• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

අද හෙටම යටවෙන දැරණියගල කරක්ගහමුද

August 28, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
අද හෙටම යටවෙන දැරණියගල කරක්ගහමුද
Share on WhatsAppShare on Facebook

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල නගරය සුන්දර කඳුවැටිවලින් වටවූ අති සුන්දර ප්‍රදේශයකි. මෙහි අවට ගම් නියංගම්වල පිහිටා තිබෙන සංචාරක ස්ථාන හා සැඟවී ඇති සුන්දර දිය ඇලිද බොහොමයකි. මේ, ‘ඇවිදිමු ලංකා’ අප එහි කළ සංචාරයක් පිළිබඳ සටහනකි.
තෙත් සදාහරිත කලාපවල සංචාරය කිරීමට කැමැති ඔබට දැරණියගල තවත් සටහන් කළ යුතුම සංචාරක පුරවරයකි. සති අන්තයක පවුලේ අය සමඟ නිවාඩුවකට යෑමට කදිමය. කොළඹ සිට දැරණියගල සංචාරක පුරවරයට ගමන් ගන්නා සංචාරක ඔබට පැය දෙකහමාරක් පමණ වේලාවකින් පෞද්ගලික වාහනයකින්ද, පොදු ප්‍රවාහන සේවා මඟින් පැය හතරකින් පමණද ළඟාවිය හැකිය. කාර්යක්ෂම හා විධිමත් පොදු ප්‍රවාහන සේවයක් තිබෙන බැවින් ඔබට එය පහසුය.

ගමන් මඟ ලෙස අවිස්සාවේල්ලට පැමිණ හැටන් – කොළඹ මාර්ගයේ දෙහිඕවිට නගරයෙන් බැස දැරණියගල මාර්ගයේ දකුණට හැරී තවත් කිලෝමීටර 12ක් පමණ යා යුතුය. වර්ෂයේ මාස හයක් පමණ නොකඩවා වැසි වැටෙන සෞම්‍ය දේශගුණයක් තිබෙන තෙත් සදාහරිත වනාන්තර, ගල් ගුහා, දිය ඇලි, කඳු හෙල්වලින් සමන්විත දැරණියගල අවට ගමිමානවල ඇවිද යන ඔබට විටෙක මීමුරේ ගමිමානයේ ඇවිද යන බවක් සිතේ. විවිධ ජාතීන්, ආගම්, විවිධ ඇදහිලි, විශ්වාස, විවිධ සංස්කෘතීන්ට අයත් ජනවර්ග මෙහි ජීවත්වන බැවින් ඔබට එය තවත් නවමු අත්දැකීමක් වනු ඇත. සෑම ගම්මානයකටම බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී පාදස්ථනය දර්ශනය වීම හා ශ්‍රී පාදයට ප්‍රවේශ වීමේ මාර්ග තිබීම මෙහි ඇති විශේෂත්වයයි. බැලූ බැලූ අත දිය නෑමට ආරක්ෂිත දිය කඩිති, දිය පීලි, ගංගා, ඇළ දොළවලින් සමන්විතය. තේ වතු රබර් වතු තිබෙන පරිසරය මනරම්ය. මෙහි වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපායන් ලෙස තේ, රබර් හා සුළු අපනයන බෝග වන ගම්මිරිස්, එනසාල්, කුරුඳු, කරාබුනැටි වගාකිරීම හැඳින්විය හැකිය. ඊට අමතරව ගොවිතැන, කිතුල් හකුරු සහ පැණි ආශ්‍රිත නිෂ්පාදන සේම කර්මාන්ත අංශවල නියැළෙන්නන්ද දැකිය හැකිය.
කහනාවිට ඇල්ල
දෙහිඕවිට සිට දැරණියගල නගරයට ගමන් කිරීමේදී කිලෝමීටර හයක් පමණ දැරණියගල මාර්ගයේ ගොස් කහනාවිට පැරැණි රබර් කර්මාන්ත ශාලාව පසුකර මීටර් 20ක් ගිය පසු මෙම අපූර්ව දිය ඇල්ල නැරැඹිය හැකිය. රබර් වතු අතුරින් ගලා හැලෙන දිය ඇල්ල සිසිල්ය. සුන්දරය. මෙය මීටර් හයක් පමණ උසකින් සමන්විතය. වැඩි උසකින් සමන්විත නොවුණත් ඒ අවට පරිසරයේ ඇති උස් වූ ගස් හා ශාක ගල් තලාවන්හි පිහිටීම සමඟ එකතුවී අපූර්ව දසුනක් මවාපාමින් තිබේ. මෙම ස්ථානයේ දිය නෑම නම් අනතුරුදායකය. මේ වන විට වටිනා ජීවිත ගණනාවක් බිලිගත් මෙම දිය ඇල්ලෙහි නෑම ඉතා පරෙස්සමෙන් කළ යුතුය. ප්‍රසිද්ධ වෙළෙඳ දැන්වීම් බොහොමයක් මේ ඇල්ල ආශ්‍රිතව නිර්මාණය කර ඇත. දිය බුබුළු නඟමින් උස් ගල්කුළු මතින් පනිමින් දිය දහරාව පහළට කඩාහැලෙන හැටි අපූරුය. ඇල්ල ඉහළ සිට පහළට ගමන් කළ විටද කුඩා දිය ඇලි හතරක් පහක් දැකිය හැකිය. ආරක්ෂිතව දිය නෑමට කදිම ස්ථාන රාශියක් ඇල්ල ඉහළට ගමන් කළ විට හමුවේ. අගනුවර පානීය ජල අවශ්‍යතාව සපුරාලන මෙම ස්ථානය අද වන විට සංචාරක ආකර්ෂණය දිනා ඇති බැවින් පරිසරය දූෂණය වීමක් හා විවිධ නීති විරෝධී කටයුතු සිදුවන තැනක් බවට පත් වෙමින් පවතී. සංචාරයේදී ඔබ එය සිහියේ තබාගන්න.

