• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

හෙල්ලෙන් නැති එකම ඇල්ල

August 28, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
හෙල්ලෙන් නැති එකම ඇල්ල
Share on WhatsAppShare on Facebook

සීතලේ හිමිදිරියේ කිතල් ඇල්ල දුම්රිය ස්ථානය අසලින් ගමන් අරඹා පැයක පමණ කාලයක් තිස්සේ යන අරුමැසි ගමනත්,මිහිදුම අතරින් සීතල යුරෝපියානු වනයක වසන්ත සමයක ගමන්කරන්නාක් වැනි අත්දැකීමත්, වලාකුළු ගිලගත් මිටියාවත් රන්පැහැ ගන්වමින් නැඟෙන හිරු රැසේ පහසත් විඳ ගැනීම ශ්‍රී ලාංකිකයකු විසින් අනිවාර්යයෙන්ම විඳගත යුතුමය.
රාත්‍රි තැපැල් දුම්රියෙන් පැමිණ කිතල් ඇල්ලෙන් උදෑසන 5 හෝරාව පසුවෙද්දී චතුරංග අයියාත් මමත් ඉසුරුත් ඇල්ල රොක් තරණය ආරම්භ කළෙමු. පාර කීමට ගමන් සගයකුද මගදී එකතු විය. සුනඛ මිතුරාද පෙරටු කරගනිමින් මගදෙපස සුන්දරත්වයද විඳගනිමින් අප ඉදිරියට ඇදුණෙමු.

විදෙස් සංචාරකයන් විශාල පිරිසක්ද අප සමග එක හැල්මේ ඇල්ල ඉහළට ගමන් කළහ. ගමන් මගේ තැනින් තැන නවතිමින් දකින සිරි විඳගැනීම ගමන් විඩාව එකෙනෙහිම දුරුකරලීමට සමත්වේ. පැයක පමණ ගමනක අවසානයේ ප්‍රධාන දර්ශන පථය වෙත ළඟාවීමට හැකිවිය. අතොරක් නැති හරිත වන තීරයේ ගිලුණු වලාකුළුත්, සීතල මීදුම් රොටුත්, රන්වන් පැහැගන්වමින් මෝදු වන සූර්යයා දෙසත්, නිසොල්මනේ ජීවය සොයා ගෙන දාහය පිසලන සිහිල් සුළං රැල්ලේ පහසත් ලබමින් ගත කළ හෝරාව දැනුදු සිත්තුල මතකයේ එලෙසටම රැඳී ඇත. මේ ස්ථානයට මීළඟ ගමනාන්තය වන පුංචි ශ්‍රීපාදයද මනාවට දිස්වේ.

ප්‍රධාන දර්ශන පථයෙන් අනතුරුව රාවණා ඇල්ල වෙත ඇදෙන පටු පාරක් දිගේ ගමන් කළ අප දෙවන දර්ශන පථයට ළඟාවුණෙමු.ඇල්ල වැල්ලවාය මාර්ගයත්, රාවණා ඇල්ලේ කොටසකුත් අංශක 270ක පරාසයක කඳු මිටියාවත් සපිරි පහළ හරිත කලාපයත් මෙහිදී දැකගත හැක. ආසන්නව පැවති ගුහා ද්වාරයෙන් නෂ්ටාවශේෂ වූ වෙහෙරක සලකුනු දැකගත හැකි විය.
නැවත ආ මගේම පයිනස් යායන් අතුරින් ගමනේ යෙදී පැයකට ආසන්න කාලයකින් දුම්රිය මග දිගේ කිතල් ඇල්ල දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානයට දුම්රිය මගදිගේ පැමිණි සුන්දර ගමනද මතක ගොන්නේ අපූර්ව සිහිවටනයකි. ඇල්ල නගරයට පැමිණි අපට ඇතිවූයේ විදෙස් නගරයකට පැමිණි හැඟීමකි. විදේශිකයන් ලංකාව කෙරෙහි ඇති ඇල්ම තේරුම් ගැනීමට ඇල්ල නගරයටම පැමිණිය යුතුය.

ඇල්ල පස්සර මාර්ගයේ කිලෝමීටර දෙකකට ආසන්න දුරක් ගමන් කිරීමෙන් අනතුරුව කසඑඑකැ ්ා්ප‘ි චැ්න වෙත ගමන් කරන මාර්ගයට ළඟාවිය හැක. තවත් කිලෝමීටර 2ක පමණ පාගමනකින් මානා පදුරු, තෘණ ගහන අපූර්ව පරිසර පද්ධතියකට යොමුවිය හැක. එක් පසෙකින් විදෙස් සංචාරකයන්ගේ ලාංකික ආකර්ෂණය දිනාගත් 98 ්ජරුි රුිදරඑ ) ිච් සංචාරක නිකේතනයයි. අනෙක් පස ඇල්ල රොක් ගුවන සිප ගනිමින් සිටී. හුළං ප්‍රවාහයන් අතරින් විටෙක් ශීඝ්‍ර නැග්මකින්ද, ශීඝ්‍ර බැස්මකින්ද යුතු තරමක කර්කශ සංචාරක ස්ථානයක් ලෙස පුංචි ශ්‍රීපාදය හැඳින්විය හැක.

