• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පළමුවැනි ට්‍රයි එක මං හිතුව තරම් ගියේ නෑ…! පළමුවැනිම ත්‍රී සිස්ටර්ස්ලා මගේ ආච්චිලා…! ෆීල්ඩ් එකේ ඉන්න නම් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා…! ටෂ්නි පෙරේරා ! Sri Lanka Latest News

November 10, 2025
in Heart
Reading Time: 2 mins read
A A
පළමුවැනි ට්‍රයි එක මං හිතුව තරම් ගියේ නෑ…! පළමුවැනිම ත්‍රී සිස්ටර්ස්ලා මගේ ආච්චිලා…! ෆීල්ඩ් එකේ ඉන්න නම් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා…! ටෂ්නි පෙරේරා ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන හඬ පෞරුෂයකින් රසික හදවත් දිනාගත් ටෂ්නි පෙරේරා ෘැර්බ් ෘරු්ප ිඒර වේදිකාව තුළ අවසන් පූර්ව වටය දක්වාම පැමිණ සිය සංගීත ගමන් මගේ මූලික අඩිතාලම සකස් කරගත්ත. ප්‍රාසාංගික වේදිකාව තුළ ප්‍රේක්ෂක සිත් ඇද බැඳ තබාගත් ඇය සමග කතාබහ කරන්නට මව්රට හාට් අතිරේකයේ අපි හිතුවා.
කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?Sri Lanka Latest News
මේ දවස්වල ‘මේ හීන මගේ’ අලුත් ගීතය රිලීස් වුණා. ඒකේ වැඩකටයුතු මේ දවස්වල ඉවරයි. ඒ වගේම විදෙස් සංචාර කිහිපයක්ම ඉවර කරලා ආවා. තව ඉදිරියේදී සංචාර කිහිපයක්ම තියෙනවා සහ මගේ අලුත් ගීත නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැන් නම් ෂූට් වැඩට යනවා එනවා. ගෙදර වැඩ බබාගේ වැඩ කරනවා. ඉතින් එහෙම තමයි මේ දවස් ගතවෙන්නේ.
ඔබ සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?
ඒ කාලේ ළමා ගායිකාවෝ තුන්දෙනෙක් තමයි මගේ ආච්චිලා තුන්දෙනා. ඒ කාලේ පළමුවැනිම ත්‍රී සිස්ටර්ස් ඒ අය. අයිරින් ලියනගේ, නෝලින් ලියනගේ, විජිත කුසුම් ලියනගේ. ඉතින් ඒ අයගෙන් තමයි මං හිතන විදිහට මට මේ ටැලන්ට් එක ලැබිලා තියෙන්නේ. වික්ටර් දළුගම තමයි මගේ සීයා. ඔහු සංගීත අධ්‍යක්‍ෂවරයෙක්. මම හිතන්නේ ඔවුන් නිසා තමයි මං අද මෙතැන ඉන්නේ.
දෙරණ ඩී්‍රම් ස්ටාර් වේදිකාව ඔබේ සංගීත ජීවිතයේ අත්තිවාරම වුණාද? ඒ අත්දැකීම මොන වගේද?
ඇත්තටම මම අවු. 12න් තමයි සිං කරන්න පටන් ගත්තේ. ඉස්සර තිබුණා අතුරු මිතුරු කියලා රූපවාහිනී වැඩසටහනක්. එතැනින් තමයි මම පළවෙනියටම මගේ ගමන පටන් ගත්තේ. ඊට පස්සේ පුංචි පැංචි වගේ වැඩසටහන්වලට සෑහෙන දායක වුණා. එතැනින් පටන් ගත්ත ලයිෆ් එක මම අවු. 16දී් දෙරණ ඩී්‍රම් ස්ටාර් එකට සම්බන්ධ වුණා. ඒකෙන් මට 4 වැනි ස්ථානය දිනාගන්න අවස්ථාව ලැබුණා. පස්සේ මම 2018 විතර වෙනකන් ක්ෂේත්‍රයේ රැඳී සිටියා. ඊට පස්සේ මම පොඩි සමුගැනීමක් තිබ්බා. නැවතත් 2021 දී විතර තමයි මම නැවත ක්ෂේත්‍රයට ආවේ. දෙරණ ඩී්‍රම් ස්ටාර්වල 4 වැනියට ඇවිත් ඒකෙන් මගේ සංගීත ක්ෂේත්‍රයට ගොඩක් ලොකු හයියක් ලැබුණා. එතැනින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් ආටිස්ලා ගැන, මම කොහොමද පර්ෆෝම් කරන්නේ. මගේ පර්සනැලිටි එක කොහොමද ඩිවලොප් කරගන්නේ මේ වගේ දේවල් මම එතැනදී හදාගත්තා. ඊට පස්සේ මම කොච්චි බෑන්ඩ් එකට සම්බන්ධ වුණා. එතැනින් පස්සේ තමයි ජීවිතේ ලොකුම වෙනස වුණේ.