කැකුණ ඇල්ල
කහනාවිට ඇල්ලේ සිට ප්‍රධාන මාර්ගයේ තවත් කිලෝමීටර හයක් පමණ දැරණියගල දෙසට ගිය පසු හමුවන සපුමල්කන්ද තේ කර්මාන්ත ශාලාවට ප්‍රවේශ මාර්ගයේ ගොස් කර්මාන්ත ශාලාව ඉදිරිපිට ඇති කුඩා අඩි පාර ඔස්සේ කිලෝමීටරයක් පමණ ඇවිදගිය පසු මේ සුන්දර දිය ඇල්ල දැකිය හැකිය. බළන්ගොඩ දුහුවිලි ඇල්ලට සමීප පෙනුමක් ඇති දිය ඇල්ල දුහුවිලි විහිදුවා කඩාහැලේ. දිය ඇල්ල උසින් මීටර අටක පමණ අගයක් ගනියි. ඔබ දිය ඇල්ල සමීපයට නොගොස් සිටියද කඩාහැලෙන දියපහර සුළඟ සමඟ ඔබ ළඟටම පැමිණ ඔබව තෙමනු ඇත. මෙය නම් ඉතා සුන්දර කුඩා දුහුවිලි ඇල්ලකි. මෙම දිය ඇල්ලට විවිධ නම් භාවිත කළද පැරැණි ගම්වාසීන් මෙය කැකුණ ඇල්ල ලෙසම හඳුන්වයි. මෙය නැරැඹීමට හා දිය නෑමට යන්නේ නම් නිසැකවම ඔබට කූඩලු පහරදීම්වලට ලක්වීමට සිදුවේ. දෙපතුලේ සිට කෙසේ හෝ නැඟ ලේ උරා බොන කූඩැල්ලන්ට නම් මෙය රජදහනකි.