දෙස් විදෙස් සංචාරකයන්ගේ සමාජජාල ගත ජායාරූපකරණයන්හි තෝතැන්නක් ලෙස ඇල්ල නගරාශ්‍රිත මෙම පරිසර පද්ධති දැක්විය හැක. අපගේ කැමරා දත්ත පිරී යනතුරු ඡායාරූප හා වීඩියෝ ගත කිරීම් සිදුකළ බවද කිවයුතුමය. විදේශිකයන් බොහෝ පිරිස් සොම්නසෙන් යුතුව ප්‍රදේශය පුරාවටම ඔබමොබ සංචාරයේ යෙදෙනු දක්නට ලැබිණි.
හිරු මුදුන්වීමත් සමග අප නැවත ගමන් ආරම්භ කළේ නාරංගල රාත්‍රි කඳවුරු බැඳීමේ අපේක්ෂාවෙනි.

අහස් වියනත් වලාකුළු වියනත් අතර කඳවුරු ලෑමට ලැබීම සෑම සංචාරකයකුටම නොලැබෙන අවස්ථාවකි. ගුවන් යානයක ගමන් ගන්නකුට පහළින් පෙනෙන භූ දර්ශනය කදු මුදුනක සිට දැකගැනීම නම් සැබැවින්ම ආශ්චර්යයකි. උදෑසන හිරුටත් පෙර අවදිවී වලා අතරින් මීදුම පලවා හරිමින් වලා තීරයට වැටෙන හිරු කිරණට මුලින්ම නැහැවීමට අප වාසනාවන්තයන් වූවෙමු. පතන බිම මානා පඳූරුවලට අරක් ගත් පිනි බිදු මීදුමට මුසුව බොඳව යද්දී ලෝකයට ඉහළින් ලෝකය දෙස නිවී සැනසිල්ලේ බැලූ අලුත්ම වෙනස්ම උදෑසනක් ඇරඹී තිබිණි.

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හාලිඇළට පැමිණ කන්දෙගෙදර කීණකැලේ හරහා නාරංගල කඳු මුදුන වෙත ළඟාවිය හැක. කීණකැලේ ගම තේ කර්මාන්තය කරගත් සුළු ගම්වාසී පිරිසකගෙන් යුත් කුඩා ගම්මානයකි. ගමේ පිහිටි කුඩා කෝවිල අසලින් ඇරඹෙන ගමනාරම්භය තේ වතු ඔස්සේ ඉදිරියටය. අනතුරුව ටර්පන්ටයින් පයිනස් ශාක හෙවණේ මානා පඳුරු යායන්ගේ සමන්විත තරමක් සීග්‍ර නැග්මකි. කඳු මුදුන නම් එළිමහන් හරිත යායකි.මානා පඳුරු තෘණ ගහන බිම් ස්තරය එකයායට විහිදී පවතී.

උඩවේරියකඳු, බෙරගල, නමුනුකුල, ඉදල්ගස්හින්න ආදී ඌව පළාතේ කඳු අතරින් කඳුනගින්නන්ගේ දැඩි ආකර්ෂණයට ලක්වූ නාරංගල උසින් මීටර 1527 ක අගයක් ගනී. ඒ ඌව පළාතේ කඳු වර්ගීකරණයට අනුව හයවන ස්ථානය හිමිකර ගනිමින්ය. දකුණු දෙසට විහිදෙන පහත් බිම් නිසාවෙන් කඳු මුදුනේදී දකුණු නැඟෙනගිර වෙරළ දක්වා වූ පුළුල් දර්ශන පථයක් දැකගත හැක. තෘණ හා මානා පිහිටි බිමේ අපූර්වත්වයත්, නෙත් සිත් පැහැරගන්නා ස්වභාවිකත්වයත්, ළඟාවීමේ පහසුවත් නාරංගල මුදුනේ කඳවුරු ලෑමට බොහෝ දෙනා යොමුවීමට හේතුවේ.

මධ්‍යම කඳුකරයේ අවසානය ඌව පළාතෙන් සිදුවන බැවින් වියළි බවින් යුත් කාලගුණික තත්ත්වයක් නාරංගල කන්ද ආශ්‍රිතව පවතී. එබැවින් අධික වියළි කාලගුණික තත්ත්වයන් යටතේ වසරකට වරක් හෝ ස්වභාවික ලැව් ගිනි ඇතිවීම හාවගල වංගෙඩිගල මෙන්ම නාරංගල ද දැකගත හැක.

කඳුමුදුනේ ටකරන්වලින් නිමවා ඇති වෙහෙරකි. වර්තමානයේ ගම්වාසීන් එහි නිතර නොපැමිණෙන බවක් දිස්වන්නේ ප්‍රතිසංස්කරණ මට්ටමේ චෛත්‍ය පැවතීම නිසාවෙනි. නාරංගල උස්ම ස්ථානයේ වෙහෙර පිහිටුවා ඇත. කන්ද තරණය ඉර මුදුන් වීමට පෙර හෝ ඉර මුදුන්ව බැස ගිය සැඳෑ කාලයක සිදුකිරීම වඩා යෝග්‍ය වන්නේ එළිමහන් ක්‍රීඩා පිටියක් බඳු කඳුබිමට දැඩි හිරු රශ්මිය සෘජුවම එල්ලවන බැවිනි. ප්‍රමාණවත් පරිදි ජලය රැගෙන යාමද සිදුකළ යුතුය.

අකිල දහනායක

SendShareShare
Previous Post

බාලි බලන්න කාලෙ හරි

Next Post

සීතාවක බලන්න රාජසිංහ කෝවිලට එන්න

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
Sri Lanka Latest News
Exclusive

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

නුවරඑළිය තැපැල් කාර්යාලයේ උඩු මහළ විදේශීය සංචාරකයින්ට නැවතුම්පලක් ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News...

Read more
මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.