• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මේක කෙනහිලි කුහකකම් අභියෝගවලින් පිරිලා ! රැඳෙන්න ඕනෙ නම් අවරගණයේ කියන ඒවටත් යන්න වෙනවා ! රඟපාන්න ගත්තම සීමාවන් අදාළම නෑ – අනුරාධ මල්ලවාරච්චි ! Sri Lanka Latest News

October 27, 2025
in Heart
Reading Time: 3 mins read
A A
මේක කෙනහිලි කුහකකම් අභියෝගවලින් පිරිලා ! රැඳෙන්න ඕනෙ නම් අවරගණයේ කියන ඒවටත් යන්න වෙනවා ! රඟපාන්න ගත්තම සීමාවන් අදාළම නෑ – අනුරාධ මල්ලවාරච්චි ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රංගනය කියන කලාව තුළ රසිකයන්ගේ හිතේ අමතක නොවන චරිතයක් වෙන්න හැම රංගන ශිල්පියකුටම බැහැ. එහෙත්, සැබෑ දක්ෂ රංගන ශිල්පියකුට පුළුවන්, තමන් කරන නිර්මාණ තුළින් රසික හදවත් හරි ලස්සනට ස්පර්ශ කරන්නට. ඉතින්, වේදිකාවද, පුංචි තිරයද, නැතිනම් සිනමාවද මාධ්‍යය මොකක්ද කියල අදාළ නැහැ. මේ දවස්වල විකාශය වන ‘සිත නිදි නෑ‘ වැනි ටෙලිනාට්‍ය තුළින් රසික හිත් පිස්සු වට්ටපු අනුරාධ මල්ලවාරච්චි නම් අතිදක්ෂයා, ඔහුගේ ජීවිතය සහ රංගනය ගැන ‘හාට්’ අපි සමග කතා කළා.Sri Lanka Latest News

මේ දවස්වල අනුරාධගේ වැඩ කටයුතු ගැන දැනගන්න කැමැතියි?

මේ දවස්වල මම විවිධ ශානරයන්ට අයත් ටෙලිනාට්‍ය කිහිපයක වැඩකටයුතු එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ එක්කම දැනටමත් විකාශය වෙමින් පවතින නාට්‍ය වගේම, ඉදිරියේදී විකාශය වීමට නියමිත, රූපගත කිරීම් කරන නාට්‍ය කීපයකුත් තියෙනවා. ඒවත් එක්ක තමයි මේ දවස්වල කාලය ගෙවෙන්නේ.

ඉතින් රංගන ජීවිතයේ ආරම්භය සහ ඒ ආ ගමන් මඟ ගැනත් කතා නොකර බැහැ?
මගේ රංගන ජීවිතය ආරම්භ වුණේ හරිම අහම්බයකින්. පාසල් කාලයේදී මම ජීවවිද්‍යා අංශයෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ. ඒ නිසාම කලාවට එන්න කිසිම අදහසක් තිබුණේ නැහැ. ජීවිතයේ සිදුවූ සමහර හැරවුම් ලක්ෂ්‍යයන් නිසාවෙන් කලාවට පිවිසෙන්න තීරණය කළා. මගේ මිත්‍රයකුගේ කෙටි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබීමත් එක්ක ඇති වූ ආසාව නිසාම මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න කොළඹට ආවා. පසුව මම නැවත කලා විෂය ධාරාවෙන් උසස් පෙළට පෙනීසිට, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබාගත්තා. ඒ අධ්‍යාපනය නිසා ශාස්ත්‍රීයව කලාව අධ්‍යයනය කරන්නත්, පසුකාලීනව ගුරුවරයකු ලෙස කටයුතු කරන්නත් මට අවස්ථාව ලැබුණා. කෙසේ වෙතත්, වර්තමානය වන විට ඉගැන්වීම් කටයුතු සියල්ල නවතා දමා පූර්ණකාලීන ශිල්පියෙක් විදිහට මම කටයුතු කරනවා.

ඔබ වැඩිපුරම කැමති වේදිකාවටද? ටෙලිනාට්‍යයටද? නැත්නම් සිනමාවටද?
මම වැඩියෙන්ම ප්‍රිය කරන මාධ්‍යයක් තෝරා දෙන්න බැහැ. මම මාධ්‍ය තුනටම කැමැතියි. මම වැඩිපුරම වේදිකාව හා සම්බන්ධ වුණත්, රංගන ශිල්පියෙක් විදියට මාධ්‍ය තුනේම පවතින විවිධ සීමාවන් තුළ වැඩකරන්න ලැබීම මම මහත් සේ අගය කරනවා. මම යම් නිර්මාණයකට දායක වෙන්න තීරණය කළාට පස්සේ, මට ඒ මාධ්‍යයේ සීමාවන් වැදගත් වෙන්නේ නැහැ. මගේ උත්සාහය වන්නේ ඒ මාධ්‍ය තුළ මගේ රංගන දායකත්වය උපරිමයෙන් ලබාදීමටයි.

‘සිත නිදි නෑ’හි ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ?
ඒක දීර්ඝ ගණයේ ටෙලිනාට්‍යයක්. ‘සිත නිදි නෑ’ සඳහා එකඟ වීම ශිල්පියෙක් ලෙස මා කළ හොඳම තෝරාගැනීමක්. ක්ෂේත්‍රය තුළ රැඳී සිටීමට, ඇතැම් විට විචාරකයන් අවර ගණයේ යැයි කියන නිර්මාණවලට වුණත් අපට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් මේ නාට්‍යයේදී මට ලැබුණු ‘සාගර‘ගේ චරිතය රචකයා හරි ලස්සනට ගොඩනඟලා තිබුණා.

