• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වසල දේශපාලනයට ගහපු අමුඩෙ

July 25, 2020
in Heart
Reading Time: 2 mins read
A A
වසල දේශපාලනයට ගහපු අමුඩෙ
Share on WhatsAppShare on Facebook

දේශපාලකයන් වෙනුවෙන් ප්‍රශස්ති ගායනා ගැයෙන යුගයක 72 වසරක ලංකා දේශපාලනයේ අප්‍රසන්න පෙළගැස්ම රසිකයන්ට වෙනස්ම ආකාරයක මියුසික් වීඩියෝවක් තුළින් ඉදිරිපත් කරන්නට ගත් උත්සාහය මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල ශීග්‍රයෙන් පැතිර යනවා. මෙම අපූරු නිර්මාණය පිළිබඳව එහි නිර්මාපකයන් අදහස් දැක්වූ ආකාරයයි මේ.

සාදර බණ්ඩාර
සාදර ඡන්දෙ කිට්ටු කරල බෝම්බයක් අතඇරිය නේද?

මම විශ්වාස කරන දෙයක් තමයි රටක් දියුණු වෙනව කියන්නෙ ඒ රටේ මිනිස්සු වෙනස් විදිහට හිතනව කියන එක. ඉතින් මේ රටට, මිනිසුන්ට, ගහට කොළට ආදරේ කරන නිර්මාණකරුවෙක් විදිහට මම හිතනව මේ නිර්මාණය හරහා මිනිසුන්ට වෙනස් විදිහට හිතන්න අවස්ථාවක් සලසල දුන්න කියල.
ඇයි ඒකට අමුඩයක් තෝරගත්තෙ?
ඇත්තටම ඔය අමුඩෙන් මම සංකේතවත් කරන්න උත්සාහ කළේ යල්පැනගිය සිස්ටම් එක. ඒ කියන්නෙ අපේ යල්පැනගිය සිතුවිලි ධාරාව. මම උත්සාහ කළේ 1947 ඉඳල මේ දක්වා අපේ දේශපාලන ඉතිහාසය පොඞ්ඩක් මතක් කරල දෙන්න. ඒ හරහා අවුරුදු 72ක් පුරාවට අවුරුදු පහෙන් පහට වෙනස් වෙවී ඔවුන් ඔප්පු කරල තියෙනව ඔවුන්ට මේ රට වෙනස් කිරීමේ කිසිම හැකියාවක් නෑ කියල. ඒ නිර්මාණයක් හරහා සමාජයට දෙන්න තමයි මම මේ හරහා උත්සාහයක් ගත්තෙ. දරුවෙක්ට වුණත් මේ නිර්මාණය හරහා අපේ රටට මොකද වුණේ කියලා පියවරෙන් පියවර බලාගන්න පුළුවන්.
ඔබ නිර්මාණවලින් උත්සාහ කරන්නෙ සමාජය, දේශපාලනය ගැන විවේචනයක් කරන්නද?
මගේ නිර්මාණවල මූලික අදහස වෙන්නෙ ‘ආදරය සහ සාමය’. මගේ කලින් නිර්මාණවලිනුත් මම උත්සාහ කළේ සමාජය ගැන විවේචනයක් කරනවට වැඩිය අපේ මනුස්සකම් ඉස්මතු වෙන විදිහෙ වැඩක් කරන්න. ඒ හරහා මිනිසුන්ගෙ හිතන විදිහ වෙනස් කරන්න නිර්මාණකරුවෙක් විදිහට මොනයම් හරි සපෝට් එකක් දෙන්න තමයි මම උත්සාහ කරන්නෙ.
සින්දුව හැදෙන හැටි කතා කළොත්?