‘දවසක මාගේ’ ගීතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් කියමු?
දවසක මාගේ ගීතය ඇත්තටම චමත් තමයි මියුසික් කළේ. ලිරික්ස් කළේ යශෝධා අධිකාරී, වීඩියෝ එක කරේ චාරුක. ඉතින් අපි තුන්දෙනා කතා කරලා මේ වැඩේට බැහැලා උපරිම කැපවීමෙන් සෝන්ග් එක කළා. ඉතින් මං හිතනවා ප්‍රේක්ෂකයෝ ගීතය වැලඳ ගත්තා කියලා. ඇත්තටම මේ ගීතයේ ස්ටයිල් එක මම ආස කරන ස්ටයිල් එකක් වුණාට මාව ප්‍රේක්ෂකයෝ දන්නේ වේග රිද්ම ගීතවලින්. වෙනම ශෛලියකින් මම මේ ගීතය ගායනා කළේ. මේක මගේ පළවෙනි උත්සාහය නිසා වෙන්න ඇති සමහර විට ගීතය මං හිතුවට වඩා ගියේ නෑ. නමුත් ඊළඟ ගීතයේදී මීට වඩා දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ කියන්නේ වැඩිපුරම කැමැති වේග රිද්ම ගායනයට?
නැහැ. මම වේග රිද්ම ගීත ගායනයට වගේම ස්ලෝ ගීත ගායනා කරන්නත් කැමැතියි. මම දෙපැත්තටම හරිම සමානාත්මතා කැමැත්තක් තියෙන්නේ.
ප්‍රාසාංගික වේදිකාව තුළ ඔබට ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම ප්‍රාසාංගික වේදිකාව තුළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳ විදිහට ලැබෙන නිසා තමයි මම අදටත් ෆීල්ඩ් එකෙන් සමුගන්නෙ නැතුව රැඳෙන්නේ. මොකද එච්චරටම ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා මට. ලංකාවේ ෆීමේල් ආටිස්ලගේ ලොකු අඩුකමක් තියෙනවා. ඉතින් මම අවුරුදු 12 ඉඳන් මේ ෆීල්ඩ් එකේ ඉන්නේ. මට දැන් අවුරුදු 31ක්. ඉතින් මාව තවමත් මගේ ප්‍රේක්ෂක පිරිස මාව අතහරින්නේ නැතුව මාව වැලඳගෙන ඉන්නවා. මට ඒක ඇත්තටම ලොකු සතුටක්. මේ ෆීල්ඩ් එකේ ෆීමේල් ආටිස්ලට රැඳෙන්න පහසු නෑ. ඉතින් ෆීල්ඩ් එකට ගොඩක් අය එනවා. නමුත් ගොඩක් අයට රැඳෙන්න බෑ. ෆීල්ඩ් එකේ රැඳෙන්න ඕනෙ ක්‍රමයක් තියෙනවා. අපි ස්ටඩි කරන්න ඕනෙ දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම පර්සනැලිටි. අපි සිං කරන්නේ කොහොමද, අපේ ඉමේජ් එක මේකේ කොහොමද ගෙනියන්නේ, මේ වගේ දේවල් අපි දැනගන්න ඕනෙ.
සංගීත ක්ෂේත්‍රය තුළ ඔබේ ජීවිතයට ලැබුණු අභියෝග මොනවද?
අභියෝග නම් අදටත් තියෙනවා. ඇත්තටම මම කැමැතියි මට අභියෝග ලැබෙනවට. මොකද එතකොට අපි රිෆ්‍රෙෂ් වෙනවා. අප්ඩේට් වෙනවා. ඉතින් මම හිතන්නේ අභියෝග නැත්නම් ඕනෙම ක්ෂේත්‍රයක් පවත්වාගෙන යන්න අමාරුයි. එකම විදිහට යන්න බෑ ජීවිතේ. අපිට අභියෝග කියන දේ අපේ ජීවිතවලට ලොකු සපෝර්ට් එකක්.
ඔබේ ඉදිරි වැඩකටයුතු මොනවද කියලත් අපි දැනගන්න කැමැතියි?
ඉදිරි වැඩ කටයුතු මගේ ගීත දෙක තුනක්ම එන්න තියෙනවා. කවර් සෝන්ග් එක්ක. ඒ වගේම විදේශීය සංචාර කිහිපයක්ම තියෙනවා ලංකාවෙත් වැඩකටයුතු ගොඩක් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

කෞෂල්‍යා ලක්මිණි

SendShareShare
Previous Post

ශ්‍රී ලාංකේය බැතිමතුන් අමන්දානන්දයට පත් කරමින්  මොරාරි බාපු විසින් Ram Katha  ඉදිරිපත් කරයි! Sri Lanka Latest News

Next Post

අල ගලවන කාලේ පිටරටින් අල ගෙනාවාට විරෝධය පා ගොවීන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වහයි! අද වගාවෙනුත් ඉවත් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.