රක්කනාව ඇල්ල (පුංචි ෆැට්නා)
දැරණියගල නගරයේ සිට නූරිය මාර්ගයේ කිලෝමීටර හයක් ගොස් මඩවල හන්දියෙන් වමට හැරී තවත් කිලෝමීටර දෙකක් පමණ ගිය පසු මේ සුන්දර පුංචි ෆැට්නාව, රක්කනාව ඇල්ල හමුවේ. අද වන විට මෙම ස්ථානය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධවී හමාරය. සති අන්තයේ අගනගරයේ සිටම පැමිණෙන සංචාරකයන්ගෙන් පිරී පවතී. ඉතා ආරක්ෂිතව දිය නෑමට හැකි නිසාත් අවට පරිසරයේ ඇති සුන්දරත්වය නිසාත් ප්‍රසිද්ධවී ඇත. දෙණියායේ ප්‍රසිද්ධ ෆැට්නා ඇල්ලට පෙනුමෙන් ඉතා සමාන රක්කනාව ඇල්ල මීටර 500ක් පමණ එකම ගල් තලාවක් දිගේ ගලා එයි. එහි ඇති පාසි හා ජලජ ශාක නිසාවෙන් ලිස්සනසුලුය. කුඩා දරුවන්ට ආරක්ෂිතව ලිස්සා ඒමට කදිමය. මෙම ඇල්ල වටාම විශාල කඳුවලින් වටවී ඒ කඳු මත රබර් සහ මැයිමාර ගස්ද, ඒ මත එතුණු යෝධ පුස් වැල්ද නිසාවෙන් අවට සුන්දරත්වය තවත් වැඩිවී ඇත. සබරගමුවේ දැකිය හැකි බිනර මල්, විවිධ උඩවැඩියා ප්‍රභේද, ඇල්ල ආශ්‍රිතව සිටින ලංකාවට ආවේණික ගල්පර මැඩියන්ද හොඳින් බලන්නකුට පෙනේ. ජනප්‍රවාද අනුව මේ ස්ථානයේ ඇතෙක් බරට වස්තුව සඟවාගෙන ගඟ ඔහේ ගලා යයි. වසරකට එක් වතාවක් රත්තරනින් නිමැවු ඇඳක් සහ පෙට්ටගමක් ගඟෙන් මතුවන බව පැවැසේ. රාත්‍රී කඳවුරු බැඳීමටද මෙම ස්ථානයේ ඉඩකඩ ඇත. පිරිසුදු සිසිල් ජලය නිසාවෙන් ජල අවශ්‍යතාව මෙයින්ම සපුරාගත හැකිය. සුප්‍රසිද්ධ වෙළෙඳ දැන්වීම් කිපයක්ද මේ ආශ්‍රිතව නිෂ්පාදනය වී ඇත. ඔබ මෙහි පැමිණියහොත් ඔබට එය නිසැකවම සිහියට එනු ඇත.

