රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය – 2025 පසුගියදා එම පාසලේදී මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි.Sri Lanka Latest News
මෙවර මෙම ප්‍රසංගය පවත්වනු ලැබුවේ 13 වැනි වතාවට වන අතර, එය වාර්ෂිකව පවත්වනු ලබන සැමරුමකි.
මෙවර ප්‍රසංගයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ රාගම ලංකා අප ස්වාමි දුවගේ ජාතික බැසිලිකාව දේවස්ථානයේ පියනමක වන ගරු ජේසුදාස් පියතුමාය. උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණු අතර, ත්‍යාග සහ සහතික පත්‍ර බෙදාදීමද සිදුකෙරිණි.
පාසලේ දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් නර්තන අවස්ථා 15ක් පමණ පැවැත්වූ අතර, නත්තල් කැරොල් ගායනා ප්‍රසංගයක්ද පැවැත්විණි. ශාන්ත අන්තෝනි පෙරපාසලේ විදුහල්පතිනිය වන දිල්හානි සරෝජා පෙරේරා සහ ප්‍රධාන ගුරුතුමිය වන ලුසිඩා සිල්වියා යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය සංවිධාන කර තිබිණි.
විවිධ ප්‍රසංගය අවසානයේ නත්තල් සීයා පැමිණ දරු දැරියන්ට තෑගි බෙදාදීමද සිදුකෙරිණි.







ප්‍රියන්ත හෙට්ටිගේ