සෑම මනුෂ්‍යයකුම වගේ මමත් ප්‍රේමය ලබන්නට, ප්‍රේම කරන්නට, විඳින්නට සහ ප්‍රේමය ගැන කතාකරන්නට කැමැති කෙනෙක්. ප්‍රේමය තුළ ඇතිවන බිඳවැටීම්, හිත් රිදීම් වැනි දේවල් මම දකින්නේ ඉතාම සාමාන්‍ය දේවල් විදියට. දේවල් වෙනස් වන නිසාම තමයි එය පවතින්නේ. ඉතින් මම ප්‍රේමය දකින්නේ එහෙමයි.

රංගන ජීවිතයේ අනුරාධ, ඔබ මුහුණ දුන් අභියෝග ගැන දැනගන්නත් කැමතියි?
මම හිතන්නේ රංගන ක්ෂේත්‍රයට පැමිණීම, පැවැත්ම සහ ස්ථාවර වීමම විශාල අභියෝගයක්. විශාලතම අභියෝගය වන්නේ ආර්ථික ස්ථාවරත්වයයි. ජීවිතයේ අනෙක් ආර්ථික අරමුණු එක්ක කෙනෙක් මේ ක්ෂේත්‍රයට එනවා නම්, එය හොඳ නැහැ. මම පුද්ගලිකව ආර්ථික ස්ථාවරත්වය සම්පූර්ණයෙන්ම අත්හැරලා ‘රංගන ශිල්පියෙක් විය යුතුයි‘ යන හැඟීම මත පමණක් මේ ක්ෂේත්‍රයට ආපු කෙනෙක්. ඊළඟට, මේ ක්ෂේත්‍රය සාමාන්‍ය ක්ෂේත්‍රයක් වුවත්, වෙනත් ක්ෂේත්‍රවලට වඩා කුහකකම්, කෙනෙහිලිකම් සහ අභියෝග මෙහි වැඩියි. මේ සියලු දේ සමග උපේක්ෂාවෙන් කටයුතු නොකළහොත් ක්ෂේත්‍රයේ රැඳී ඉන්න අපිට බැරි වෙනවා. වෘත්තීය රංගන ශිල්පියකු විදියට මට ස්ථිර ආදායමක් නෑනේ, ඉතින් මගේ ගිණුමේ කොපමණ මුදල් තිබුණත් බැංකුවක් මට ණය මුදලක් දෙන්නේ නැහැ. එහෙම අභියෝගාත්මක ජීවිතයක් ගත කරන්න කැමති නම් විතරක් මේ කලාවට එන්න. මේ ක්ෂේත්‍රය කියන්නේම අභියෝගයක්.

අලුතෙන් රංගන ක්ෂේත්‍රයට එන්න ආසාවෙන් ඉන්න අලුත් පරම්පරාවට අනුරාධට දෙන්න තියෙන උපදෙස මොන වගේද?
අලුත් පරම්පරාව මේ ක්ෂේත්‍රයට එනවා නම්, පළමුව මේ ක්ෂේත්‍රයේ යථාර්ථය සහ හැසිරීම පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් ඇති කරගෙන එන්න. ටීවී එකේ දකින දේ විතරක් බලලා පුදුම වෙන්න මෙහාට එන්න එපා.සියලු දේ හරියට දැනගෙන, දැනුවත් වෙලා ඇවිත්, තම ශිල්පීය දක්ෂතාවයෙන් සමාජයට යහපත් දෙයක් කරන්න කියන එක තමයි මගේ අදහස.

කතාබහ අවසන් කරමු අනුරාධ, ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් කියලාම?
“ඉදිරි කාලය තුළ වැඩ කටයුතු කිහිපයක් සැලසුම් වෙලා තිබෙනවා. ප්‍රධාන වශයෙන්, ලබන වසර මැද භාගයේදී වේදිකාගත වීමට නියමිත නව වේදිකා නාට්‍යයකට ආරාධනා ලැබී තිබෙනවා. ඒ වගේම, මේ වසර තුළදී එක් සිනමා පටයකට සම්බන්ධ වීමට නියමිතයි. ටෙලිනාට්‍ය කීපයක වැඩ අවසන් කරලා තියෙනවා සහ ඒවා ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. වේදිකාව සම්බන්ධයෙන් කතා කළොත්, මම සම්බන්ධ වන රාජිත දිසානායකගේ නව නාට්‍යයකට අමතරව, දැනට ධර්මප්‍රිය ඩයස්ගේ නාට්‍ය කීපයක් සහ ‘ගුරු ගීතය‘ වැනි නාට්‍ය කිහිපයක්ම මේ වෙද්දි වේදිකාගත වෙමින් පවතිනවා. ඉදිරි කාලය මෙම නිර්මාණ කටයුතු සමග කාර්යබහුල වෙලා තමයි තියෙන්නේ.

හිරුෂිකා ධනංජලී

SendShareShare
Previous Post

කෙහෙල්බද්දර පද්මේ එක්ක සෙට් වෙලා හිටියා කියලා සෝෂල් මීඩියාවල ගිය කතාව ගැන නිරූපණ ශිල්පිනී හේෂානි ලියදිපිට පිටරට ඉඳන් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

අපි කලින්ම කිව්වා! මහබැංකු අධිපතිතුමා අපි කියපු කතාව තහවුරු කළා!  I Sri Lanka Latest News

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්!  I Sri Lanka Latest News

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක...

Read more
සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.