සින්දුව ලියන්නෙ වෛද්‍ය ජනක මාරපන. සංගීතය කරන්නෙ මම. මම මේක සලකන්නෙ මගේ නිර්මාණයකට වඩා අපේ නිර්මාණයක් සහ සමාජය සතු නිර්මාණයක් විදිහට.
මියුසික් වීඩියෝ එක හැදෙන්නෙ කොහොමද?
ඕකෙ මූලික අදහස මගේ. ඕකෙන් අපි පෙන්නන්නෙ එකම අමුඩෙ දෙපැත්ත මාරු කරකර මනුස්සයෙක් අඳින එක. ඕක කොළපාට, නිල් පාට කියල බෙදාගෙන තියෙනව. සමහර විට ඔතන්ට රතු පාට එන්නත් පුළුවන්. ඕකට විෂබීජයක් ගිහිල්ල, ඒක ඔඩුදුවල උත්සන්න වුණත් ඔහු කැමැති නෑ අමුඩය මාරු කරන්න. ඒ වේදනා විඳිමින් ඔහු ඒක ඇඳගෙන ඉන්නව. සමස්ත ශ්‍රී ලංකාවම විඳවපු විඳවීම තමයි ඕකෙන් නිරූපණය වෙන්නෙ.
වීඩියෝ එකට ගැළපෙනම කෙනා තෝරාගත්ත කියල හිතනවද?
මේකට ගන්නව කියල මුලින්ම ඔළුවෙ හිටියෙ වෙන කෙනෙක්. ඔය ඇක්ට් එක කරන්න පුළුවන් ලංකාවේ ඉන්න ප්‍රධානම පෙළේ නළුවන්ට මම කතා කළා. නමුත් මේකෙ අන්තර්ගතය දැක්කට පස්සෙ ඔවුන් කවුරුත් මේකට කැමැති වුණේ නෑ. පස්සෙ අපි මේක ගැන ධර්මප්‍රියට කිව්වට පස්සෙ ඔහු එක පයින් කැමැති වුණා මේ වැඬේ කරන්න. ධර්මප්‍රිය කියන්නෙ මේ වෙද්දි රඟපෑමට ඉහළ මිලක් අය කරන කෙනෙක්. නමුත් මේ සඳහා මගෙන් ඔහු ඉතාමත් සුළු මුදලක් ගත්තෙ. ඔහු කිව්වෙ මේක නියම වැඩක් සල්ලි ගැන හිතන්න එපා මට පුළුවන් ගානක් දීල වැඬේ කරමු කියල. ඇත්තටම මේ නිර්මාණය සාර්ථක කරගන්න ඔහුගෙන් ලැබුණෙ විශාල දායකත්වයක්.
මේ වගේ නිර්මාණවලට මාධ්‍යයෙන් ලැබෙන සපෝට් එක මොන වගේද?
ඇත්තටම ඒ සම්බන්ධයෙන් නම් ඉතාම කනගාටුදායක තත්ත්වයක් තමයි තියෙන්නෙ. මීඩියා වැඩ කරන්නෙත් යමකිසි පොලිටිකල් ව්‍යාපෘතියකට යටත්ව. ඒක අපි හැමෝම දන්නව. මීඩියාවලින් දෙන්නෙ හොඳයි කියල සම්මත දේවල් නෙවෙයි. ඔවුන්ට ඕන දේවල් තමයි ඔවුන් මිනිසුන්ට දෙන්නෙ. ඉතින් මේ වගේ නිර්මාණවලට මීඩියාවලින් සපෝට් එකක් ලැබෙයි කියල කොහොමත් හිතන්න බෑ.
එතකොට ඔබ නිර්මාණ කරන්නෙ සමාජ මාධ්‍ය ජාල ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගෙනද?
ඔව්. සමාජ මාධ්‍ය තමයි අපිට මේ වෙලාවෙ නිර්මාණ මිනිස්සු අතරට ගෙනියන්න තියෙන එකම මාධ්‍ය වෙලා තියෙන්නෙ. එතනත් ලොකු ප්‍රශ්න ටිකක් තියෙනව. නමුත් මේ වෙලාවෙ අපිට එකම විකල්පය වෙන්නෙ සමාජ මාධ්‍ය තමයි.

