• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

මීමුරේට නොදෙවිනි නාරංගමුවේ ලකේගල

August 1, 2020
in Holiday
Reading Time: 4 mins read
A A
මීමුරේට නොදෙවිනි නාරංගමුවේ ලකේගල
Share on WhatsAppShare on Facebook

ලකේගල කිව්වම ගොඩ දෙනෙක් අහල ඇත්තේ මීමුරේ ලකේගල. ඒත් මේ කියන්නේ ඒ ලකේගල නෙවෙයි. මේක නාරංගමුව ගමේ තියෙන ලකේගල. මේ ගැන ගොඩ දෙනෙක් නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ කඳු දෙක, මීරියගොල්ල කන්ද ඇතුළුව මෙතැන කඳු 03 ක් තියෙනවා කියන එක. මීමුරේ ගමට මේ කඳු 03ම බලාගන්න බැහැ. ඒ මේ කඳු තුනේ පිහිටීම හින්දා. හැබැයි අපිට මේ කඳු තුනම බොහොම පැහැදිලිව බලාගන්න පුළුවන් වුණා. ඒ කෙහෙල්පොත්දෝරුවගල මුදුනෙදි සහ නකල්ස් කඳු පහේ පස් වැනි මුදුනෙදි. අහල තියෙන විදියට නං මේ කඳු තුනට කියන්නෙ ගල් 3 කියල. මීමුරේ, නාරංගමුවේ ගැමියො කියන විදියට නං මේ නම් වෙනස් වෙනවා.
මේ ගමන ඇත්තටම ටිකක් අමාරු ගනයේ හයික් එකක්. මොකද මීමුරේ ලකේගල තරම්ම නැතත්, සැලකියයුතු මට්ටමේ හරියටම කිව්වොත් අංශක 70,75ක වගේ ආනතියක කඳු තරණයක් තියෙනවා අන්තිම කොටසේ. මේකෙදි ගමන් මාර්ගය වෙන්නෙ නුවර, මාතලේ, රත්තොට, ලග්ගල, රනමුරේ, නාරංගමුව. ගූගල් සිතියම් පාවිච්චි කරනව නං නාරංගමුවේ පංසල හොයා ගත්ත නම් හරි. ගමන පටන් ගන්නෙ එතැනින්. ගූගල් සිතියම් ගැන කිව්වොත් තව දෙයක් තමයි 100% සිතියමේ පාර පාවිච්චි කරන්න බැහැ. මොකද ගූගල් සිතියමේ පෙන්නන පාර එක තැනකින් වහල. ඒ පොයින්ට් එක සිතියමේ පෙන්නන්නෙ නැහැ. ඒකට හේතුව අපිට හොයා ගන්නත් බැරි වුණා. ඒ හේතුව හින්ද සිතියමේ දුරට වඩා වැඩි දුරක් අනිවාර්යයෙන්ම එකතු වෙනවා.

ගමන අතරතුර බඹරකිරි ඇල්ල, රිවස්ටන්, පිටවල පතන හම්බවෙනවා. වෙලාව මැනෙජ් කර ගන්න පුළුවන් නම් ඒවත් විසිට් කරන්න පුළුවන්. හයික් එක ගැන කියන්න වෙන්නෙ මෙහෙම. ගමන පටන් ගන්න තියෙන්නෙ නාරංගමුව පංසල ලඟින්. ගමේ කෙලවරකට යනකම් කොන්ක්‍රීට් පාර තියෙනවා. ඒ පාර කෙලවරෙන් අඩි පාර පටන් ගන්නවා. මේ අඩි පාර දැනගන්න ලැබුන විදියට මීමුරේ ගමට තමයි වැටිල තියෙන්නේ. ගමේ අතර මඟදි හමුවෙන ඕනෑම කෙනෙක්ගෙන් පාර ගැන අහගන්න පුළුවන්. ගමේ මිනිස්සු ගොඩක්ම මිත්‍රශීලියි.

මේ ගමනේ මුල හරියෙදිම හම්බවෙන විශේශ තැනක් තමයි උයන්ගොමුව. එතැන ගැන කියනව නං ඒ හයික් එකේ එහෙම තැනක් තියෙනව කියල හිතන්නත් අමාරුයි. එතැන අපිට වෙනස්ම අත්දැකීමක් වුණා. වැස්ස කාලෙට මුළු උයන්ගොමුවම වතුරෙන් යට වෙනව කියල තමයි දැනගන්න ලැබුණේ. මෙතැන රාම රාවනා යුද්දයටත් සම්බන්ධ තැනක් කියලත් කියනව. ඒක ගැන නම් කියන්න දන්නෙ නෑ. ඒත් උයන්ගොමුවේ අපි දැක්ක සමහර ගල් කුට්ටි, කෙනෙක් හිතාමතාම හදලද කියලත් හිතුණා. ඒ තරමට අමුතුයි.

