බේරේ වැව බටහිර ප්‍රදේශය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි වටිනා ඉඩම් අක්කර 10ක් නිදහස් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඇත.
ඒ අනුව කොම්පඤ්ඤවීදය ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදා ක්‍රීඩාංගණය, කොම්පඤ්ඤවීදිය පොලිසිය සහ හෙලිටුවර්ස් ගුවන් ප්‍රවේශපත් කාර්යාලය ඇතුලු ඉඩම් කිහිපයක් මේ යටතේ ලබා දීමට යෝජනා කොට ඇත.
මේ සදහා නව රජය පිහිටුවීමෙන් පසු පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවද වාර්තා වේ.