ධර්මප්‍රිය ඩයස්
ළඟදි අමුඩ සෙල්ලමක් කළා නේද?

ඔව්. සාරද බණ්ඩාරගෙ අලුත් මියුසික් වීඩියෝ එකේ අමුඩ සෙල්ලමක් කළා. සාරද බණ්ඩාරයි, මියුසික් වීඩියෝ එකේ ඩිරෙක්ටයි ඇවිල්ල මාත් එක්ක කතා කළා මෙහෙම වැඩක් තියෙනව කරමුද කියල. ඉතින් ඊට පස්සෙ ඒකෙ කන්සෙප්ට් එක දැක්කට පස්සෙ මට හිතුණ මේක හොඳ වැඩක් මේ වැඬේ කරන්න ඕනෙ කියල. ඉතින් එහෙම තමයි අමුඩ සෙල්ලමට සම්බන්ධ වෙන්නෙ.
ඔබ මියුසික් වීඩියෝවල දකින්න ලැබෙන්නෙ නැහැ නේද?
ඇත්තටම මම මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන්නෙ නැති තරම්. ඒත් මේ සින්දුව ඇහුවට පස්සෙ මට හිතුණ මේක අමුතු වැඩක් තියෙනව කියල. අනික මේ අය කරන්න යන්නෙ මොකක්ද කියල මට ඒ වෙලාවෙ තේරුණා. ඉතින් එහෙම හිතල තමයි වැඬේට කැමැති වෙන්නෙ.
මේ වීඩියෝ එකේ ඔබ තනියම තමයි චරිතය නිරූපණය කරන්නෙ. ඔබට වැඬේ ගොඩදාගන්න පුළුවන් වෙයි කියලා හිතුණද?
ඇත්තටම මේකෙදි අපි කරන්න ඕනෙ මොකක්ද කියල කලින් කතා කරගෙන හිටියෙ. මේකෙ වැඩිපුරම තිබුණෙ හැඟීම් ප්‍රකාශ කිරීම මඟින් කතාවක් කියන එක. එක විදිහකින් ඒක ලොකු අභියෝගයක් තමයි. වීඩියෝ එකේ මම විතරක් පේන්න හිටියට මගේ වටේ ගොඩක් පිරිසක් හිටියා සපෝට් එකට. ඔවුන්ගෙ උදව්වත් එක්ක ප්‍රශ්නයක් වෙන්නෙ නැති විදිහට වැඬේ ගොඩදාගන්න පුළුවන් වුණා.
සින්දුවෙන් මූලික වශයෙන් කරන්නෙ ලංකාවේ දේශපාලනය ගැන විවේචනයක්. කලාකාරයෙක් හැටියට කලාකරුවන් දේශපාලනයට සම්බන්ධ වීම ඔබ කොයි විදිහටද දකින්නෙ?
ඕකට මට කියන්න තියෙන්නෙ ‘අමුඩ සෙල්ලමේ සිද්ධියේ තවත් කොටසක් නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනව’ කියල තමයි.

ඩොටා
කොහොමද වැඬේට සම්බන්ධ වෙන්නෙ?

ඇත්තටම මම සාදර එක්ක මීට කලින් වැඩ කරල තිබ්බෙ නෑ. සාදර මුලින්ම ඕකට ගන්න ඉඳල තියෙන්නෙ වෙන කෙනෙක්. පස්සෙ සින්දුව රෙකෝඞ් කරපු ස්ටූඩියෝ එකේ සවුන්ඞ් ඉන්ජිනියර්ගෙ දැන හැඳුනුම්කමට තමයි මට මේක රැප් එක කරන්න චාන්ස් එක ලැබෙන්නෙ.
සින්දුවෙ කතා කරන මාතෘකාව ගැන ඔබට මොකද හිතෙන්නෙ?
ඇත්තටම මම රැකියාව කරන්නෙ නාවිකයෙක් විදිහට. ඉතින් ලෝකෙ වටේ යන කෙනෙක් හැටියට මට පේනව අනිත් රටවල්වලට සාපේක්ෂව අපේ රටට ඇතිවෙලා තියෙන තත්ත්වය. අපිට දුකයි අපේ රට මේ වෙන කොට ඉන්න තැන දැක්කහම. ඉතින් ඕකට වගකියන්න ඕනෙ කවුද කියලත් පොඩි ළමයෙක් වුණත් දන්නව. ඒකට අපි දේශපාලනඥයන්ට බැනල වැඩක් නෑ. අපි බනින්න ඕනෙ ඔවුන්ව එතැනට යවන මිනිස්සුන්ට.
මිනිස්සුන්ට පණිවුඩයක් දෙන්න මේ සින්දුව හරහා උත්සාහ කළේ?
ඇත්තටම ඔව්. ඒ වගේ මිනිස්සු දැනුවත් කරන්න ගත්ත උත්සාහයක් කිව්වොත් ඒකෙ වරදක් නෑ. ඡන්දයක් එන මේ කාලෙ මිනිස්සු හිතන්න පෙලඹුණොත් හොඳයි අපි මෙච්චර කල් කරපු දේම මේ පාරත් කරනවද? නැත්නම් වෙනස් දෙයක් කරනවද කියල. ඒක මිනිස්සු තමයි තීරණය කරන්න ඕනෙ.
කොහොමද රැප් එකට ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම මට මේ අවස්ථාව දුන්නට සාදරට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනෙ. මොකද මට වඩා ගොඩක් ප්‍රසිද්ධ, ටැලැන්ටඞ් අය ගොඩක් ඉද්දි මේ අවස්ථාව දුන්නට. ඇත්තටම මේ වෙද්දි මට ගොඩක් අය කතා කරනව වැඬේ හොඳයි කියල. ඉතින් ගොඩක් සතුටුයි මේ වගේ දැනෙන වැඩකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණ එක ගැන.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

ලංකාව ඉල්ලූ සහනය ඉන්දියාවෙන් දෙයි: ඩොලර් මිලියන 400කට ගිවිසුම් අස්සන් කරයි

Next Post

රවි අපලයට විසඳුමක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.