• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

දවස් දහයේ බාලි ගමන

August 28, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
දවස් දහයේ බාලි ගමන
Share on WhatsAppShare on Facebook

ලේසියෙන් බාලි සංචාරයක නිරත වන්නේ කොහොමද කියලා අපි කලින් සතියක විස්තර කිව්වනේ. ඒක කියෙව්ව ගොඩ දෙනෙක් ඒ ගැන අපෙන් තව විස්තර ඇහුවා. ඒ වගේම ඒ ගමනේ විස්තර ළඟදීම අරන් එනවා කියලා අපි පොරොන්දුවකුත් වුණා. ඔන්න ඒ පොරොන්දුව තමයි අද ඉටුකරන්නේ.

ඔයාලා බාලි බීච් ටුවර් එකට හුඟක් කැමැති වුණු නිසා මම බාලි කඳුකර සහ රයිස් ෆීල්ඞ් ගමන ගැනත් ලියන්නම්. මේ හැම පළාතක්ම කවර් කරන්න යන්නෙ දවස් 07ක් – 10ක් වගේ. එක ටුවර් එකකින් කරන්න පුළුවන් හරියට රූට් එක ප්ලෑන් කළොත්.
උබුඞ් (Ubud) කියන්නෙ අපේ නුවර වගේ කාලගුණයක් තියෙන හරිම ලස්සන පළාතක්. කුඹුරු (Bali Rice Terrace) බහුලයි මේ. ඇස් අදහන්න බැරි තරම් සුන්දර පරිසරයක්. බාලි Main City එක වන Denpasar නගරයේ සිට පැයකට අඩු කාලයක් ටැක්සියේ ගියාම ඔබ උබුඞ්වල. ටැක්සි මිල ගණන් හරිම තරගකාරියි. ඒ වගේම ඩ්‍රයිවර්ස්ලා මිත්‍රශීලීයි. එයාල කිහිප දෙනෙක් එක්ක ගණන් කතාකරගන්න නැත්නම් Uber ටැක්සි තියෙනව එහේ. ඒ ඇප් එක තියෙනව නම් පහසුයි.
උබුඞ්වල ඇවිදින්න, බලන්න ගොඩක් දේ තියෙනවා. එහෙ හොටෙල්ස් හුඟාක් ලාභයි. පුදුම සුහදශීලීයි මිනිස්සු. ඇත්තටම දාල එන්න ලෝබයි.

බාලි බොහෝ බජට් හොටෙල්ස්වල ෆ්‍රී වයිෆයි නැහැ. හොටෙල් වයිෆයිවලට අමතර මුදලක් අයකරනවා. රටට ගිය ගමන් ඬේටා සිම් එකක් ගන්න එක ලාභයි.
උබුඞ්වල මම ආසම ක්වොඞ් බයිකින්ග් (Quad Biking) යන්න චාන්ස් එක ලැබුණා. ඒක නම් අමතක නොවන අත්දැකීමක්. ක්වොඞ් බයිකින් විතරක් නෙවෙයි ගොඩක් ත්‍රාසජනක ඇක්ටිවිටීස් සහ ටුවර්ස් එයාල ළඟ තියෙනවා. ඔයාලා කැමැති අංග තෝරාගන්න පුළුවන්. එයාලා ඔබ ඉන්න හොටෙල් එකටම ඇවිත් ඔයාලව පික් කරනවා. ආයෙ ගෙනැල්ලත් දානවා. ඒ මිනිස්සු පුදුමාකාර විදියට සංචාරකයන්ට සලකනවා.
ඒ වගේම මම උබුඞ්වල Tegenungan Waterfall එක බලන්න ගියා. ඒ ගියේ හොටෙල් එකෙන් දුන්න ෆුට් බයික් එකක. හරිම සැහැල්ලුයි. යන්න තියෙන්නෙ රයිස් ටෙරස් මැදින්. උබුඞ්වල මන්කි ෆොරස්ට් යන්නත් අමතක කරන්න එපා. බාලි වැසියෝ වගේම ඒ වඳුරොත් මිත්‍රශීලීයි.
උබුඞ්වල කෑම බීම ස්පා මිල ගණන් හරිම අඩුයි. හරිම සුන්දර පළාතක්. ෆොටෝවලින් ඔයාලත් එය දකීවි. බාලි යනවා නම් උබුඞ් යන්න අමතක කරන්න එපා.

මං මේ හැම තැනක්ම හොයාගත්තෙ ගූගල් සර්ච් කරලා. ඔයාලටත් පුළුවන්.
මුලින්ම යන කාලය තීරණය කරලා ලාභම එයාර් ටිකට් එක හොයාගන්න. බාලිවලට ඩිරෙක්ට් ෆ්ලයිට් නෑ. මම ගියේ Malindo Air. ඊට පස්සෙ යන රූට් එක ප්ලෑන් කරන්න.
කූටා සිටි එකෙත් දවස් කිහිපයක් ඉන්න. Uluwatu Temple වගේම Tanah lot temple එකටත් යන්න. ලස්සනයි. ඒ යද්දි හමුවන ලස්සන බීච්වලට යන්නත් අමතක කරන්න එපා. Bali Beach Tours කියල සර්ච් කරන්නකෝ.
අමතක නොකර කූටාවල නයිට් ලයිෆ් එකත් අත්විඳින්න. ස්ටී්‍රට් ෆුඞ් වගේම ෂොපින් කරන්නත් පුළුවන්.

ඒ වගේම ගොඩාක් පරෙස්සම් වෙන්න ඩොලර් එක්ස්චේන්ජ් කරද්දි. බාලිවල සල්ලි මාරුකරද්දී වංචා කරනවා. ඩොලර්ස් මාරුකරද්දී එවෙලෙ එතැන ඉඳන් ගණන් කරල ගන්න බලන්න. ඒ ගැන සැලකිලිමත් වෙන්න. මම හිතන්නේ බාලි සංචාරයක් සැලසුම් කරන්න මේ විස්තර ටික හොඳටම ප්‍රමාණවත් වේවි. මේ විස්තර ප්‍රයෝජනයට අරගෙන අඩු මුදලකින් ලස්සන සංචාරයක් ගිහින් එන්න ඕගොල්ලන්ට පුළුවන් වෙන එක තමයි අපේ සතුට. වෙන ලස්සන රටක මේ වගේම සංචාරයක් එක්ක ඉක්මනටම හමුවෙමු.

ගයාන් මහගමගේ

SendShareShare
Previous Post

මීදුම අතරින් කෝච්චියේ එන්න

Next Post

වයිබර් ‌යොදාගෙන කළ හංවැල්ලේ ඝාතන පසුපස අං‌ගොඩ ‌ලොක්කා

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
Sri Lanka Latest News
Exclusive

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

නුවරඑළිය තැපැල් කාර්යාලයේ උඩු මහළ විදේශීය සංචාරකයින්ට නැවතුම්පලක් ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News...

Read more
මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.