කොරෝනා වෛරසය සම්න්ධව චීනය කටයුතු කළ පහත් ආකාරය නිසා කොරෝනා වෛරසය ඇත්ත වශයෙන්ම වුහාන් වෛරසය ලෙසින් ලැබුණු හංවඩුවත් සමගම ජාත්‍යන්තරය විසින් චීනය ගෝලීය වශයෙන්ම කොන් කරනු ලැබිණි. මේ තත්ත්වය දැන් චීනයට කාගෙන ඉන්න බැරි තරම් අමාරුය. මේ නිසා රටේ (චීනයේ) කිර්ති නාමය ආරක්‍ෂා කෙරෙන ආකාරයෙන් ක්‍රියා කරන ලෙසට චීන විදේශ අමාත්‍යාංශය ලෝකය පුරා සිටින තමන් ගේ තානාපතිවරුන්ට උපදෙස් දී තිබේ. තානාපති මට්ටමෙන් කෙරෙන මෙහෙයුම “වුල්ෆ් වෝරියර්” දැන් සියලුම තානාපති කාර්යලවල කටයුතු කෙරෙන්නේ තමන්ම “ශ්වේත වර්ණ” වීමට සුදු හුණු නාන ගමන් අනුනුත් නාවන අන්දමිනි. මේ අනුන් නෑවීම යන්න සුළුපටු එකක් නොවන බව ඒ සඳහා යොදා ගනු ලබන මෙවලම් සහ ක්‍රමෝපායන්ගෙන් පෙනේ. ජාතිවාදී අපයෝජන බොරු ප්‍රවෘත්ති, කුමන්ත්‍රණකාරී සිද්ධාන්ත ආදිය එ සේ යොදා ගැනෙන මෙවලම් වේ. එහෙත් චීනය අවට රටවල් මේ උගුල්වලට අසුවෙනවා වෙනුවට මේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා ද ලෝක ආධිපථ්‍යයට චීනයේ ඇති පෙරේතකමද හොඳින්ම අඳුනාගෙන තිබේ. අවුරුදු ගණනාවක් තිස්සේ ඉන්දු පැසිපික් රටවල් චීනය බලවතකු වශයෙන් ප්‍රාදේශීය ආරාවුල්, බලෙන් ආර්ථිකය පාලනය කිරීමට එල්ල කරන තර්ජන, වෙළෙඳපොළ ආක්‍රමණයට කෙරෙන බලපෑම් ආදි කරුණු ගැන කතා නොකර සිටියේය. දැන් ඒ තත්ත්වයක් නැත. ඔවුහු හඬ නඟති. දැන් ඒ රටවල් වුහාන් වෛරසය ගැන චීනයෙන් පිළිතුරු ඉල්ලා හඬ නඟති. ඔවුන්ගේ ආරක්‍ෂාව ගැන ගැසූ ගිවිසුම් සංශෝධනය කිරීමට ඉල්ලති.
