පසුගිය කාලයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් කිරීම සදහාත්, විපක්ෂනායකවරයා අපහසුතාවයට පත් කිරීම සදහාත් දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ පිරිස් විශාල මෙහෙයුම් දියත් කර තිබිණ.Sri Lanka Latest News
ඉන් ප්‍රධානතම අයකු වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහය.
හෙතෙම පසුගය ජනාධිපතිවරණයේදී සජිත්ට ඡන්දය නොදී අනුරට ඡන්දය දෙන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය.
එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධූරය බාරගන්නා ලෙස දැනුම් දුන්නත් සජිත් එය බාර නොගත් බව කියමින් ප්‍රහාර එල්ල කළේය.
හිටපු ටියුෂන් ගුරුවරයකු වූ උපුල් ශාන්ත සන්නස්ගල සිය සමාජ මාධ්‍ය අවකාශය ඔස්සේ සජිත්ව නිර්දය ලෙස විවේචනය කළේය.
නමුත් අවසානයේදී සජිත් තමන්ට ප්‍රහාර එල්ල කළ සියලු විවේචකයන්ට ප්‍රතිප්‍රහාර එල්ල නොකොට ඔවුන් සමග සුහද අයුරින් ගනුදෙනු කරන දේශපාලකයකු බවට පත්ව සිටියේය.










