• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනයට එරෙහිව ලෝකයම කඳවුරු බඳී

August 2, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
චීනයට එරෙහිව ලෝකයම කඳවුරු බඳී
Share on WhatsAppShare on Facebook

කොරෝනා වෛරසය සම්න්ධව චීනය කටයුතු කළ පහත් ආකාරය නිසා කොරෝනා වෛරසය ඇත්ත වශයෙන්ම වුහාන් වෛරසය ලෙසින් ලැබුණු හංවඩුවත් සමගම ජාත්‍යන්තරය විසින් චීනය ගෝලීය වශයෙන්ම කොන් කරනු ලැබිණි. මේ තත්ත්වය දැන් චීනයට කාගෙන ඉන්න බැරි තරම් අමාරුය. මේ නිසා රටේ (චීනයේ) කිර්ති නාමය ආරක්‍ෂා කෙරෙන ආකාරයෙන් ක්‍රියා කරන ලෙසට චීන විදේශ අමාත්‍යාංශය ලෝකය පුරා සිටින තමන් ගේ තානාපතිවරුන්ට උපදෙස් දී තිබේ. තානාපති මට්ටමෙන් කෙරෙන මෙහෙයුම “වුල්ෆ් වෝරියර්” දැන් සියලුම තානාපති කාර්යලවල කටයුතු කෙරෙන්නේ තමන්ම “ශ්වේත වර්ණ” වීමට සුදු හුණු නාන ගමන් අනුනුත් නාවන අන්දමිනි. මේ අනුන් නෑවීම යන්න සුළුපටු එකක් නොවන බව ඒ සඳහා යොදා ගනු ලබන මෙවලම් සහ ක්‍රමෝපායන්ගෙන් පෙනේ. ජාතිවාදී අපයෝජන බොරු ප්‍රවෘත්ති, කුමන්ත්‍රණකාරී සිද්ධාන්ත ආදිය එ සේ යොදා ගැනෙන මෙවලම් වේ. එහෙත් චීනය අවට රටවල් මේ උගුල්වලට අසුවෙනවා වෙනුවට මේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා ද ලෝක ආධිපථ්‍යයට චීනයේ ඇති පෙරේතකමද හොඳින්ම අඳුනාගෙන තිබේ. අවුරුදු ගණනාවක් තිස්සේ ඉන්දු පැසිපික් රටවල් චීනය බලවතකු වශයෙන් ප්‍රාදේශීය ආරාවුල්, බලෙන් ආර්ථිකය පාලනය කිරීමට එල්ල කරන තර්ජන, වෙළෙඳපොළ ආක්‍රමණයට කෙරෙන බලපෑම් ආදි කරුණු ගැන කතා නොකර සිටියේය. දැන් ඒ තත්ත්වයක් නැත. ඔවුහු හඬ නඟති. දැන් ඒ රටවල් වුහාන් වෛරසය ගැන චීනයෙන් පිළිතුරු ඉල්ලා හඬ නඟති. ඔවුන්ගේ ආරක්‍ෂාව ගැන ගැසූ ගිවිසුම් සංශෝධනය කිරීමට ඉල්ලති.