ඕස්ටේ්‍රලියාව අවුරුදු ගණනාවක් තිස්සේ චීනය සමග ඉතා සමෘද්ධිමත් වෙළෙඳ සම්බන්ධතාවක් පවත්වා ගනිමින් මෑතක් වනතුරුම (කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ගැන තොරු වසං කෙරී තිබූ තාක්) එ සේ කටයුතු කර තිබේ. දැන් ඒ තත්ත්වය ලිහෙමින් යයි. දකුණු පැසිෆික් ප්‍රදේශයේ කැන්බරා ආදි ප්‍රදේශයන්හි පැතිරෙමින් යන චීන භීතිකාව නිසා මෙතෙක් ඒ ප්‍රදේශයන්හි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනය සමග ගිවිසුම්වලට එළඔ සිටින රටවල් ගැස්සී ඇත. අගමැති ස්කොට් මොරිසන් ගේ ආණ්ඩුව ද සිය යටිතල පහසුකම් සංවර්ධන කටයුතු චීනයට පවරා දී ඇත. තත්ත්වය මෙසේ වෙද්දී කැන්බරා පසුගිය ජූලි පළමුවැනිදා තම හමුදා ශක්තිය වර්ධනයට ඇමරිකානු ඩොලර් බිලියන එකසිය අසූ හතක් (187)යොදවා ඇත. ඕස්ටේ්‍රලියා ආරක්‍ෂක අංශ දුරදිග විහිදුම් නෞකා නාශක මිසයිල් පද්ධතියක් සහ හයිපර්සොනික් ආයුධ ස්ථාපනය කිරීමට අපේක්‍ෂා කර ඇත. ඔස්ටේ්‍රලියාව මේ කෙරෙන උපායශීලි ක්‍රමවේදයේ ස්වභාවයෙන් පැහැදිලිව දක්නට ලැබෙන සංඥාවක් තිබේ. ඒ ඉන්දු පැසිපික් පරිසරයේ ආරක්‍ෂාව පිරිහෙමින් ඇති බවයි. ඕස්ටේ්‍රලියාව මේ අන්දමින් සිය ඉරියව්ව වෙනස් කරනවා පමණක් නොව සිය කණ්ඩායම සමග සුහද සම්බන්ධතාද පවත්වයි. ඕස්ටේ්‍රලියානු අගමැති සහ ජපන් අගමැති ෂින්සෝ අබේ පසුගිය ජූලි නම වැනිදා(9) දෙරට ඒකාබද්ධව හමුදා අභ්‍යාස පැවැත්වීම සඳහා පහසුකම් සැපයීමේ එකඟතාවකට පැමිණියහ.
එ පමණක් නොව මේ ජෝඩුව චීනාට යකා නග්ගවන්නට ද වැඩක් සෙට් කර තිබේ. චීනය විසින් තායිවානය සලකනු ලබන්නේ ද්‍රෝහියකු හැටියටය. ඒ ගැන නොතකා හෝ තකා හෝ තායිවානය නිරීක්‍ෂකයකු වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ විය යුතු බවට අගමැතිවරු දෙදෙනා එකඟ වූහ. ජපන් ඕස්ටේ්‍රලියා සමුළුවේ නව වැනි වටයේ දී ත්‍රිත්ව ආරක්‍ෂක අමාත්‍යවරුන් ගේ සාකච්චාව පසු ගිය හත් වැනි දා (7) පැවැත්විණි. ජපානයේ ආරක්‍ෂක අමාත්‍යා තාරෝ කෝනෝ, ඇමරිකාවේ ආරක්‍ෂක ලේකම් මාක් එස්පර් සහ ඕස්ටේ්‍රලියාවේ ආරක්‍ෂක අමාත්‍ය ලින්ඩා රේනොල්ඞ්ස් සකාච්ඡා වටයට සහභාගි වූහ. චීනය ගෙනයන හිරිහැරකාරී ප්‍රවණතාව ගැන ඒ තිදනාම එහිදී ඉතා ගැඹුරින් කරුණු සාකච්ඡා කළහ. වෙරළාරක්‍ෂක යාත්‍රා යෙදවීමේ මුවාවෙන් මර්ධනකාරී කටයුතු ක්‍රියාත්මක කිරීම,හමුදා නොවන හේවා පන්න සාගර මුර සංචාරයට යෙදවීම, සන්නද්ධ ක්‍රියා, වෙනත් රටවල සම්පත් කොල්ල කෑම එසේ සාකච්ඡා කෙරුණු කරුණුවල අන්තර්ගතය විය.
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ හමුදා නොවන හේවා පන්න (සන්නද්ධ කණ්ඩායම්) තමන්ගේ නීත්‍යනුකූල නොවන අවශ්‍යතා ඉටු කර ගැනීමට චීනය පවත්වා ගෙන යයි.
ඉතාම ළඟදී එනම් මේ වසරේ පෙබරවාරි මාසයේදී (2020.02) චීනය ඉන්දුනීසියාවට එරෙහිව මේ උපායශීලී මෙහෙයුමක් යෙදවීය. එසේ යෙදවුයේ ජාකර්තාවේ ආර්ථික කලාපයට කඩාපැනීමේ ප්‍රවේශයක් පරිද්දෙනි.
