අත්තගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලගෙදර ගම්මානයේ හිමායා සෙව්වන්දි යන තරුණිය මාර්ගගත ක්‍රමයට ණය මාෆියාවට හසුවී සියදිවි නසා ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කල යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
මෙවැනි මාර්ගගත ණය ලබා දෙන අනීතික ආයතන රැසක් ඇති බවත් මේ සම්බන්ධයෙන් විධිමත් නීතියක් ක්‍රියාත්මක කළ යුතු බවත් තවත් ජිවිත නැති වෙන්න පෙර මේ ගැන සොයා බලා මෙය නැති කිරිමට රජය ගන්නා පියවර ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය.










