අනෙක මම සම්මාන හඹා යන නිළියක් නෙවෙයි කියා ඔබට මුලිනුත් කිව්වා.
නුහුරට ගමන් කරන අලුත් මෙගා ටෙලි කලාව ගැන යමක් කියනවා නම්?
දක්ෂ තරුණ තරුණියන් මෙන්ම හොඳ නවකයන් පිරිසක් බිහිව සිටිනවා. ඔවුන්ගෙන් හරිහමන් වැඩක් නොගන්න කාරණය ගැනයි කනගාටුව. ඔවුන්ගේ හැකියාවන් හඳුනාගෙන ඊට අවැසි ඉඩකඩ නිර්මාණකරුවන් විසින් සකසනවා නම් හොඳ ටෙලිනාට්‍ය නිර්මාණ රැසක් බිහිවේවි. එය සිදුවෙන්නේ නැති එකයි කනගාටුව.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

‘ඔය වගේ දේවල් කරන්න එපා අර පොඩි හාමුදුරුවන්ට…!’ මට කරන්න හම්බෙන්නෙම විලන් රෝල් ! බැණුම් ඇහිල්ලේ ඉවරයක් නැහැ! අනිත් අයත් සතුටු කරලා මාත් සතුටු වෙනවා…! රඟපාන්නේ මිනිසුන්ට යහපතක් කරන්න…!- නදීශානි පේලිආරච්චි I Sri Lanka Latest News

Next Post

රංවලගේ නීතිය! Sri Lanka Latest News

MORE NEWS

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News
Heart

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News
Heart

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News
Heart

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

Load More
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට...

Read more
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.