• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම! Sri Lanka Latest News

December 14, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ගංවතුරක් එන්න පුලුවන්! ප්‍රවේසම් වෙන්න!
Share on WhatsAppShare on Facebook

සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ වැටුණු තැනින් නැගිටීමය. එය හරිහැටි සිදුවුවහොත් අනාගතයේ හිටියාට වඩා හොඳ තැනකට ඒමේ විභවයක් විවරව පවතී. නොඑසේව එකිනෙකා කුළල්කාගෙන කෝලම් නැටුවොත් සිටියාටත් වඩා පල්ලම් බසිනු ඒකාන්තය. මෙහිදී මතක තබාගත යුතු අනෙක් විශේෂිතම කරුණ නම් මෙය ලංකාවට බලපෑ ප්‍රථම හෝ අවසාන ස්වභාවික විපත නොවන බවයි. ගතවූ දශක එකහමාරක කාලය තුළ ලංකාවට බලපෑ ගංවතුර තත්ත්වයන් ඊට නිදසුන්ය. මෙවන් සුළි සුඟක් නම් අසූව දශකයෙන් පසු හැමූ ප්‍රථම අවස්ථාව මෙය විය හැක. මීට වසර 22කට පෙර සිදුවූ සුනාමි තත්ත්වය නිසා රටට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 35,000 කට අධිකය. එයත් මෙම ප්‍රචණ්ඩ සුළි කුණාටුවත් සන්සන්දනය කිරීම නිරර්ථක ක්‍රියාවකි. මෙවැනි ස්වභාවික ආපදාවකින් එකදු ජීවිතයක් හෝ අහිමි වීම සහකම්පන තත්ත්වයකි. තමන්ගේ කිසිදු වරදක් නොමැතිව ජීවිත හා දේපළ අහිමි වීම අතිශය ඛේදවාචකයකි.Sri Lanka Latest News

සුනාමි ඛේදවාචකයෙන් පසු රට පුරා වෙරළ තීරයේ සවිකළ ආපදා සංඥා කුලුණු කීයක් වර්තමානයේ සක්‍රීයව පවතීද යන්නද මෙම අවස්ථාවේ දැඩි ලෙස විමර්ශනයට බඳුන් කළ යුතුය. නැවත සුනාමියක් එන තුරුම ඒවා ගැන සොයාබැලීම කල් නොදැමිය යුතුය. එම ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවගේ මතය නම් බොහෝ කුලුණු දැනට ක්‍රියාත්මකව නොපවතින බවය. එය සත්‍යයක් නම් ඊට අදාළ වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවා දැඩි දඬුවම් පැමිණ වීම අනිවාර්යයෙන් සිදුකළ යුත්තකි. පසුගිය කාලයේ කුණු කන්දක් කඩාවැටී මිනිස් ජීවිත රාශියක් විනාශ වූ අතර ඒ පිළිබඳ පසුවිපරමක් සිදුවූයේද යන්න ප්‍රකාශ වූයේ නැත. අප රටේ ඇති ලොකුම අඩුපාඩුව එතැනය. කිසියම් අපදාවක් සිදුවූ විට එයට ක්ෂණික පිළියම් යොදා පසුව එය අමතක කර දැමීමයි. පසුගිය කාලයේ බස් අනතුරු වැලක් සිදුවූ අතර, ඒවාට ගතයුතු විවිධ පිළියම් කතා බහට ලක්කෙරිණි. නමුත් කල් ගතවීමත් සමග ඒ කතාබහ අවසන්වූ අතර අනතුරුදායක තත්ත්වයන් එලෙසම පවතින බවය බොහෝ දෙනකුගේ මතය.

පසුගියදා ඇතිවූ සුළි සුළඟ හා ගංවතුර තත්ත්වය අතිප්‍රබලය. එය ඇති කළ කම්පනය මුළු රටේම ජන ජීවිතය උඩු යටිකුරු කරනසුළුය. මීට ආණ්ඩුව හෝ විපක්ෂය වගකිව යුතු නැතත් ජන ජීවිතය යථාවත් කිරීමේ වගකීම ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටද සමය. විපක්ෂයේ බොහෝ කණ්ඩායම් මෙම තත්ත්වය තේරුම් ගෙන කටයුතු කළත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ආකාරය නම් කිසිසේත් පිළිගත නොහැක. සජිත් මතුපිටින් මෙහිදී ආණ්ඩුවට සහාය දෙන බව පැවසුවද ඔහු කටයුතු කරන ආකාරයේ කිසියම් කුරිරු ස්වභාවයක් දක්නට ලැබේ. ලණු දී ආණ්ඩුව අසීරුවට පත්කිරීම ඔහුගේ ප්‍රමුඛතම අභිලාෂය බවට පත්ව ඇතැයි යන්න මැනවින් පිළිඹිඹු වේ. ආණ්ඩුව අයි.එම්.එෆ්. ගිවිසුමෙන් ඉවත් වියයුතු බව වරෙක කියයි. 2028දී ණය ගෙවීම කල්දැමිය යුතු බව තව වරෙක කියයි. ඇත්ත වශයෙන්ම මේවා කෙතරම් ප්‍රායෝගිකද?
මෙම සුළි සුළඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇතිකරන ලද්දක් නොවේ. මගේ අදහස නම් මෙම අසීරු අවස්ථාවේ අප තව තවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සමීප වියයුතු බවය. මෙය නොකළ හැක්කක් බව සජිත් ප්‍රේමදාස නොදන්නවා විය නොහැක. ඔහු මේ කරන්නේ ජනතාවට ව්‍යංගයෙන් මැතිවරණ පොරොන්දුවක් දීමය. එය කෙතරම් කැතද? ඔහු මේ රටේ ජනාධිපති වුවද යාමට සිදුවන්නේ මේ මාවතේම බව අමුතුවෙන් කිවයුතු නැත.