එතැනින් එහාට පීක් දෙක පේන මානයට එනකම් සාමාන්‍ය මට්ටමේ හයික් එකක් තමයි තියෙන්නෙ. මේ කියන පේන මානයේ අපි හිටපු තැනට, හොයාගන්න පුළුවන් වුණු විස්තර වලට අනුව කියන්නෙ කොමලපතන කියල. ඇත්තටම කිව්වොත් ගමනෙ අමාරුම හරිය පටන් ගන්නෙ මෙතැනින්. මෙතැනින් උඩට අංශක 70ක විතර ආනතියක් තියෙනවා.

වැසි දවසක නම් මේ ගමන නොයන තරමට තමයි හොඳ. මොකද එක අතපසුවීමකින් ලොකු අනතුරක් වෙන්න ඉඩ වැඩියි. පරිසරය ගැන කිව්වොත් වියලි පරිසරයක් තමයි ගමන පුරාවටම තියෙන්නේ. තවත් දෙයක් තමයි හුළඟ. විසිවෙන තරමට තද හුළඟක් තියෙනව පීක් එකට ළං වෙද්දි.

ඒ වගේමයි හයික් එකේ මේ කොටසෙදි හොඳ අවධානයකින් කන්ද තරණය කරන්න වෙනවා. මොකද කෙලින් තරණය කරන්න බැහැ කන්දේ ලොකු ආනතිය හින්දා. ගලේ රළු දාර පාවිච්චි කරල අත් කකුල් 4ම උදව් කරගෙන තමයි අපේ කට්ටිය මේ කොටස කොමලෑවේ ගලට යනකන් තරණය කළේ.

මුල්ම පීක් එක විදියට අපි එන්නෙ කොමලෑවේ ගලට එහෙමත් නැත්නං නාරංගමුවේ ලකේගලට. මේ මුදුනෙදි අංශක 360ක වීව් එකක් බලා ගන්න පුළුවන්. ඒ අතරින් තුන්හිස්ගල, උඩවන්නිමාන, නකල්ස් කඳු පහ, අලුගල් කන්ද, පිටවල පතන, මානිගල වගේ ප්‍රසිද්ධ කඳු කහිපයකුත් අපි හඳුන ගත්තා.

කොමලෑවේ ගලින් පස්සෙ ඊළඟට අපිට ඉතුරු වුණේ මීරියගොල්ල කන්ද. ගල් තුනේ මැද තියෙන කන්ද තමයි මීරියගොල්ල කන්ද. මෙතන පීක් එක කොමලෑවේ ගලටත් වඩා වැඩි හින්දා, කොමලෑවේ ගලට පේන 360 වීව් එකටත් වඩා හොඳ වීව් එකක් මීරියගොල්ල කන්ද උඩදි බලා ගන්න පුළුවන්. ඒ වගේමයි මීමුරේ ලකේගල වෙනස්ම ලස්සනකින් බලා ගන්නත් පුළුවන් මෙතැනදි. ඔය විදියට ඉතින් අළුත්ම අත්දැකීම් ගොඩකුත් එක්ක අපි අපේ ගමනේ අවසානයට ආවා.

සම්පූර්ණ ගමන සාරාංශයක් විදියට කිව්වොත් අපේ සෙට් එකේ 13ක් හිටියා. කොල්ලො කෙල්ලො දෙගොල්ලොම. හයිකින් වලට කෝඩු කීපදෙනෙකුත් ඇතුළුව. උදේ 8.30ට වගේ අපි ගමන පටන් ගත්තේ. රෑ 8 වගේ වෙද්දි අපිට ආපහු පල්ලෙහාට එන්න පුළුවන් වුණා.
උඩදි නං අපිට වතුර හම්බ වුණේ නැහැ. ඒක හින්දා වතුර ප්‍රමාණවත් වෙන විදියට අරගෙන යන්න. කෝමලපතනට කලින් වතුර පාරවල් කිහිපයක් හම්බවෙනවා. ඊට අමතරව කඹයක් අරන් යනව නම් ගමන ලේසි කර ගන්න පුළුවන්. වියලි කාලගුණය හින්දා කූඩැල්ලෝ නැතිම තරම්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ගිහින් ලස්සන බලන්න. තව කෙනෙක්ට ඒ ලස්සන බලන්න ඉතුරු කරන්න. අරන් යන දේවල් ඔක්කොම ආයිත් අරන් එන්න.
චම්පික එස්. අක්මීමන

SendShareShare
Previous Post

ගෝඨාටයි මහින්දටයි එකට වැඩ කරන්න පුළුවන්ද? (රටේ පැත්ත)

Next Post

චීනය සහ ඉන්දියාවේ ‘ලඩක්’

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.