• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිනමාව කියන ෆැන්ටසියට මම ආදරෙයි! හොඳට හිතලා බලලා තමයි ලැබෙන ඒවා කරන්නේ! Sri Lanka Latest News

November 2, 2025
in Heart
Reading Time: 2 mins read
A A
සිනමාව කියන ෆැන්ටසියට මම ආදරෙයි! හොඳට හිතලා බලලා තමයි ලැබෙන ඒවා කරන්නේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නවපරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය නොවැම්බර් මාසයේ තිරගත වීමට නියමිත නලින් රාජපක්ෂ මහතාගේ සයනයිඩ් චිත්‍රපට‍යේ පල්ලවී කියන දමිළ තරුණියගේ චරිතයෙන් අපිට ඇයව දැකගන්න පුළුවන්. මේ වෙනස්ම අත්දැකීම ගැන දැනගන්න නිසුලි රාජපක්ෂට ‘හාට්’ අපි ඇයට කතා කළා.

නිසුලි මේ දිනවල ඔබේ වැඩකටයුතු කොහොමද?Sri Lanka Latest News
මගේ ප්‍රධාන අරමුණ වෙන්නේ මගේ පාසලේ දරුවන්ට ඉගැන්වීම. මේ වෙනකොට මම ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පෙරපාසල් ගුරුවරියක් විදියට වැඩ කරනවා. ඒත් එක්කම මම රංගනයෙන් දායක වුණු සයිනයිඩ් චිත්‍රපටය නොවැම්බර් මාසයේ තිරගත වීමට නියමිතයි.
සයිනයිඩ් චිත්‍රපටයට සම්බන්ධ වුණේ කොහොමද?
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මගේ තාත්තා නලින් රාජපක්ෂ. තාත්තා අධ්‍යක්ෂණය කළ අඟර දඟර සහ රේන්බෝ කියන චිත්‍රපටවලත් සුළු සුළු චරිතවලට මම දායක වෙලා තියෙනවා. පෙර කරපු චරිතත් එක්ක මගේ දක්ෂතාව දැකලා සයනයිඩ් චිත්‍රපටයේ පල්ලවී කියන දමිළ චරිතයට මාව තෝරගෙන තියෙනවා. එහෙමයි මම සයනයිඩ් චිත්‍රපටයට සම්බන්ධ වුණේ.
සිංහල තරුණියක් දමිළ චරිතයකට පණ පෙවීම අභියෝගයක්. ඉතින් මේ අභියෝගය ගැන කතා කරමු?
මෙම චිත්‍රපටයේ වරදරාජා පෙරුමාල්ගේ දියණිය පල්ලවී කියන චරිතයට තමයි මම රඟපාන්නේ. ඇත්තටම ඒක අභියෝගාත්මකයි. පල්ලවීගේ හැසිරීම, කතා විලාසයට අනුගත වීමට මට සිදුවුණා. දමිළ භාෂාව හැසිරවීම තමයි ලොකුම අභියෝගය වුණේ. මට දමිළ විදියට කතාකරන්න උදව් කළේ රාජා ගනේෂන් අංකල්. ඒ වගේම වරදරාජා පෙරුමාල් චරිතය රඟපාන ජගත් අංකල් සහ ගීතා ජයකොඩි ආන්ටිත් මට ගොඩක් උදව් කළා මේ චරිතය සාර්ථක කරගන්න.
මෙතරම් අඩු වයසකින් සිනමාවට සම්බන්ධ වීමට ලැබීම ගැන ඔබට දැනෙන්නේ කොහොමද?
මම ගොඩක් ආසයි කලාවට, මට රඟපාන්න වගේම නර්තනයටත් හැකියාවක් තියෙනවා. අනික තාත්තා මාව කුඩා කාලයේ පටන් කලාවට යොමු කළා. තාත්තගේ චිත්‍රපටවල සුළු චරිතවලට රඟපාන්න අවස්ථාව ලබාදුන්නා. ඉතිං ඒක ලොකු අත්දැකීමක්. ප්‍රවීණ රංගන ශිල්පීන් මැද ආධුනික කලාකාරිනියක් විදියට මම සාර්ථකව පල්ලවී කියන චරිතයට පණපෙව්වා. ඉතින් මට මගේ සිනමා ගමන ගැන සතුටුයි.
ඉදිරියේදී ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට අදහසක් නැද්ද?
ටෙලි නාට්‍යවලට මගේ කාලය ලබාදෙන එක ගැන කතා කළොත් රැකියාවත් එක්ක තරමක් අසීරුයි. මම ගොඩක්ම කැමති සිනමාව පැත්තට. සිනමාව කියන ෆැන්ටසියට මම ආදරෙයි.
ඔබ සිනමා නිර්මාණවලට දායක වීමේදී චරිත තෝරා බේරාගැනීමක් කරනවද?
ඔව්. ඇත්තටම මම නිර්මාණයකට දායකත්වය ලබා දීමේදී තෝරා බේරා ගැනීමක් කරනවා. හොඳට හිතල බලලා මගේ චරිතය මගේ ප්‍රතිරූපයට හානි නොවෙන චිත්‍රපටවල රඟපාන්න බලාපොරොත්තු වෙනවා.
සිනමාව පැත්තෙන් ඔබේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?
මට ගැළපෙන චරිතයක් ලැබුණොත් මම බලාපොරොත්තු වෙනවා ඒ චරිතය තුළින් මගේ හැකියාවන් වගේම දක්ෂතාවයන් පිළිබිඹු කරන්න. ඉතින් ඇත්තටම සැලසුමක් අනුව වැඩ කරන නිර්මාණයක චරිතයක් ලැබුණොත් දායක වීම තමයි මගේ බලාපොරොත්තුව.

රසාංජලී වාසල

SendShareShare
Previous Post

21 නුගේගොඩ රැලියට සජබය සහභාගී වන්නේ නැත! VIDEO I Sri Lanka Latest News

Next Post

මිනී පෙට්ටිගේ දවස් තුනක් හිටියා… ටිකක් බය වුණා මුලින්… Sex Seen පහක් විතර තිබුණා… මේවා කරන්නේ කොහොමද කියලා හිතුණා…- සූර්යා දයාරුවන්! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.