• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

මීදුම අතරින් කෝච්චියේ එන්න

August 28, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
මීදුම අතරින් කෝච්චියේ එන්න
Share on WhatsAppShare on Facebook

උදෑසන හිරු උදාව කඳු මුදුනක සිට දැකබලා ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළුණු මටත් මගේ මිතුරාටත් එය අතපසු වීම කනගාටුදායක කරුණක් විය. ලහිරුත් මමත් මේ යන්නේ ඉදල්ගස්හින්න කන්ද තරණයටයි. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයෙන් බැස පැයකට නොඅඩු කාලයකින් ඉදල්ගස්හින්න කන්ද තරණය කළ හැකිය. ඉදස්ගස්හින්න දුම්රිය ස්ථානයද දැඩි සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. මුහුදු මට්ටමේ සිට ඉතා ඉහළ උන්නතාංශයක මෙම දුම්රිය ස්ථානය පිහිටා තිබේ. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නමුනුකුල කඳු පන්තීන්ට මැදිව ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය පවතී. ඒ මුහුදු මට්ටමේ සිට මීටර 1615ක උන්නතාංශයකිනි. සිංහල දමිළ මිශ්‍ර ජනතාවක් ඉදල්ගස්හින්නේ වාසය කරති.

නිතරම මීදුමෙන් වැසීගත් පරිසරයේ ඇස ගැටෙන හැම මානයකම තේ වතු නැත්නම් පයිනස් යායන්ය. දුම්රිය ස්ථානයෙන් බැස උපතැපැල් කාර්යාලය අසලින් දිවෙන කොන්ක්‍රීට් මාර්ගයේ කෙටි දුරක් ගියවිට වම්පසින් තේ වතු අතරින් කන්ද වෙත දිවෙන අඩි පාර වේ. මීදුම අතරින් කිටිකිටියේ වෙව්ලමින් කඳු මුදුනට ළංවීම කිසිසේත්ම වෙහෙසකර නම් නොවේ. බොහෝ විට කාන්තා පිරිමි භේදයකින් තොරව කඳු මුදුන රාත්‍රී කඳවුරු බැඳීම සඳහාද යොදා ගන්නේ අපහසුවකින් තොරව ළඟාවිය හැකි බැවිනි. කෙටි කාලයකින් ළඟාවී සුන්දර දසුන් දැකගත හැකිවීම ඉදල්ගස්හින්න කන්දේ සුවිශේෂත්වයයි. බොහොමයක් දේශීය සංචාරකයන් රේල් හයිකින් සඳහා ඉදල්ගස්හින්න ගමනාන්තය හෝ ගමනාරම්භය ලෙස යොදාගන්නේද ඉදල්ගස්හින්න කදුමුදුනේ කඳවුරු බැඳීමේ බලාපොරොත්තුවෙනි. දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසරය මත රේල් හයිකින් සිදුකළ යුතු වේ. ඉදල්ගස්හින්නේ තේ වගාව 1984 සිට ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන්නකි. වතු ජනතාවගේ ආර්ථිකය තේ කර්මාන්තයෙන් ගොඩනැඟේ.
උදෑසන 10 පසුවීමත් සමඟ අසල කඩයකින් සරල උදෑසන ආහාරයක් ගත් මමත් ලහිරුත්, ඇඟ කීරී ගැහෙන හීතලේ තේ වතු අතරින් ගමන ආරම්භ කළෙමු. පැය කාලක් පමණ පහසු ගමනකින් අනතුරුව පයිනස් යායට පිවිසීමට අපට හැකිවිය. හෝර්ටන් තැන්න ආශ්‍රිතව දැකිය හැකි මහරත්මල් ශාක, නෙලූ ශාක ගමන් මඟ අතරින්පතර දැකගත හැකිවිය. පයිනස් යාය අතර ගමන් කිරීම නම් සීරුවට කළ යුත්තකි. වේළුණු පත්‍ර බිමට වැටීම නිසා ආනතිය අධික මාර්ගය ලිස්සනසුලු වීම ඊට හේතුවයි. නිතර නිතර මිනිස් පහස ලැබීම හේතුවෙන් විවිධ පැතිවලට කුඩා අඩි පාරවල් නිර්මාණය වී තිබුණද මුදුන ඉලක්ක කරගෙන යෑම මඟ නොවැරැදීමට හේතු වේ.

විනාඩි 40ක පමණ ගමනකින් අනතුරුව මීදුමෙන් වැසුණු මුදුනට ළඟාවීමට අප සමත්වීමු. සුළඟ දැඩි වීම නිසා ඉතා ඉක්මනින්ම දර්ශන පථය පැහැදිලි වන්නට විය. තෙරක් නොපෙනෙන අනන්තයක තනිවීමට නම් අනිවාර්යයෙන් පැමිණිය යුතු ස්ථානයක් ලෙස ඉදල්ගස්හින්න හැඳින්විය හැකිය. වලාවන් යට සැඟවුණු ලෝකයක විචිත්‍රවත් සිතුවමක් ගුවනේ සිට නැරඹීමට අප වාසනාවන්ත වීමු. වලාකුළු හා මීදුම වෙන්කරගත නොහැකි තරම් විටින් විට මීදුමෙන් පරිසරය වෙළාගනී. මීදුමට අභියෝග කරමින් නැඟෙන හීතල හුළඟ මීදුම පලවාහැරීමට නොපසුබට වේ. හිරු එළිය නම් ගෙන දෙන්නේ මන්දාලෝකයකි. හිටිහැටියේ මොරදෙන රැහැයියන්, කඳුකර කුරුල්ලන් සහ ස්වභාවධර්මයේ ගුප්ත බව අපව නැවතත් පියවි ලොවට රැගෙන එයි.
කඳු මුදුනේ හිරු උදාව නම් වඩා විචිත්‍රවත් වනවා නොඅනුමානය. එය තවත් දිනෙකට කල්තැබීමට සිදුව තිබේ. රාත්‍රී කඳවුරු බැඳීමකට නැවත දිනයක පැමිණෙන බලාපොරොත්තුවෙන් හෝරා කිහිපයේ මතක ඡායාරූපවලට නංවාගෙන අපි නැවත ගමන් ආරම්භ කළෙමු.

අකිල දහනායක

SendShareShare
Previous Post

අද හෙටම යටවෙන දැරණියගල කරක්ගහමුද

Next Post

දවස් දහයේ බාලි ගමන

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සතුන්ට ආදරය කරන අයකු ලෙස මෙවැනි දැවැන්ත සුරතල් සතුන්ගේ සැණකෙළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සතුටු වන බවත් සතුන්ට ආදරය කිරීම පුද්ගලයකු සතු...

Read more
Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.