ඕස්ටේ්‍රලියාව අවුරුදු ගණනාවක් තිස්සේ චීනය සමග ඉතා සමෘද්ධිමත් වෙළෙඳ සම්බන්ධතාවක් පවත්වා ගනිමින් මෑතක් වනතුරුම (කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ගැන තොරු වසං කෙරී තිබූ තාක්) එ සේ කටයුතු කර තිබේ. දැන් ඒ තත්ත්වය ලිහෙමින් යයි. දකුණු පැසිෆික් ප්‍රදේශයේ කැන්බරා ආදි ප්‍රදේශයන්හි පැතිරෙමින් යන චීන භීතිකාව නිසා මෙතෙක් ඒ ප්‍රදේශයන්හි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනය සමග ගිවිසුම්වලට එළඔ සිටින රටවල් ගැස්සී ඇත. අගමැති ස්කොට් මොරිසන් ගේ ආණ්ඩුව ද සිය යටිතල පහසුකම් සංවර්ධන කටයුතු චීනයට පවරා දී ඇත. තත්ත්වය මෙසේ වෙද්දී කැන්බරා පසුගිය ජූලි පළමුවැනිදා තම හමුදා ශක්තිය වර්ධනයට ඇමරිකානු ඩොලර් බිලියන එකසිය අසූ හතක් (187)යොදවා ඇත. ඕස්ටේ්‍රලියා ආරක්‍ෂක අංශ දුරදිග විහිදුම් නෞකා නාශක මිසයිල් පද්ධතියක් සහ හයිපර්සොනික් ආයුධ ස්ථාපනය කිරීමට අපේක්‍ෂා කර ඇත. ඔස්ටේ්‍රලියාව මේ කෙරෙන උපායශීලි ක්‍රමවේදයේ ස්වභාවයෙන් පැහැදිලිව දක්නට ලැබෙන සංඥාවක් තිබේ. ඒ ඉන්දු පැසිපික් පරිසරයේ ආරක්‍ෂාව පිරිහෙමින් ඇති බවයි. ඕස්ටේ්‍රලියාව මේ අන්දමින් සිය ඉරියව්ව වෙනස් කරනවා පමණක් නොව සිය කණ්ඩායම සමග සුහද සම්බන්ධතාද පවත්වයි. ඕස්ටේ්‍රලියානු අගමැති සහ ජපන් අගමැති ෂින්සෝ අබේ පසුගිය ජූලි නම වැනිදා(9) දෙරට ඒකාබද්ධව හමුදා අභ්‍යාස පැවැත්වීම සඳහා පහසුකම් සැපයීමේ එකඟතාවකට පැමිණියහ.

එ පමණක් නොව මේ ජෝඩුව චීනාට යකා නග්ගවන්නට ද වැඩක් සෙට් කර තිබේ. චීනය විසින් තායිවානය සලකනු ලබන්නේ ද්‍රෝහියකු හැටියටය. ඒ ගැන නොතකා හෝ තකා හෝ තායිවානය නිරීක්‍ෂකයකු වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ විය යුතු බවට අගමැතිවරු දෙදෙනා එකඟ වූහ. ජපන් ඕස්ටේ්‍රලියා සමුළුවේ නව වැනි වටයේ දී ත්‍රිත්ව ආරක්‍ෂක අමාත්‍යවරුන් ගේ සාකච්චාව පසු ගිය හත් වැනි දා (7) පැවැත්විණි. ජපානයේ ආරක්‍ෂක අමාත්‍යා තාරෝ කෝනෝ, ඇමරිකාවේ ආරක්‍ෂක ලේකම් මාක් එස්පර් සහ ඕස්ටේ්‍රලියාවේ ආරක්‍ෂක අමාත්‍ය ලින්ඩා රේනොල්ඞ්ස් සකාච්ඡා වටයට සහභාගි වූහ. චීනය ගෙනයන හිරිහැරකාරී ප්‍රවණතාව ගැන ඒ තිදනාම එහිදී ඉතා ගැඹුරින් කරුණු සාකච්ඡා කළහ. වෙරළාරක්‍ෂක යාත්‍රා යෙදවීමේ මුවාවෙන් මර්ධනකාරී කටයුතු ක්‍රියාත්මක කිරීම,හමුදා නොවන හේවා පන්න සාගර මුර සංචාරයට යෙදවීම, සන්නද්ධ ක්‍රියා, වෙනත් රටවල සම්පත් කොල්ල කෑම එසේ සාකච්ඡා කෙරුණු කරුණුවල අන්තර්ගතය විය.

ඉතා දීර්ඝ කාලයක් තිස්සේ හමුදා නොවන හේවා පන්න (සන්නද්ධ කණ්ඩායම්) තමන්ගේ නීත්‍යනුකූල නොවන අවශ්‍යතා ඉටු කර ගැනීමට චීනය පවත්වා ගෙන යයි.

