• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාධ්‍යවේදියකුට අමානුෂිකව සැලකූ අලව්ව පොලිසියේ තුන්දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්! අපරාධ නඩු පවරන්නත් කියයි! වන්දි ගෙවන්නත් වෙයි! I Sri Lanka Latest News

October 24, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක මාධ්‍යවේදියෙකු වන තිළිණ රාජපක්ෂට අසභ්‍ය වචනවලින් බැණ වැදී, පහර දී අමානුෂික සැලකීම්වලට භාජනය කිරීම තුළින් අලව්ව පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් එම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් පවත්වා සාක්ෂි තිබේ නම් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය (ඔක්තෝබර් 22) නීතිපතිවරයාට නියෝග කළේ ය.Sri Lanka Latest News

මාධ්‍යවේදී තිළිණ රාජපක්ෂ ගොනු කර තිබූ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම තීන්දුව ලබා දුන්නේය.

ඒ අනුව, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු එවකට අලව්ව පොලිසියේ සැරයන්වරුන් වශයෙන් සේවය කළ රවින්ද්‍ර කුමාර, බී.එම්.එස්.එස්. විජේබණ්ඩාර සහ පොලිස් කොස්තාපල් ජයසුන්දර යන නිලධාරීන් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් 25,000 බැගින් රුපියල් 75,000ක මුදලක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට ද තීන්දුවේ සඳහන් විය.

පෙත්සම්කරු නෙත් එෆ්.එම්. ගුවන්විදුලි නාලිකාවේ මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කළ බව පෙත්සමේ සඳහන් කර තිබේ.

පොලිසියෙන් පහර දුන් බවට චෝදනා

2021 වසරේ මාර්තු මස 1 වන දා දහවල් 1.00ට පමණ තමා පොල්ගහවෙල ප්‍රදේශයේ සිට කොළඹ වෙත යතුරු පැදියකින් එමින් සිටියදී සුදු ඉරෙන් වාහනයක් ඉස්සරහ කිරීමට සූදානම් වීම මගින්, මාර්ග නීති උල්ලංඝනය කළ බව චෝදනා කරමින් වගඋත්තරකරුවන් තමන්ව නැවැත්වීමට කටයුතු කළ බව පෙත්සම්කරු සඳහන් කර ඇත.

ඉන් අනතුරුව සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට කරුණු ඉදිරිපත් කරමින් සිටි අවස්ථාවේ මෙම වගඋත්තරකාර පොලිස් නිලධාරින් අසභ්‍ය වචනවලින් තමන්ට බැණ වැදුණු අතර ඔවුන්ගේ ක්‍රියා කලාපය තමන් වීඩියෝගත කිරීමට පියවර ගත් අවස්ථාවේදී ඔවුන් තමන්ට අතින් පයින් පහර දුන් බව ද පෙත්සම්කරු අධිකරණය හමුවේ සඳහන් කර තිබිණි.

ඉන් අනතුරුව ඔවුන් තමන්ට මාංචු දමා ත්‍රිරෝද රථයකින් පොලිස් ස්ථානයට රැගෙන ගිය බවත්, අලව්ව පොලිසියේ ස්ථානාධිපතිවරයාට තමා මාධ්‍යවේදියෙකු බව පැවසූ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද මේ සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයාට දුරකතන මාර්ගයෙන් කතා කළ බව ද ඔහු කියා සිටියේ ය.

ඉන් පසුව ස්ථානාධිපතිවරයා තමාගෙන් සමාව ඉල්ලා සිටි බව සඳහන් කළ පෙත්සම්කරු අනතුරුව රෝහල්ගත වූ බව ඔහු සඳහන් කළේ ය.

පසුව රජයේ සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම යටතේ බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තමාව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව ත් පසුව ඇප මත මුදා හැරීමට කටයුතු කෙරුණු බව ත් පෙත්සම්කරු චෝදනා කර තිබේ.

වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වගඋත්තරකරුවන්ගේ හැසිරීම අත්තනෝමතික බවත් නිසි නීතිමය ක්‍රියා පටිපාටියෙන් ඔබ්බට ගොස් කටයුතු කරමින් ඔහු පෙත්සම්කරු සම්බන්ධයෙන් ක්‍රියා කර තිබෙන බව ත් තීන්දු කර සිටියේ ය.

ඒ අනුව, වගඋත්තරකරුවන් පෙත්සන්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග ප්‍රකාශයට පත් කළේ ය.

SendShareShare
Previous Post

ගිය අවුරුදු 25ට ක්‍රියාකාරී දේශපාලඥයන් 20කට වඩා වෙඩි තියලා මරලා! I Sri Lanka Latest News

Next Post

ගණේමුල්ල සංජීවව උසාවි කූඩුව ඇතුළෙම වෙඩි තියලා මරන්න තුවක්කුව අරන් ආ ඉෂාරා සෙව්වන්දිව ඉන්දියාවට පන්නපු බෝට්ටුවයි-බෝට්ටුව පැදපු කෙනාවයි පොලිසියෙන් අල්ලා ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.