• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අංගම්පොර වැඩ දාන පුංචි වෙදහාමිනේ

August 1, 2020
in Heart
Reading Time: 2 mins read
A A
අංගම්පොර වැඩ දාන පුංචි වෙදහාමිනේ
Share on WhatsAppShare on Facebook

පුංචි තිරයට නැවැතත් වෙද හාමිනේ කෙනෙක් ඇවිත්. හැබැයි මේ වෙද හාමිනේගෙන් අසාධාරණයෙන්, අයුක්තියෙන් වැඩ කරන අයට ගැළවෙන්නට නම් අමාරුයි. ඇයව අපට හමුවන්නේ මේ දවස්වල විකාශය වන ‘පුළිඟු’ ටෙලිනාට්‍ය හරහා තමයි. එහි කතා නායිකාව ලෙසට රඟන තරින්දි ප්‍රනාන්දු කාලෙකට පස්සේ වෙනස්ම ස්වරූපයකින් ඔබ අපගේ නෙත් අග රැඳෙනවා. ඉතින් කාලෙකට පස්සේ හැඩ වැඩ දාන ඇය සමඟ කතාබහ නොකළොත් එය අඩුවක් වන්නට පුළුවන්. ඉතින් ඒ නිසාම ඇයගේ රංගන චාරිකාව ගැන කතාබහ කිරීමට ඇයව සම්බන්ධ කරගත්තා.

ඉතින් පොඩි වෙදහාමිනේ කොහොමද?
පොඩි වෙදහාමිනේ ඉතින් මේ දවස්වල ‘පුළිඟු’ ටෙලිනාට්‍ය එක්ක තමයි කාලය ගතකරන්නේ. මාස හයකින් විතර තමයි මම ඉන්න ටෙලිනාට්‍යයක් විකාශය වන්නේ.
අපිට දැනුණු විදියට තරින්දි මෙයට පෙර කළ නිර්මාණවලට වඩා ‘සසදි’ අභියෝගයක් වන්නට ඇති?
ඇත්තටම ‘සසදි’ චරිතය මගේ රංගන ජීවිතයට අභියෝගයක් වුණා කිව්වොත් හරි. යන්ත්‍ර – මන්ත්‍ර, වෙද-හෙදකම් විතරක් නෙවේ යක්‍ෂයොත් බැඳගෙන වැඩ කරන්න වෙනවා. ඔය අතර අහිංසක පෙම්වතියක් විදියට ‘සසදි’ ආදරය කරනවා. මගේ චරිතය පැති කිහිපයකින් ගලාගෙන යන නිසා ‘පුළිඟු’ ටෙලිනාට්‍ය මට අභියෝගයක් වුණා කිව්වොත් හරි. ඒ විතරක් නෙවේ සසදි නිසා මට අංගම්පොර සටන් කලාව පවා හදාරන්න සිද්ධ වුණා.
‘පුළිඟු’ ටෙලිනාට්‍යයේ සසදි චරිතය සඳහා රංගන ශිල්පිනියන් රැසක් යෝජනා වෙලා තිබෙනවා. එහෙත් ඔබවම මෙයට තෝරා ගැනීමට විශේෂ හේතුව?
බුද්ධික ලොකුකැටිය අයියා තමයි ‘පුළිඟු’ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය කරන්නේ. ඉතින් ඔහු සසදි චරිතය වෙනුවෙන් මාව තමයි හිතාගෙන තියෙන්නේ. ඉතින් මම සතුටු වෙනවා ඔහුගේ රූපයේ මැවුණ සසදිව ජීවමාන කිරීමට හැකි වීම එක ගැන. පුළිඟු නාට්‍ය කණ්ඩායමේ සියලුම දෙනාගෙන්ම මට ලොකු සහායක් ලැබුණා කියලා අනිවාර්යයෙන් මේ වෙලාවේ සඳහන් කරන්න ඕනෑ. මම හිතනවා අනෙකුත් ශිල්පීන් මට සහායක් නුදුන්නානම් මට මේ තරම් සාර්ථකව සසදිව ජීවමාන කරන්න බැරි වෙයි කියලා. ඒ වගේම ස්වභාවධර්මයෙන් මට යම් එළියක් ලබා දුන්නා මගේ චරිතය ගොඩනඟා ගැනීමට එය තමයි විශේෂත්වය.
ඔබේ තිබුණු බාහිර ස්වරූපයත් සමඟ එක්තරා අවස්ථාවල නිර්මාණකරුවන් ඔබට ගැමි චරිත රඟපාන්න බැහැ කියලා ඔබව ප්‍රතික්‍ෂේප කරපු අවස්ථාවක් තිබුණා නේද?
ඇත්තටම ඔව්. මම මේ ක්‍ෂේත්‍රයට ආපු අලුත ඒ වගේ මතභේද තිබුණා. නමුත් මම වැටුණේ නැහැ. ඒ හැම දේටම පිළිතුරු දෙනවා ‘පුළිඟු’ ටෙලිනාට්‍යයේ සසදි. මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් වැඩි කාලයක් නැහැ. නමුත් විවිධ චරිත රඟපෑමට දෙවියන්ගේ ආශිර්වාදය මට ලැබුණා. මමත් කැමැති ඒකාකාරී චරිත නැතුව විවිධ චරිත රඟපාන්න. එහෙම වුණාම මේ ක්‍ෂේත්‍රයේ දිගු කාලයක් රැඳී ඉන්නට පුළුවන්. මම හදිසි නොවී හෙමින් ආපු ගමනක් තමයි මේ. මට ඕනෑ කළේ නැහැ එක රැයකින් ජනප්‍රිය වෙලා ගෙදර යන්න.
ඒ කියන්නේ තරින්දි දැන් පූර්ණකාලීන රංගන ශිල්පිනියක්?
පොඩි කාලේ ඉඳලා මගේ ආශාවක් තිබුණා මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්නට. ඒත් අපේ පවුලේ අයට ඕනෑ කළේ මම හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් කරනවාට. ඉතින් මම බැංකු ක්‍ෂේත්‍රයේ රැකියාවක් කළා. ඒත් අම්මා නැතිවීමත් සමඟ මම ඒ රැකියාවෙන් ඉවත් වුණා. මම දෙවියන් බුදුන් විශ්වාස කරන කෙනෙක්. ඉතින් මගේ හිතේ තිබුණු සිහිනය ඉටු වුණා.
මේ ක්‍ෂේත්‍රයේ ඔය විදියට ගමනක් යන්නට බය හිතුණේ නැද්ද?
මගේ හිත හයියයි. මුලදී පොඩි බයකුත් තිබුණා නැතුවා නොවෙයි. ඒ විතරක් නෙවේ කැපිලි, කෙටිලි ඒ විදියටම තිබුණා. හැබැයි ඒ හැම අභියෝගයටම මුහුණ දීගෙන ගමන යනකොට හරිම සුන්දරයි.
වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන්නට අමාරුයි නේද?
ඒ ගැන මම දන්නවා. ආපු මුල් කාලවලද පිනට වැඩ කරගත්ත අවස්ථාත් තිබුණා. ඉතින් මම දැන් ඉන්න විදිය ගැන සෑහීමකට පත්වෙනවා. මේ වැඩකටයුතු කරගෙන යන ගමන් පුංචි ව්‍යාපාරයක් පටන් ගන්නත් හිතේ අදහසක් තියෙනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

බුධ ඉන්න තැන හොඳද නරකද

Next Post

මම කවදාවත් නිළියක් වෙන්න හීන දැක්කෙ නෑ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.