ඉතාම ළඟදී එනම් මේ වසරේ පෙබරවාරි මාසයේදී (2020.02) චීනය ඉන්දුනීසියාවට එරෙහිව මේ උපායශීලී මෙහෙයුමක් යෙදවීය. එසේ යෙදවුයේ ජාකර්තාවේ ආර්ථික කලාපයට කඩාපැනීමේ ප්‍රවේශයක් පරිද්දෙනි.
මේ අතරතුරේදී චීනය හොංකොංවලට අදාල ජාතික ඇරක්‍ෂක නීතිය වෙනස් කර සංශෝදනය කිරීමට කටයුතු කෙළේය. හොංකොං යනු මීට ඉහත මහා බ්‍රිතාන්‍යයට අයත් යටත් ජනපදයකි. මේ අවස්ථාවේ දී ඇමරිකාව,මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, හොංකොං සංධානයක් ලෙස කටයුතු කරන්නට විය. හොංකොං ස්වාධීනව තිබිය යුතු බව ඔවුන්ගේ අදහසය. මේ අතරතුරේ දී ඕස්ටේ‍රලියාව නිව්සීලන්තයද හොංකොංවලට අනුග්‍රහ දැක්විය.

මේ එකතුව චීනයේ කළහකාරී ආරවුල් ස්වභාවයේ වර්ධනයකට හේතුවක් විය. එම තත්ත්වය චීනයේ අසල්වාසීනට පමණක සීමා නො වී යුරෝපයටද පැතිරෙව්වේය. මේ ආසන්න කාලයේ දී යුරෝපයේ රටවල් දාසයක් (16) සහ යුරෝපිීය සංගමය ඒලියන්ස් ඔන් චයිනා නමින් සංධානයක් ද ඇති කළේ ය. එමගින් දේශපාලනමය කරුණු වෙනුවෙන් මේ කෙරෙන තල්ලුව චීන තාක්‍ෂණික සමාගම්වලින් ලෝකය පුරා ඉතා අඩු මිලකට බාල වර්ගයේ විකල්ප දෘඩාංග සහ මෘදුකාංග අඩු මිලකට දෙමින් කරෙන මිරිකීමෙන් ද වැළකීමක් විය. බාල වර්ගයේ මෙවලම් උපකරණ දීමෙන් සිදුවී ඇත්තේ චීනයේ තාක්‍ෂණික කර්මාන්තයේ ආධිපත්‍ය බිඳවැටී ඇති බව පෙනේනට තිබීමයි. ඉන්දියාව මේ වන විට චීනයෙන් ආනයනය කළ එවන් උපකරණ පනහක් (50) ආනයනය කිරීම තහනම් කර තිබේ. ඇමරිකාවද ඉන්දියාව ගත් ක්‍රියාමාර්ගයම අනුගමනය කිරීමට කටයුතු කරයි. එංගලන්තයද තම නෙට්වර්ක් වලින් හුවාවි අත්හැර දැමීමට තීරණය කර තිබේ. ප්‍රංශය ද සිය ටෙලිවිෂන් ජාලයෙන් හුවාවි අත්හැර දැමීමට පියවර ගෙන ඇත.

චීනය විසින් පතුරුවන ලද කොරා්නා වෛරස වසංගතයෙන් ඇති කළ අවුල් සහගත තත්ත්වය නිසා සමස්ත ගෝලීය ප්‍රජාවම මේ වන විට එකමුතුව ඇත. එහෙත් චීනය ඒ ගැන නොතකා වෙනත් ගමනක යෙදෙන බව පැහැදිලිය. ලැඩක් දක්‍ෂිණ චීන මුහුද, තායිවානය සහ හොංකොං චීනයේ ක්‍රියාකාරී ප්‍රදේශ වී ඇත. අමරිකානු හමුදා ප්‍රධානීන් විසින් චීනය හඳුන්වනු ලැබ ඇත්තේ ඉතාම භයානක ආරාවුල්කාරයා හැටියටය. චීනය තමන්ගේ වැරදි නිවැරදි කර ගැනීමට පියවර නොගන්නේ නම් අත්‍යාලංකාර කතා පැත්තකට දමා අර්බුදයට පිළිතුරු දීමට සිදුවේ. එසේම මේවන විට චීනයට එරෙහිව ජාත්‍යන්තරයේ මතුවෙමින් පවත්නා මනෝභාවය සුනාමියක් බවට පරිවර්ථනය වීම නොවැළැක්විය හැකිය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කාල්ටන් සාකච්ජා සාර්ථකයි: වරාය වර්ජනය නවත්වයි

Next Post

ගෝඨා-මහින්ද-චමල්-නාමල් අද මහගෙදර: හම්බන්තොටට ගෝඨා කරන්න යන දේත් කියයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.