තම මන්ත්‍රීවරු තුන්දෙනාට කැබ් රථ අවශ්‍ය නොමැති බවත් එම කැබ් රථ සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.Sri Lanka Latest News
ජනාධිපතිවරයා පැය හතරහමාරක් අයවැය කතා කර ලබන වසරෙත් එම පැය හතරහමාරම කතා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව පවසන මන්ත්‍රීවරයා, පක්ෂ හැටියට කුමන ප්‍රතිපත්ති තිබුණත් මෙවර විපක්ෂය හැටියට අපි සියලු දෙනා එකට එකතු වෙන්නේ ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ රටට හෙළි කරන්නට බවද සඳහන් කර සිටියේය.
මේ සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර තිබෙන අතර විපක්ෂයේ සියලු දෙනාම ඊට සහභාගී වනු ඇතැයි සිතන බවද සඳහන් කරන මන්ත්‍රීවරයා, ලබන 21 වෙනිදා සිදුවන දෙය පිළිබඳව බලා සිටින බවද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කියා සිටියේය.










