• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මේක මගේ හීනය…! කිසිම දුකක් නැහැ…! මේක වෙනම වයිබ් එකක වැඩක්! රනිල් කුලසිංහ I Sri Lanka Latest News

December 13, 2025
in Heart
Reading Time: 3 mins read
A A
මේක මගේ හීනය…! කිසිම දුකක් නැහැ…! මේක වෙනම වයිබ් එකක වැඩක්! රනිල් කුලසිංහ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාලෙන් කාලෙට විවිධ තේමාවන් පුංචි තිරයට ගෙන එන සොඳුරු අධ්‍යක්ෂවරයකු ලෙස අලුත්වීදියගේ රනිල් කුලසිංහ හඳුන්වන්නට පුළුවන්. මේ දිනවල විකාශය වන ‘හිද්දලයෝ’ සහ ‘ලවර්ස් ලිප්’ ටෙලිනාට්‍ය දෙකේම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඔහු සමග කෙටි කතාබහක නියැළෙන්න ‘හාට්’ අපි අදහස් කළා.Sri Lanka Latest News

මේ දවස්වල ඔබ පුංචි තිරයට ගෙනආ කැරැල්ල ගැන කතාකළොත්?
සත්‍ය කතාවක් ඇසුරෙන් තමයි මම ‘හිද්දලයෝ’ නිර්මාණය කරන්නේ. 1948 කැරැල්ල මූලික කරගත් සත්‍ය සිදුවීමක් මෙය. ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කළොත් ඉතා හොඳ ප්‍රතිචාර ‘හිද්දලයෝ’ නිර්මාණයට ලැබෙනවා. වෙනස්ම කතා තේමාවක් නිසා මෙය ඉතා ආදරයෙන් ප්‍රේක්ෂක ජනතාව වැලඳගෙන තිබීම ගැන සතුටුයි.
ප්‍රවීණ ශිල්පීන් රැසක් ‘හිද්දලයෝ’ සඳහා දායක වී ඇති බව අපි දකිනවා?
අලුත් පරම්පරාවේ අධ්‍යක්ෂවරයකු විදියට මගේ නිර්මාණය තුළ මට ප්‍රවීණ ශිල්පීන්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා. මම හිතනවා එය මට ලැබුණු වාසනාවක් කියලා. බුද්ධදාස විතානච්චි, ප්‍රියංකර රත්නායක, විශ්වජිත් ගුණසේකර, අවන්ති අපෝන්සු, ක්ලීටස් මෙන්ඩිස්, මොරීන් චාරුණී ඇතුළු ප්‍රවීණ ශිල්පීන් රැසක් චරිත නිරූපණය කරනවා. ඔවුන් චරිතය වෙනුවෙන් කරන කැපකිරීම, ඒ වෙනුවෙන් වෙන සූදානම ‘හිද්දලයෝ’ සාර්ථක කරගන්න විශාල ශක්තියක් වුණා.

‘හිද්දලයෝ’ වගේම ‘ලවර්ස් ලිප්’ ටෙලිනාට්‍යයත් ඔබේ නිර්මාණයක්?
‘ලවර්ස් ලිප්’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් මේ දිනවල සිදුවෙනවා. මෙය සිනමා පටයක මූඩ් එකට කරන වෙනම වයිබ් එකක වැඩක්. නුවරඑළියේ තමයි මෙහි රූගත කිරීම් සිදුවෙන්නේ. මෙය නරඹන ප්‍රේක්ෂකයන් මෙය සිනමාත්මක අත්දැකීම් නිර්මාණයක් කියලා කතා වෙනවා. මගේ නිර්මාණ දෙකේම නිෂ්පාදන කණ්ඩායම ලොකු කැපකිරීමක් කරනවා මේ නිර්මාණ දෙක වෙනුවෙන්.
ඔබ දක්ෂ රංගන ශිල්පියෙක්. අධ්‍යක්ෂණ කටයුතු නිසා ඔබේ රංගන දායකත්වය පසුබෑමකට ලක්වෙලාද?
මට ඒ ගැන කිසිම දුකක් නැහැ. මගේ තිබුණු ලොකුම හීනය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කිරීමයි. මේ අධ්‍යක්ෂණ කටයුතු මම කරන්නේ ගොඩක් ආසාවෙන්. ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වෙන්න මට ආරාධනා ලැබුණා. ඒ දේවල් මගහැරී යෑම ගැන මගේ හිතේ කිසි දුකක් නැහැ. මගේ එකම හීනය දැන් සිනමා අධ්‍යක්ෂවරයකු වීමයි. ඒ වෙනුවෙන්ම තමයි මම මේ අත්දැකීම් ලබන්නේ. ලබන වසරේ මම ඒ වෙනුවෙන් මුල්ගල තියනවා.
මේ වනවිට ඒ වෙනුවෙන් සූදානම්ද?
ඔව්. දැනටමත් සිනමා නිර්මාණය වෙනුවෙන් මම කටයුතු සාකච්ඡා කරමින් ඉන්නේ. අපේ සිනමාව ලෝකයේ හොඳම තැනක තිබුණු කර්මාන්තයක්. වර්තමානයෙත් අපේ සිනමාව සුබවාදී ගමනක් යන බව මම දකිනවා. මේ ටෙලිනාට්‍ය වැඩකටයුතු අවසන් වුණාට පස්සේ මම ලබපු අත්දැකීම් එකතු කරගෙන හොඳ හුස්මක් අරගෙන හොඳම කාලයේදී මගේ කුලුඳුල් සිනමා නිර්මාණය වෙනුවෙන් උපරිම කැපවෙලා වැඩකටයුතු ආරම්භ කරනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

18 පාර්ලිමේන්තුව හදිසියේ කැඳවයි! බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව පාස් කරගන්නද යන්නේ? I Sri Lanka Latest News

Next Post

කොන්දේසි නැතිව විනාශයකදී ඉබේ ඇරෙන වාන් දොරටුව! රට ගොඩගන්න අපිට තියෙන එකම මාර්ගය! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.