• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රීපාදයේ මහ කැලේ වැඩසිටින හාමුදුරුවෝ හදිසියේම එළියට ඇවිත් කිව්ව අනාවැකිය හරිගියා නේද? 2030 වෙනවා කියන දේත් සිදුවෙයිද? Sri Lanka Latest News

December 14, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ශ්‍රීපාදයේ මහ කැලේ වැඩසිටින හාමුදුරුවෝ හදිසියේම එළියට ඇවිත් කිව්ව අනාවැකිය හරිගියා නේද? 2030 වෙනවා කියන දේත් සිදුවෙයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගියදා ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටුව සහ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රීපාද අඩවියේ බවුන් වඩන ස්වාමින්වහන්සේ නමක් මීට කලකට ඉහතදී Dhanush Vlogs SL යූටියුබ් නාලිකාව සමග සිදුකළ සංවාදයකදී පුරෝකථනය කර තිබෙනවා. පහත පළවන්නේ එම සංවාදයෙන් උපුටාගත් කොටසකි.Sri Lanka Latest News

ස්වාමින්වහන්සේ
සමහරවිට වාතය වෙන්න පුළුවන්, ජලය වෙන්න පුළුවන්. ආසියාව හරහා යම්කිසි ප්‍රදේශයක් පුරා හමායාමක් සිදුවෙනවා. මේක සුනාමිය කියලා බාරගන්නවත් එපා, සුළි සුළඟක් කියලා බාරගන්නවත් එපා. මං දකිනවා හමායාමක් යනවා. මේ හමායාම ලංකාවේ උතුරු නැගෙනහිර දෙපළාතට විශේෂයෙන්ම බලපානවා. අනුරාධපුර පොළොන්නරුවෙන් මෙහා පැත්ත, රට මැද කඳුකර හරිය, නැගෙනහිර සිට උතුරට හමා යාමකුත්, උතුර සිට දකුණට හමායාමකුත්, කැලඹීමක්. වාතය සහ ජලය දෙකම වෙන්න පුළුවන්, වාතය වෙන්න පුළුවන් ජලය වෙන්න පුළුවන් හමා යාමක් මං දකිනවා. අවසාන මාස හය තුළ කියමු. කාල නිර්ණයක් මට දෙන්න වෙන්නේ එහෙමයි. ඒක සක්‍රීය වෙලා ඇවිල්ලා ලොකු හමා යාමක්. ඉතින් ව්‍යසනයක්. ජනතාව ආරක්ෂා කරගන්න ඕනේ.

ප්‍රශ්නය
එහෙම ආරක්ෂා වෙන්න සුදුසු ස්ථානක් හරි, ඔය විනාශයට අහු නොවෙන ස්ථානයක් හරි අපේ ලංකාවේ තිබෙනවද ස්වාමින්වහන්ස?

ස්වාමින්වහන්සේ
මහපොළොව තුළ සිදුවන ස්වභාවික විපත්වලින් ආරක්ෂා වෙන්න ‘න අන්තලික්ඛේ න සමුද්ද මජ්ඣ – න පබ්බතානං විවරං පවිස්ස – න විජ්ජතී සෝ ජගතිප්පදේසෝ – යත්ථට්ඨිතෝ මුච්චෙය්‍ය පාපකම්මා’ කරපු පාප කර්මයෙන් මිදීමට අහසේ හැංගෙන්න තැනක් නෑ. පර්වත විවරයකවත් ගල් ගුහාවකවත් හැංගෙන්න තැනක් නෑ. මහ මුහුදේ රළ අස්සෙවත් හැංගිලා බේරෙන්න බෑ පාප කර්මයෙන්. මේ ලෝකවාසී ජනතාවම එක්තරා පාපකර්මී ක්‍රියා දාමයක් අරගෙන යනවා, ඔක්කොම එකතු වෙලා. එකෙක් දෙන්නෙක් නෙමෙයි, මුළු ලෝකවාසී ජනතාවම එක්තරා පාපකාරී රැල්ලක හඹා යනවා. ඉතින් ඒකට හැංගිලා හරියන්නෑ. හැංගෙන්න තියෙන්නේ තමන්ගේ සිත තුළ. සිතට හොරා මුකුත් කරන්න බැහැ, එහෙනම් හිතේ හැංගි මුත්තන් කෙළින්නේ නැතුව හිටියා නම් ඒකෙන් බේරෙන්න පුළුවන්.

ප්‍රශ්නය
අපි ඔය එන ව්‍යසනයෙන් ගැලවෙන්න නම් අපේ ලංකාවාසීන් කොයි විදියටද හැසිරෙන්න ඕනෙ ස්වාමින්වහන්ස?

