• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුවන් හමුදා යානා ලෑස්තියි! නාවික හමුදා යාත්‍රා සීරුවෙන්! හමුදාව පොලිසිය ඒකාබද්ධ වෙයි! රට පුරාම ඔත්තු සේවා වැඩ ! තවත් මහා යුද්ධයක් අත ළඟයි! EXCLUSIVE I Sri Lanka Latest News

October 25, 2025
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ගුවන් හමුදා යානා ලෑස්තියි! නාවික හමුදා යාත්‍රා සීරුවෙන්! හමුදාව පොලිසිය ඒකාබද්ධ වෙයි! රට පුරාම ඔත්තු සේවා වැඩ ! තවත් මහා යුද්ධයක් අත ළඟයි! EXCLUSIVE I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට සියලු ආරක්ෂක අංශ ඒකාබද්ධව 2009 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව නැවත වතාවක් සියලු ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකෙරෙන ඉතිහාසයේ දැවැන්තම යුද්ධය ආරම්භ කිරීමට මේ වනවිට ආණ්ඩුව තීරණය කොට ඇත.Sri Lanka Latest News

ඒ අනුව සියලු ආරක්ෂක අංශ ඒකාබද්ධව රට ඇතුළේ මහා ව්‍යසනයක්ව පවතින මත්කුඩු ජාවාරම සම්පූර්ණයෙන් අතුගා දැමීමේ මෙහෙයුම ලබන නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට මේ වනවිට තීන්දු වී තිබේ.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඔත්තු සේවා ඇතුළු සියලු අංශ ඒකාබද්ධව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීමට ආණ්ඩුව මේ වනවිට සියලු සැලසුම් සකස් කොට ඇත.
ඒ අනුව පළමු වතාවට නාවික හමුදාව සහ ගුවන් හමුදාව යොදවා මුහුදු මගින් ලංකාව තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වීම සම්පූර්ණයෙන් නැවැත්වීමට යෝජනා වී තිබේ.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට දැනට සති කිහිපයක් තිස්සේ සිදුකරන ලද දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම දැවැන්ත සැලසුම සකස් කොට ඇති බවක් වාර්තා වේ.
එම සැලැස්මට සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය හිමිවීමෙන් පසු ලබන 30 වැනිදායින් පසු එය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති බව පැවසේ.

මීට අමතරව රට ඇතුළේ සිදුකෙරෙන මත්කුඩු ජාවාරම වැළැක්වීම සඳහා යුද හමුදාව ගම් මට්ටමින් ස්ථානගත කිරීමටත්, දිනපතාම පාහේ වැටලීම් සිදුකිරීමටත් තීන්දු වී ඇති බව දැනගන්නට තිබේ.

එමෙන්ම මෙම මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා සියලු ඔත්තු සේවාවන් සක්‍රීයව තැබීමටත් මත්කුඩු විකුණන පුද්ගලයන් සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීමටත් තීරණය වී ඇති බවද දැනගන්නට ඇත.

ඒ අනුව, මෙම දැවැන්ත මෙහෙයුම රට ඇතුළේ මත්ද්‍රව්‍ය ජාවාරම අවසන් වනතුරුම නොනවත්වා ක්‍රියාත්මක කිරීමටද තීන්දු වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම මෙම මෙහෙයුම දකුණට පමණක් සීමා නොවී උතුරු නැගෙනහිර පළාත්වලද දියත් කිරීමට සියලු සැලසුම් සකස් කොට ඇති බවද දැනගන්නට ඇත.

ඔත්තු ගන්න වෙනම ඒකකයක් ලෑස්තියි!

මත්කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා සියලු ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකරන මෙහෙයුමේදී ගම් මට්ටමෙන් සිදුකෙරෙන මත්කුඩු ජාවාරමට අදාළ තොරතුරු එක්රැස් කිරීම සඳහා වෙනම ඒකකයක් නිර්මාණය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
සියලු ආරක්ෂක අංශ නියෝජනය කරමින් බුද්ධි නිලධාරීන් මෙම ඒකකයට එක් කිරීමටද තීරණය වී ඇති බව පැවැසේ.

මේ වනවිට රට ඇතුළේ මතුව ඇති මතයක් වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පොලිසියට ලබාදෙන තොරතුරු පොලිසිය ඇතුළෙන්ම යළිත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලැබෙන බවකි.

එම තත්ත්වය වළක්වාලීම සඳහා මේ ආකාරයට වෙනම බුද්ධි ඒකකයක් නිර්මාණය වීමට හේතු වී තිබේ.

ඒ අනුව රට වටෙන්ම ලැබෙන බුද්ධි තොරතුරු මෙම ඒකකයට යොමුකොට ඒවා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මත්කුඩු ජාවාරම තුරන් කිරීම සඳහා කටයුතු කරන පාර්ශ්වයන් වෙත ඒවා යොමුකිරීම එහි කාර්යභාරය වී ඇති බවක් දැනගන්නට ඇත.

හැම ගමකම ප්‍රජා කමිටු!

ගම් මට්ටමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමේ මෙහෙයුමට ජනතාවගේ සහාය ලබාගැනීම සඳහා සෑම ගමකම ප්‍රජා කමිටුවක් නිර්මාණය කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව මෙම ප්‍රජා කමිටුවට සියලු පක්ෂ නියෝජනය කරමින් සාමාජිකයන් ඇතුළත් කිරීමට යෝජනා වී ඇත.

මෙහිදී ගම් මට්ටමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සම්බන්ධයෙන් ඇති තොරතුරු මෙම ප්‍රජා කමිටුව හරහා ප්‍රධාන මෙහෙයුමට වාර්තා කිරීම එහි කාර්යභාරය වී ඇති බවක් දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

පවුල් වෙන්න ලෙඩ දාන කුජ දෝෂයෙන් බේරෙන්නෙ මෙහෙමයි! Sri Lanka Latest News

Next Post

ඕරා ශක්තිය බලගැන්වෙන අන්තිම සතිය! Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.