මිනුවන් ඇල්ල
මෙය නම් දිය ඇලි දාමයකි. දැරණියගල සිට නුරි පාරේ කිලෝමීටර පහක් පමණ ගිය පසු හමුවන අංහෙට්ටිගම නාගහ වැටිය හන්දියෙන් දකුණට හැරී නව සිරිපා මාර්ගයේ තවත් කිලෝමීටර තුනක් ගිය පසු විශාල තේ වත්තක් මැදින් වැටී ඇති අඩි පාර ඔස්සේ කිලෝමීටරයක් ඇවිද ගිය පසු මෙම දිය ඇලි දාමය හමුවේ. අද වන විට විදුලි බලාගාරයක් තනා පරිසරය විනාශ කර ඇතත් තවමත් සුන්දර දිය ඇලි සහ අවට පරිසරය නෙතට සේම සිතට සිසිලසක් ගෙනදෙයි. ප්‍රවේශ මාර්ගයක් හරියාකාරව නොමැති නිසාවෙන් සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් පවතී. එකින් එක කඩාහැලෙන පළල් දිය ඇලි තට්ටු පහක් පමණ මෙහිදී දැකගත හැකිය. අවසන් දිය ඇල්ලේ දකුණු අත පැත්තෙහි විශාල ගල් ගුහාවක්ද පිහිටා තිබේ. එහි මිනිසුන් පන්සියයක් පමණ රැස්කර තැබිය හැකිය. දිවියන්, ගෝනුන්, හාවුන්, කබල්ලෑවන්, ඉත්තෑවන් මේ පරිසර කලාපයේ ජීවත් වේ. හොඳින් නිරීක්ෂණය කිරීමේදී එම සතුන් දැකගත හැකිය. ශ්‍රී පාද රක්ෂිතය මායිම්ව පවතින නිසා දිවියන් පැමිණීමද සුලබය. මෙම ඇල්ලේ සිට පහළට ගමන්කිරීමේදී ඔබට දුර්ලභ වීර, දං, පළු, කෝං, හිඹුටු වැනි ඒක දේශීය පලතුරු රසවිඳිය හැකිය. අවට පිළිබඳ හොඳින් දන්නා අයකු සමඟ යන්නේ නම් ඔබේ සංචාරය බොහෝ සාර්ථක වේ. බඳින තුවක්කු පිළිබඳ නිතර අවධානය යොමුකරන්න.

රාක්ක ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම්ව පොල්ගස්වත්ත ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දිය ඇල්ල මීටර පහළොවක පමණ උසකින් සමන්විතය. දිය ඇල්ල අංහෙට්ටිගම නාගහවැටිය හන්දියෙන් නව සිරිපා මාවතේ කිලෝමීටර දහයක් පමණ ගිය විට හමුවන මාර්ගයට මඳ දුරක් එපිටින් රක්ෂිතය තුළ පිහිටා ඇත. මෙම ඇල්ල විවිධ හැඩයන්ගෙන් ඉහළ සිට ගල් කුළු මත වැටී විසිරී කඩා හැලෙයි. ඇල්ලේ ඉහළට යන අයකුට ඈතින් මුළු සිරිපා රක්ෂිතයම හා සප්තකන්‍යා කඳුවැටියම දැකගත හැකිය. ඇල්ල අවට පස තෙත් සහිත බව වැඩිවීම නිසා සර්පයන් වැඩි වශයෙන් ගැවසේ. කුණකටුවා, පොළොංතෙලිස්සා වැනි සර්පයන් නිසා සංචාරයේදී කල්පනාකාරී වන්න. පොළොංතෙලිස්සකුගේ පහරදීමකින් මා යන්තමින් බේරුණේ විමසිලිමත්ව ගිය නිසාවෙනි.
මෙහි ඇති සියලුම දිය ඇලි එක් දිනෙකදී නැරැඹීමට නම් ඔබ උදෑසනින්ම යායුතුය. කාලය කළමනාකරණය කරගැනීමට හැකි වුවහොත් ඔබට අවට තිබෙන වෙනත් සංචාරක ස්ථානද දැකබලා ගැනීමට හැකිය. දැරණියගල නගරයේ සිට කිලෝමීටර තුනක් ගිය පසු පිහිටා තිබෙන ඓතිහාසික සුමනසමන් දේවාලය වැඳපුදා ගැනීමට හැකිය. වාර්ෂිකව අලංකාර පෙරහැරවලින් සමන්විත උත්සව හා ආගමික කටයුතු එහි සංවිධාන කෙරේ. මෙම දේවාලය දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍රවී ඇති ස්ථානයකි. රත්නපුර සමන් දේවාලයේ ශාඛා දේවාලයක් ලෙස පවතී.

