• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නිරෝෂාගේ ලීක්වුණු වීඩියෝව ප්‍රශ්නයක්ද? Sri Lanka Latest News

November 23, 2025
in Heart
Reading Time: 4 mins read
A A
නිරෝෂාගේ ලීක්වුණු වීඩියෝව ප්‍රශ්නයක්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ ජනප්‍රිය කලා ශිල්පීන් කවුරුන් හෝ කාලෙන් කාලෙට මොකක් හරි හේතුවක් හරහා සමාජ මාධ්‍යවල වයිරල් වෙන එක දැන් පුරුද්දක් වෙලා. පහුගිය දවස්වල ඒ සංගදියට මුහුණ දුන්නේ ප්‍රවීණ ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී. ඒ වයිරල් වීමට හේතු වුණේ හදිසියේම වාගේ ඈ පැවිදි වූ බව කියමින් එහි අනන්‍යතාවද ඔප්පු කරමින් ඡායාරූපද සමග පළවෙන්නට ගත් පුවතක් නිසයි.Sri Lanka Latest News

හිතුවට වැඩිය වයිරල් වෙන එක උණුසුම් වෙනකොට නිරෝෂාත් ටිකක් කලබල වුණා. මේ ගැන ඇගෙන් පොඩි විමසීමක් කරන්න හිතුණු නිසා දුරකතන ඇමතුමක් ගත්තා.
නිරෝෂා කොහොමද ඉතින් සුවදුක්? පොඩ්ඩක් කතා කරන්නයි මේ යන්නේ.

ඒ විදියටයි අපි ඈ සමග කතාවට ආරම්භය හදාගත්තේ.

වරදක් නැහැ. මම හොඳින් සතුටින් මගේ සුපුරුදු කලා කටයුතු එක්ක දවස ගෙවනවා. හැබැයි මේ දවස්වල නම් ඉන්නේ පොඩි අවුලක. දන්නේ නැද්ද ඉතින් මේ සෝෂල් මීඩියාවල කාලෙන් කාලෙට මොකක් හරි වැඩකට නැති ගොසිප් එකක් වයිරල් කරනවනේ. ආරංචි ඇති නේද?

ඔව්. ඒ ගැන නොදන්නෙ කවුද? මොකක්ද නිරෝෂා ඇත්තටම ඔය සංගදිය?
මටත් තේරෙන්නේ නැහැ ඇත්තටම මේ මොකක්දැයි කියලා කියන්න. කිසිම හේතුවක් නැතුව අබමල් රේණුවක ඉඟියක් නැතුව මම මහණවෙලා කියලා. ඇත්තටම ඒක පේන විදියට පින්තූර වීඩියෝ එහෙමත් හදලා අමූලික මුසාවක් ‘ටේ‍රන්ඩින් වන්’ කියන යූටියුබ් නාලිකාවේ ප්‍රචාරය වෙනවා. ඇත්තටම මම වුණත් ඒක දැක්කම එක්සයිට් වෙන තරමටයි ඒ වීඩියෝ එක හදලා තියෙන්නේ.

මහණ වුණාය කියන වෙනස්ම සිදුවීමක් මෙයාලා මේ විදියට හේතුවක් කරගත්තේ මොන විදියේ කාරණයක් හිතේ තියාගෙනද කියන්න මට තේරෙන්නේ නෑ ඇත්තටම.
කාගෙ හෝ ඉගැන්නුම් බහකට උසිගැන්වීමකට කළා වෙන්න බැරිද?