මේ කරන්නෙ බොරදියේ මාළු බෑමක් මිස අන් කවරක්ද? පෑ දියේ මාළු බෑමට අසමත් විපක්ෂ නායකවරයාට බොරදියේ මාළු බෑමට නම් කෙසේවත් නොහැකිය.
මට නම් මෙය සමාන කළ හැක්කේ අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීමට ගන්නා ප්‍රයත්නයක් ලෙසය. මෙම පැරණි උපමාව මා අහුලා ගත්තේ අතීතයේ සිටි හසළ බුද්ධිමතකු හා පුවත්පත් කතුවරයකු වූ ඩේවිඩ් කරුණාරත්න මහතා ලියූ ගතකිනි. නමුත් ඉන් අදහස් කරන්නේ මේ ආණ්ඩුව අනෝතප්ත විල වැනි සුපිරිසුදු කියා නම් නොවේ.
කෙසේ වුවත් මේ මෙහොතේ ආණ්ඩුවේ කකුලෙන් ඇදීම සමස්ත ශ්‍රී ලාංකිකයන් ගේම කකුල්වලින් ඇදීමකි.

එනමුදු ආණ්ඩුව විපක්ෂයේ සහාය ලබාගැනීම හිතාමතාම මගහරින බවට වූ චෝදනාවද සම්පූර්ණයෙන් බැහැර කළ නොහැක. ඊට ආණ්ඩුව පැත්තේ පිළිතුරවී ඇත්තේ පවත්නා අවිශ්වාසයයි. මෙයින් කොයි එක හරිද වැරදි දැයි අපට කිව නොහැක. නමුත් ප්‍රතිඵලය නම් රටට අවැඩදායකය. විශේෂයෙන් ජාත්‍යන්තරය හමුවේ රට හෑල්ලුවට ලක්වීමය සිදුවිය හැක්කේ. සජිත්ගේ ආක්‍රමණශීලී ප්‍රවේශය හමුවේ ඔහුව ළංකර ගැනීමද ගැටලුසහගතය.

මට දැනෙන ආකාරයට නම් මෙම අසීරු අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රවේශය ප්‍රශස්තය. ඔහු තැනින් තැන ගොස් සෘජුව මැදිහත් වීම ඇතමකුගේ දැඩි විවේචනයට ලක් වුවද එය ප්‍රශංසනීය යන්නය මගේ අදහස.

නමුත් මේ දියුණු ලෝකයේ ජනාධිපතිවරයා හෙලිකොප්ටරය පාවිච්චි නොකර වාහනවලින් රට පුරා යෑම නම් තරමක් විහිළුසහගතය. සිය පැරණි කාඩරයන් සන්තෝස කිරීමට හෙලිකොප්ටරය පාවිච්චි නොකළද මෙවැනි හදිසි අවස්ථාවකදී එසේ නොකිරීම උචිත නොවන බවය මගේ අදහස. එසේකළේ නම් ඔහු දැනටමත් මුළු රටම ආවරණය කර හමාරය.

අනුර කුමාර ජනාධිපතිවරයා තැන තැන ගොස් විපතට පත් ජනතාව හමුවීම ඇතමකුගේ සමච්චලයට භාජනය වී ඇත. ඔවුන්ට අනුව මෙසේ කිරීම ජනාධිපති ධුරය හෑල්ලුවට ලක්කිරීමකි. මට නම් හිතෙන්නෙ එම අදහස ප්‍රභූ පන්තියේ හා ඔවුන් වන්දනාමාන කරන වහල් මානසිකත්වයකින් යුත් අයගේ අදහසක් බවය. ඇතමකුට ඕනෑ ජේ.ආර්. පන්නයේ නළලෙන් හිනාවෙන රාජ්‍ය නායකයෙකි. තමන් මොන පන්තියට අයත් වුණත් රාජ්‍ය නායකයා රජකු වීම ඇතමකුගේ කැමැත්තයි. මෙය ජාන වලින්ම එන මානසික ව්‍යාධියක් ලෙසය හිතෙන්නෙ. පවුල් දේශපාලනය තවමත් හොල්මන් කරනුයේ මෙම මානසික රෝගී තත්ත්වය නිසාය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි කොළඹගේ

SendShareShare
Previous Post

ගංවතුර මැද්දේ පපුවටම වැදුණු බලු කතා දෙකක්! Sri Lanka Latest News

Next Post

ශ්‍රීපාදයේ මහ කැලේ වැඩසිටින හාමුදුරුවෝ හදිසියේම එළියට ඇවිත් කිව්ව අනාවැකිය හරිගියා නේද? 2030 වෙනවා කියන දේත් සිදුවෙයිද? Sri Lanka Latest News

MORE NEWS

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Load More
එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අල්ලස් ගැනීම, අල්ලස් දීම හෝ අල්ලස් දීමට උත්සාහ කිරීම, අල්ලස් ගැනීමට උත්සාහ කිරීම කියන මේ...

Read more
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.