ස්වාමින්වහන්සේ
‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’ – ධර්මයේ හැසිරීම ප්‍රමාණවත්. බුදු හාමුදුරුවෝ දීලා තියෙනවා පෝය දවසට අටසිල්, නිති පිරිසිදුව පන්සිල් රකින්න කියලා. ගිහියන්ට. කවුද රැකපු කෙනා. කවුද මේ පංචශීලය තුළ හිටපු එක්කෙනා? සතුන් නොමරමි කියන ස්වභාවධර්මයේ න්‍යායක්. මම මේ තුළ වාසය කරමි. අන් සතු දේ නොගනිමි කියන න්‍යායක්. බලන්න එතකොට අන් සතු දේ නොගනිමි කියන නියමයක් තිබුණාම දැන් මහා ධනස්කන්ධය තියෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරය සතුවනේ. අපේ ලංකාවෙ ගත්තොත් රටේම ජනතාව පෝෂණය කරන්නේ මහබැංකුව හරහා. ඒක තමයි හදවත. ඉස්සර රජ කාලේ මුදල් ඇමැතිකම වගේ තනතුරු දුන්නම, ඒ මනුස්සයා භාණ්ඩාගාරේ හිස්වීමක් වුණොත් (මහමුදලි කෙනෙක් වගේ වෙන්න පුළුවන්) ඒ මනුස්සයාගේ පෞද්ගලික ධනය ගෙනත් දාලා භාණ්ඩාගාරය ආරක්ෂා කරනවා. මොකද රටට ව්‍යසනයක් වෙන්න ඉඩ නොතබා. ඒ සැබෑම රාජ පාලකයෙක්. දැන් මෑත යුගයේ, මම කියන්නේ නැහැ… මේ පාලකයෝ පාලකයෝ එකෙකාට කියාගන්න ටික මම කියන්නේ… එක එකා කිව්වට තරහ වෙන්නත් එපා, එහෙම කිව්වට කමක් නැහැ. මහබැංකුව මේ මහ දවල් බිඳගෙන කෑවයි කියලා ඒගොල්ලො ඒගොල්ලන්ට චෝදනා කරනවා. අපි චෝදනා කරාද? නෑ. ජනතාව චෝදනා කරාද? නෑ. පාලකයින් පාලකයින්ට චෝදනා කරගන්නවා. ‘වැටත් නියරත් ගොයම් කා නම් – කාට පවසම් මේ දුකා…’

ඉතින් දරුවෝ, පුරාතනයේ රට පෝෂණය කිරීමට මුදල් ඇමැතිගේ පෞද්ගලික ධනය ගෙනල්ල භාණ්ඩාගාරය ආරක්ෂා කරලා තිබ්බා. රජ්ජුරුවො දන්නෙත් නෑ. ඒ දුන්න තනතුර එයා ඉහළම අන්දමින් රැකගෙන හිටියා. මුකුත් වෙන්න දුන්නේ නෑ. ඒකට තමයි අද එක එක්කෙනා පත්කරලා තියෙන්නේ. රාජ්‍ය නායකයාට ඔක්කොටම ඇඟිලි ගහන්න පුළුවන්ද? බෑ. ඒවා බෙදලා දුන්නම එයා දැනගන්න ඕනෙ ඒ ටික කරලා තියන්න. එදා මුදල් ඇමැති වගේ තනතුර දරපු එක්කෙනා එයාගේ පෞද්ගලික ධනය ගෙනල්ලා දාලා රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කරන්නේ නෑ, සම්පූර්ණ කරලා තියෙනවා. විපතක් වුණාම ඇමැතිගෙන් අහන්නෙ නෑ රජ්ජුරුවො දන්නවා භාණ්ඩාගාරේ තියෙනවා නේ. බය නෑ, රටට විපතක් එනකොට රාජ්‍ය භාණ්ඩාගාරය හිස්වෙලා නෑනේ. දැන් ඉතින් මහබැංකුව බිඳගෙන කනවා නම් ජනතාවට කාගේ පිළිසරණක්ද?

එතකොට අන්න, අන් සතු දේ පැහැරගන්නේ ඉහළ පෙළේ පාලකයෝ ටික නම්, ප්‍රබල පිරිස නම්, ජනතාවට කවර පසුබිමක්ද? ඔන්න ස්වභාවධර්මය විපාක දෙනවා ඔක්කොම දෙනාට. ස්වභාව ධර්මයේ විපාක දෙනකොට තෝර තෝරා ඉන්නේ නෑ ස්වභාව ධර්මය. මේ අපේ රටේ විතරක් නෙවෙයි, ලෝකෙ පුරාමත් එච්චරයි. මම මේ අපේ රාජ්‍ය භාණ්ඩාගාරය ගැන විතරක් චෝදනා කරනවා නෙමෙයි, ලෝකෙ පුරාම එච්චරයි.

අපේ ගැමි වහරේ ලස්සන කතාවක් තියෙනවා. ගුරුන්නාන්සේ හිටගෙන බඩ දිය ඇල්ලුවොත්, ගෝලයා දුව දුවා ඕක කරනවාලුනේ? ඉතින් පාලකයෝ ටික මෙහෙම කළාම පල්ලෙහා නිලධාරී මණ්ඩලය කෙසේ වෙයිද? රටක් පවතීද? ලෝකයක් පවතීද? මේකට දඬුවම් දෙන්න උසාවියකුත් තියෙන්න එපායැ. දැන් පොල් ගෙඩියක් කැඩුවම හොරෙක්, එයාට දඬුවම් දෙනවා උසාවියකට දාලා. දැන් එතකොට මේ මූල සාධක, පළමු පිරිස, පාලක පිරිස කරන අපරාධවලට දඬුවම් දෙන්න කෝ උසාවියක්? තියෙනවද? ඒ අයට දඬුවම් දෙන්න තියෙනවද උසාවියක්? ඒ අයටත් දඬුවම් දෙන්න ස්වභාවධර්මයේ නීතිය තියෙනවා. ඒ දඬුවම තමයි මේ ලැබෙමින් පවතින්නේ. ලෝකෙ පුරාම ඔය ටික තමයි වෙලා තියෙන්නේ. ලංකාවේ විතරක් නොවෙයි, ලෝකෙ පුරාම ඔය ටික වෙලා තියෙනවා. එහෙනම් ස්වභාවධර්මයේ න්‍යාය නීතිය, ස්වභාවධර්මයේ නීතිය ඔය සියලු දෙනාට දඬුවම් දෙනවා.

චානක ලියනගේ

SendShareShare
Previous Post

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම! Sri Lanka Latest News

Next Post

සජිත් වෙනුවට අද විපක්ෂ නායක පුටුවේ අනුර හිටියා නම් මොකක් වෙයිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.