නැහැ. එහෙම දෙයක් වෙලා නැහැ. අනෙක මම කා එක්කවත් හතුරුකම් හදාගෙන නැහැ. මේ වගේ දේකට ප්‍රධානම හේතුව තමයි අද සමාජ මාධ්‍යවල කිසිම නීතියක් විනයක් සදාචාරාත්මක බවක් නැති වීම. ඒ නිසයි යූටියුබර්ස්ලා මේ විදියට කලාකරුවන්ගේ පුද්ගලිකත්වය සල්ලිවලට අලෙවි කරන්නේ. හොඳ විදියට නිර්මාණශීලීව යූටියුබ් චැනල් කරන කලාකාමී පිරිසක් ඉන්නවා. ඒ අතර මේ වගේ වෙනස් මානසිකත්වයක් තියෙන පිරිසකුත් ඉන්නවා.
මෑතකදී ආපු ඒඅයි තාක්ෂණය උපයෝගී කරගෙන තමයි මේ අය මම මහණ වෙච්ච වීඩියෝ දර්ශන හදලා තියෙන්නේ. ඒ වීඩියෝ එක බලන කෙනකුට ඒක බොරු ඕපාදූපයක් හෝ විකෘති කරලා හදපු එකක් බව නොපෙනෙන්නයි හුඟක්ම සූක්ෂ්ම විදියට මේ වැඩේ කරලා තියෙන්නේ.
ඒඅයි වැනි තාක්ෂණයක් රටට විනාශයක් කියලද ඔබ කියන්නේ?
හැමදේකම හොඳ සහ නරක කියන පැති දෙකක් තියෙනවා. විශේෂයෙන්ම ඒඅයි වැනි තාක්ෂණයන්ට ඒක ආවේණිකයි. එතැනදී ඒක භාවිතයට අරගෙන යම් නිර්මාණයක් සාර්ථකව කරනවා කියන එක හොඳ නිර්මාණශීලී හැකියාවක්. හැබැයි ඒ හැකියාව හරහා අනුන්ගේ පුද්ගලිකත්වයට හානි කරන දේ කරන්න නරකයි. ඒක මහත්මා ගතියක් නෙවෙයි. මගෙ නමයි රූපයයි අමු අමුවේ පාවිච්චි කරලා මේ කරලා තියෙන්නේ මගෙ තුන් හිතකවත් තිබුණේ නැති සිදුවීමක් බොරුවක් මායාවක් විදියට වයිරල් කරපු එකනේ.
ඇත්තටම කියනවා නම් ඒඅයි තාක්ෂණය පාවිච්චියට අරගෙන කලාකරුවන්ටයි, නමක් හදාගත්ත වෙනත් පුද්ගලයන්ටයි මේ රටේ තරම් අයහපත් නිර්මාණ කරපු රටක් මේ ලෝකෙ කොහේවත් නැතිව ඇති මම හිතන්නේ.
නිරෝෂා ඔබ තදින්ම කලකිරිලා වගේ ඉන්නේ?
ඇත්තටම මේ වගේ දේවල් ගැන ලොකු කලකිරීමක් තමයි දැනෙන්නේ.
ඔබට තිබුණා ඔවුන්ට කෙළින්ම මේ ගැන කතා කරන්න?
මම කතා කළා. බොහොම හොඳින් කතා කළා. ඉල්ලීමකුත් කළා. මේ වීඩියෝ එක අයින් කරන්න. මේක හොඳ දෙයක් නෙවෙයි කියලා පැහැදිලි කළා. ඒත් ඔවුන් එය කනකට ගත්තේ නැහැ. ඒ ඉල්ලීමෙන් පසුවත් දවස පුරාම වීඩියෝ එක වයිරල් වුණා. ඇත්තටම හිතට මහා කලකිරීමක් දැනුණා.
නීති මාර්ගයට ගියේ ඉන් පසුවද?
ඔව්. හොඳින් කියලා බැරිම තැන මම නීති මාර්ගයෙන් මේ වැඩේ නවත්තන්න කටයුතු කරගෙනයි යන්නේ. ඔවුන්ට තිබුණා මං කියපු විදියට මේ වීඩියෝ එක අයින් කරලා එයාලා කරපු වරද වෙනුවෙන් නිවැරැදි කිරීමක් කරන්න කියලා. ඒත් මං දන්නේ නැහැ ඇයි කියන්න. ඔවුන් එය තඹ සතේකටවත් මායිම් කළේ නැහැ. එයින් පසුවත් ඔවුන් ඒ වීඩියෝව සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙන්න ඇරියා.
ඔබේ ප්‍රතිරූපයට හානියක් කිරීමේ යටි අරමුණක් මෙහි ඇති බවක් හැඟෙනවද?
තේරුම් ගන්න අමාරුයි. මේ වෑයම මොකක්ද කියලා. කොහොමත් මම නීතිමය පියවර ගත්තා. එය මට නොකර බැරි වුණා.
නීතිමය පියවර ගැනීම ගැන ඔබ ඉන්නේ කම්පාවකද?
කොහොමවත් නැහැ. අනෙක මම එය කළේ මා වෙනුවෙන්ම පමණකුත් නෙවෙයි. සමාජ මාධ්‍ය හරහා අපහසුතාවට පත්වන කලාකරුවන් හැමෝම වෙනුවෙනුයි මම මේ පියවර ගත්තේ.
ඒ අතර මට ආදරය කරන රසික රසිකාවියන්ගෙන්ද මම ඉල්ලා සිටියා මෙම වීඩියෝවේ සංසරණයට විරුද්ධව කමෙන්ට් කරන්න රිපෝර්ට් කරන්න කියලා. ඒ හරහා මෙවැන්නන්ට තවදුරටත් මෙවැනි අශෝභන වැරැදි වැඩ මින් ඉදිරියට කරන්න බැරි වේවි.
පැවිදි වීමක් වැනි සිදුවීමක් ඔවුන් මේ සඳහා යොදාගත් හේතුව?
හිතාගන්න බැරි ඒකයි මටත්. මොකද පැවිදි වීම පූජනීය දෙයක් වුණත් මහණ වෙන්න අදහසක් මගේ හිතේ කොනකවත් නැහැ. මට මේ ජීවිතය හොඳයි. මම සතුටින් කල් ගෙවනවා.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

තමන්ට එරෙහි විමර්ශනය ගැන විදුලිබල ඇමැති කුමාර ජයකොඩි අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කරලා! I Sri Lanka Latest News

Next Post

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID ටීම් එක හෙට ලංකාවට එනවා! වාර්තාව ඉදිරිපත් කරන්න සූදානම්! කලබල වෙච්ච රනිල් නීතීඥ කණ්ඩායමක් නීතිපති දෙපාර්තමේන්තුවට යවලා විමර්ශනවල තත්ත්වය විමසලා! I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.