මේ අතරතුරේදී චීනය හොංකොංවලට අදාල ජාතික ඇරක්‍ෂක නීතිය වෙනස් කර සංශෝදනය කිරීමට කටයුතු කෙළේය. හොංකොං යනු මීට ඉහත මහා බ්‍රිතාන්‍යයට අයත් යටත් ජනපදයකි. මේ අවස්ථාවේ දී ඇමරිකාව,මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, හොංකොං සංධානයක් ලෙස කටයුතු කරන්නට විය. හොංකොං ස්වාධීනව තිබිය යුතු බව ඔවුන්ගේ අදහසය. මේ අතරතුරේ දී ඕස්ටේරලියාව නිව්සීලන්තයද හොංකොංවලට අනුග්‍රහ දැක්විය.
මේ එකතුව චීනයේ කළහකාරී ආරවුල් ස්වභාවයේ වර්ධනයකට හේතුවක් විය. එම තත්ත්වය චීනයේ අසල්වාසීනට පමණක සීමා නො වී යුරෝපයටද පැතිරෙව්වේය. මේ ආසන්න කාලයේ දී යුරෝපයේ රටවල් දාසයක් (16) සහ යුරෝපිීය සංගමය ඒලියන්ස් ඔන් චයිනා නමින් සංධානයක් ද ඇති කළේ ය. එමගින් දේශපාලනමය කරුණු වෙනුවෙන් මේ කෙරෙන තල්ලුව චීන තාක්‍ෂණික සමාගම්වලින් ලෝකය පුරා ඉතා අඩු මිලකට බාල වර්ගයේ විකල්ප දෘඩාංග සහ මෘදුකාංග අඩු මිලකට දෙමින් කරෙන මිරිකීමෙන් ද වැළකීමක් විය. බාල වර්ගයේ මෙවලම් උපකරණ දීමෙන් සිදුවී ඇත්තේ චීනයේ තාක්‍ෂණික කර්මාන්තයේ ආධිපත්‍ය බිඳවැටී ඇති බව පෙනේනට තිබීමයි. ඉන්දියාව මේ වන විට චීනයෙන් ආනයනය කළ එවන් උපකරණ පනහක් (50) ආනයනය කිරීම තහනම් කර තිබේ. ඇමරිකාවද ඉන්දියාව ගත් ක්‍රියාමාර්ගයම අනුගමනය කිරීමට කටයුතු කරයි. එංගලන්තයද තම නෙට්වර්ක් වලින් හුවාවි අත්හැර දැමීමට තීරණය කර තිබේ. ප්‍රංශය ද සිය ටෙලිවිෂන් ජාලයෙන් හුවාවි අත්හැර දැමීමට පියවර ගෙන ඇත.
චීනය විසින් පතුරුවන ලද කොරා්නා වෛරස වසංගතයෙන් ඇති කළ අවුල් සහගත තත්ත්වය නිසා සමස්ත ගෝලීය ප්‍රජාවම මේ වන විට එකමුතුව ඇත. එහෙත් චීනය ඒ ගැන නොතකා වෙනත් ගමනක යෙදෙන බව පැහැදිලිය. ලැඩක් දක්‍ෂිණ චීන මුහුද, තායිවානය සහ හොංකොං චීනයේ ක්‍රියාකාරී ප්‍රදේශ වී ඇත. අමරිකානු හමුදා ප්‍රධානීන් විසින් චීනය හඳුන්වනු ලැබ ඇත්තේ ඉතාම භයානක ආරාවුල්කාරයා හැටියටය. චීනය තමන්ගේ වැරදි නිවැරදි කර ගැනීමට පියවර නොගන්නේ නම් අත්‍යාලංකාර කතා පැත්තකට දමා අර්බුදයට පිළිතුරු දීමට සිදුවේ. එසේම මේවන විට චීනයට එරෙහිව ජාත්‍යන්තරයේ මතුවෙමින් පවත්නා මනෝභාවය සුනාමියක් බවට පරිවර්ථනය වීම නොවැළැක්විය හැකිය.
චන්ද්‍රසේන මාරසිංහ











