ජගත් විතාන මහතාගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් මතු කරන්න අවස්ථාව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේ සභාවේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජනයක් බවත් වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ මරණයෙන් හෝ පාඩමක් ඉගෙන ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවා පොලිස්පතිවරයාට දිවුරුම් ප්‍රකාශයක් මගින් සිය ආරක්ෂාව සලසා දෙන ලෙස ඉල්ලා සිටියත් එය ලබා නොදුන් බවත් ජගත් විතාන මහතාට සහ විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නිසා මේ ප්‍රශ්නය ගැන දැඩි අවධානය යොමු කර ජගත් විතාන මහතාට ආරක්ෂාව ලබා දෙන ලෙසත් මෙය කල් දැමිය නොහැකි බවත් ජීවිතයක් අහිමි වූ පසු ආරක්ෂාව ලබා දී වැඩක් නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
අද පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතා විසින් තමා ඝාතනය කිරීමට යම් පුද්ගලයකුගේ සූදානමක් ඇති බවට පොලිස්පතිවරයා විසින් කළුතර නියෝජ්‍ය පොලිස්පතිවරියට ලිඛිතව දැනුම් දී ඇති ලිපියක් ඉදිරිපත් කළේය. මේ ගැන විමර්ෂණයන් සිදු කරන ලෙසට ද පොලිස්පතිවරයා දැනුම් දී ඇති බවත් මේ තත්ත්වය තුළ තමාගේ ආරක්ෂාව සලසන ලෙස ද ජගත් විතාන මහතා මෙහි දී ඉල්ලා සිටියේය.