දැරණියගලදී ඔබට ලංකාවේ උසම කමිබි පාලමද දැකිය හැකිය. දැරණියගල නගරයේ සිට නූරිය මාර්ගයේ කිලෝමීටර හයක් ගිය පසු දකුණු පසින් පිහිටා ඇති මෙය පැරැණි කමිබි පාලමක් වුවද තවමත් එය සුන්දරය. ශක්තිමත්ය. මීටර හැටක් පමණ දිග පාලම ගමන් කිරීමේදී සෙලවුණද ආරක්ෂිතය. පාලමේ මැද සිට පහළ බලන අයකුට තට්ටු හතරක් උස ගොඩනැඟිල්ලක සිට පහළ බලන බවක් සහ භීතියක් ඇති වේ. කමිබි පාලමේ සිට මඳ දුරක් මාලිබොඩ මාර්ගයේ ගිය පසු ඇලි හත හා පුවක්මල් ඇල්ල, ඇලි හත දිය ඇලි දාමයටද පිවිසිය හැකිය. අප එම සුන්දර අත්දැකීම මීට පෙර ‘මව්රට’ හොලිඬේ තුළින් ගෙන ආවෙමු. ප්‍රසිද්ධ ලක්ෂපාන දිය ඇල්ලටද දැරණියගල නගරයේ සිට වැඩි දුරක් නැත. අංහෙට්ටිගම නාගහවැටිය නව සිරිපා මාවතේ ගිය පසු ලක්ෂපාන දිය ඇල්ල සහ ඇබර්ඩීන් දිය ඇල්ල නැරැඹීමට යා හැකි පහසු මාර්ග ඇත. තවද දැරණියගල නගරයේ සිට කුරුවිට නගරයට කෙටි මාර්ගයක් ඇති බැවින් බෝපත් ඇල්ලටද කෙටි වේලාවකින් ළඟාවිය හැකිය. පොදු ප්‍රවාහන සේවාද ක්‍රියාත්මකය. ඨදදටකැ සිතියම් අධ්‍යයනයෙන් ඔබට තව තවත් එය තහවුරු කරගැනීමට හැකිය.

මාකන්දා රක්ෂිතය, එහි පිහිටා තිබෙන මකුළු ඇල්ල, ලේන්තිරි ඇල්ල සහ කැලණි ගඟේ රාෆ්ටින් සංචාරවලටද දැරණියගල සිටම යා හැකිය. මඟපෙන්වන්නකු නොමැතිව වුවද කෙටි මාර්ග ඔස්සේ ඔබට ගමන් කළ හැකිය. ශ්‍රී ලංකාවේ හොඳම තේ නිපදවන දැරණියගල නූරිය තේ කර්මාන්ත ශාලාවද, නූරිය සරස්වති අම්මාන් කෝවිලද නැරැඹීමට අමතක නොකරන්න. එයත් එහි පරිසර කලාපයත් ඔබට නවමු අත්දැකීමක් ගෙන එනු ඇත.

එක් කලෙක සංචාරයට නොව වාසය කිරීමට පවා වාතාවරණයක් නොතිබූ දැරණියගල මුදා නොගත් ප්‍රදේශයක් ලෙස හැඳින්වීය. දැව ජාවාරම්කරුවන්ගේ සහ බලපුළුවන්කාරයන්ගේ රජ දහනක් වූ දැරණියගල දැන් සාමකාමීය. අත්තනෝමතික දේශපාලන තීන්දු නිසාවෙන් තවත් වසර කිහිපයකින් දැරණියගල සංචාරක පුරවරය විනාශ කර ජලාශයක් බවට පත්කර ගැනීමට පිඔුරුපත් සකසා වැඩ ආරම්භ කර ඇත. එබැවින් යටවී විනාශවී යෑමට මත්තෙන්,
එන්න… සැඟවී ඇති දිය ඇලි හා සංචාරක ස්ථාන නරඹන්න….
කෙසේ වෙතත් සංචාරයේදී පරිසරය ආරක්ෂා කරගැනීමට වගබලා ගන්න.

ඉඳුන් සම්පත් දැරණියගල

SendShareShare
Previous Post

ඇල්ලේ සැප දවසකට ලෙවොන්

Next Post

මීදුම අතරින් කෝච්චියේ එන්න

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.